IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘ආරක්ෂාව සාර්ථකදැයි තීරණයවන්නේ තොරතුරු භාවිතකරන ආකාරය අනුවයි’

(හර්ෂණ තුෂාර සිල්වා)

ආරක්ෂාව සම්බන්ධයෙන් අපගේ සාර්ථකත්වය තීරණය වන්නේ තොරතුරු ලැබෙන්නේ කෙසේද එම තොරතුරු භාවිත කරන්නේ කෙසේද යන කරුණු මත යැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොළඹදී අද (29) පැවැසීය.

‘සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය’ යන තේමාව යටතේ ආරම්භ වූ ‘කොළඹ ආරක්ෂක සමුළුව 2019’ අමතමින් යුද හමුදාපතිවරයා එම කරුණු සඳහන් කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ ද කීය.

“කොළඹ ආරක්ෂක සමුළුව ආරම්භ කරන ලද්දේ 2010 වසරේදී බවත් මෙවර සමුළුව පැවැත්වෙන්නේ අඛණ්ඩව නවවැනි වරටයි. කොළඹ ආරක්ෂක සමුළුව ආරම්භ කරන ලද්දේ අපේ අත්දැකීම් බෙදාහදා ගැනීමටයි. අපේ සාර්ථකත්වය පමණක් නොව අප මුහුණ දෙන අභියෝග ද බෙදාහදා ගැනීම අපේ අරමුණයි. අද තොරතුරු යුගයක් නිර්මාණය වී තිබෙනවා. තොරතුරු යුගයේදී සාර්ථකත්වය තීරණය වන්නේ තොරතුරු ලැබෙන ආකාරය, තොරතුරු කළමනාකරණය, භාවිත කිරීම සහ ඒ තොරතුරු භාවිත කරමින් ක්‍රියාත්මක වන ආකාරය මතයි. ඒ නිසා එකම විදියට හිතන පතන ජාතීන් සමඟ තොරතුරු බෙදා හදා ගත යුතු බව අපි දැඩි ලෙස විශ්වාස කරනවා. 

ලෝ ප්‍රකට විද්‍යාඥයකු වන ඇල්බට් අයින්ස්ටයින්ගේ ප්‍රකාශයක් සිහිපත් කරන්න කැමැතියි. “තුන්වැනි ලෝක යුද්ධයට භාවිත කරන ආයුධ මොනවදැයි මං දන්නේ නැහැ. හැබැයි හතරවැනි ලෝක යුද්ධය කරන්න වෙන්නේ ගල් සහ මුගුරුවලින්” යැයි ඔහු කීවා. 

අද වනවිට අපි රොබෝ කාලසීමාවකට, රොබෝ යුගයකට පැමිණ සිටිනවා. අපට තාක්ෂණය වැළැඳගන්නට සිදුව තිබෙනවා. අයින්ස්ටයින්ගේ ප්‍රකාශය සිහිපත් කළාම ප්‍රශ්න කිරීමකින් තොරවම තාක්ෂණය වැළැඳ ගැනීම ගැන මම ටිකක් පසුබට වෙනවා. ඒ ගැන දෙගිඩියාවක් ඇති වෙනවා.  ආරක්ෂාව සම්බන්ධයෙන් මනුෂ්‍යයන්ගේ මැදිහත්වීම ඉතා ඉක්මනින් හෝ අපරීක්ෂාකාරී ලෙස ලිවිය හැකි දෙයක් නෙමෙයි. 


ව්‍යාපාර ලෝකය සමාගම් ලෝකය හිතන විදිය ගැනත් මට මතක් වෙනවා. මිනිස්සු,  ග්‍රහයා මහ ලාභය යනුවෙන් ව්‍යාපාර ලෝකයේ සංකල්පයක් තිබෙනවා. ත්‍රිපල් බොට්ම් ලයින් යනුවෙන් එම සංකල්පය නම් කර තිබෙනවා. නව්‍ය යුගයේ ආරක්ෂාවත්, ආරක්ෂාවේ අනාගතයත් එවැනි සංකල්ප අනුගමනය කළ යුතු බව මම දැඩි සේ විශ්වාස කරනවා. එසේ කළත් හමුදාවේ අනන්‍යතාව ආරක්ෂා කළ යුතුයි. ස්වෛරී රාජ්‍යයක ස්වකීය ආරක්ෂකයා වන්නේ හමුදාවයි. ජාතිය ගොඩනැගීමේදී ඒ රටේ හමුදාව ඉතා සුවිශේෂී වගකීමක් සහ භූමිකාවක් ඉටු කරනවා” යැයිද යුද හමුදාපතිවරයා පැවසීය.
 
(ඡායාරූප - ළහිරු හර්ෂණ) 



අදහස් (2)

‘ආරක්ෂාව සාර්ථකදැයි තීරණයවන්නේ තොරතුරු භාවිතකරන ආකාරය අනුවයි’

චමින්ද ජයනාත් ජයසූරිය Thursday, 29 August 2019 10:56 AM

මම හිතන්නෙ මෙම වචන වල ගැඹුරු අප රටෙහි හමුදාමය ව්‍යුහය තුලටත් මනාව උපයෝගි කොට ගත්හොත් අප රටේ රණවිරුවන් පිරිස ලොව සිටින සුපිරිතම හමුදාවක් බවටත්... අප රටෙහි අාරක්ෂාව ලොව ඇති ප්‍රභලම ආරක්ෂක සැලැස්මක් ලෙසටත් පරිවර්ථනය කල හැකියැයි කියා.... මම හිතන්නෙ මෙතුමට ඒ සදහා හැකියාව ඇතැයි කියා... මොකද අනාගත ආරක්ෂක අභියෝග වලට මුහුණදීමට වඩාත් වැදගත් වන්නෙ සුපිරි අවිවලටත් වඩා නිවැරදි තොරතුරුයැයි අතීතය දෙස බලන විට අපට මනාව පසක් වන නිසා....

:       0       1

හෙළ හඬ Thursday, 29 August 2019 10:59 AM

මෙතුමා ගැන අමුතුවෙන් කිව යුතු නෑ. රටේ ආරක්ෂාව ගැන යුධ හමුදාවේ දායකත්වය ගැන දෙමාපියන් සේ ව්ශ්වාසයි. ගෝඨාභය මැතිතුමා සමඟ මොවුන් අපේ රට රැකගෙන පෙන්වුවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 63 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 48 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 74 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 272 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 432 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 150 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 766 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site