(තිළිණි ද සිල්වා)
දිය මත ලිස්සා යාමේ වැඩසටහන (surfing) ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම තුළින් අරුගම්බේ නව සංචාරක කලාපය කෙරෙහි ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ශණය සහ අවධානය දිනාගැනීමේ වැඩසටහනක් ආරම්භ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (21) පැවසීය.
කොවිඩ් වසංගතයෙන් ආරක්ෂිත කළාපයක් ලෙස ආරම්භ කෙරෙන ඉදිරි සංචාරක ප්‍රවර්ධන ක්‍රියාදාමය යටතේ අරුගම්බේ ප්‍රදේශය ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් ප්‍රමුඛතම ස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
ඒ අනුව දිය මත ලිස්සා යාමේ පුහුණු සැසි පැවැත්වීම, දියමත ලිස්සා යාමේ තරඟ පැවැත්වීම සහ ඒ පිළිබඳව ලෝකය පුරා ප්‍රචාරණය කිරීම වැනි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් අරුගම්බේ සංචාරක කලාපය පිළිබඳව දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය යොමු කර ගැනීමට අපේක්ෂා කෙරෙන බව සංචාරක අමාත්‍යවරයා සඳහන් කළේය.
නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන තුළින් එම ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයින්ගේ ජීවන මට්ටම ඉහල නැංවීම මෙන්ම සමස්ථයක් ලෙස ආරුගම්බේ සංචාරක කළාපය සංචාරකයින්ගෙන් බහුල කළාපයක් බවට පත්කිරීමට අපේක්ෂා කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා රජය රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කොට ඇති අතර නව සංචාරක කලාපයක් ලෙස ගැසට් කිරීමත් සමගම එම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආයතන ගනනාවක නියෝජිතයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කල බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
ප්‍රවාහන අමාත්‍යංශය, සංචාරක අධිකාරිය, වනජීවී හා වන සම්පත් දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය,විදුලි බල මණ්ඩලය වැනි ආයතන වල නියෝජිතයන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.
ඒ යටතේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන ආරම්භ කර ඇති අතර මීට අමතරව ආරුගම්බේ සිට ප්‍රාදේශීය සංචාරක ගමනාන්ත දක්වා විශේෂ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.
අරුගම්බේ සංචාරක කලාපයට ආසන්න මුහුදු මහා විහාරය ,පොතුවිල් ,පානම, කුමන කුරුළු අභය භූමිය වැනි සංචාරක ස්ථාන සහිත ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන ඇතැයිද සංචාරක අමාත්‍යාංශය කියා සීටී.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ආරුගම්බේ සංචාරක කලාපයට සංචාරකයින්ගෙ වැඩි ආකර්ෂණයක්
පප්ප Thursday, 22 July 2021 05:56 AM
කොල්ලො අර ගනුදෙනුව ඉවර කර ගත්තැයි.අර රටටම ඇහෙන්න බොහොම ශාන්ත විදියට ඉල්ලුව.