(සුජිත් හේවාජුලිගේ )
ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුණහොත් යළි සීමා පැනවීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය
ජනතාව වගකීමකින් තොරව හැසිරෙනවා නම් අකමැත්තෙන් වුවත් නැවත සීමාවන් පැනවීමට සිදුවන බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝගය පැතිරෙන ආකාරයට පැවැත්වුණු උත්සව, සාද ,මංගල කිහිපයක් වාර්තාව වූ බවද සඳහන් කළේය
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
“ආසාදිතයන් වැඩි වුණොත් යළි සංචරණ සීමා පනවන්න වෙයි’’
Bandara Sunday, 07 November 2021 09:13 AM
දැන් හොඳටම විහිළු කලා ඇති දොස්තර මහත්තයෝ. ඔයාලා ඇතුළු රජයේ සේවකයන්ට වැඩ කලත් නොකලත් ආණ්ඩුව සල්ලි අච්චු ගගහා හරි පඩි ගෙවනවා. මේ රටේ වැඩිපුර ඉන්නේ දවස් පඩියට වැඩ කරන, ස්වයං රැකියා කරන, පොඩි කඩ කරන මිනිස්සු. විශාල කම්පණි කීපය ඇරුණාම පෞද්ගලික අංශයේ ආයතන ගොඩක් දුවන්නේ රිම්වලින්. ආයි පාරක් එක එක සීමාවන්, නීති දානවා කියන්නේ කබලට වැටිලා ඉන්න මිනිස්සු ලිපට වැටිලා පිච්චිලා අළු වෙලා යන එක. ඒ හින්දා රටේ මිනිස්සු දැන්වත් කොරෝනා එක්ක ජීවත් වෙන්නේ පුළුවන් වැඩසටහනක් හදන්න.
Sriland Sunday, 07 November 2021 11:51 AM
රට කන්න එපා... කොරෝනා කියන්නේ තනිකරම ගේමක්... ජාවාරමක්...
ඉන්දික Sunday, 07 November 2021 11:57 AM
මංගල උත්සව සංවිධායකයෝ, ඒවගේ සින්දු කියන කට්ටිය, හෝටල් අයිතිකාරයෝ, සනසන්න නීති ලිහිල් කළා.. දැන් කෑගහනවා ලෙඩ්ඩු වාර්තා වෙනවා වැඩියි කියලා.. මේක හෝද හෝදා මඩේ දාන කොරෝනා මර්දනයක් ... අනික මේ තියන නීති තදින් ක්‍රියාත්මක කළා නම් මේක වැඩි වෙන්නේ නෑ.. බස් වල, කොච්චි වල සෙනග පටවන් යන ඒවා බලන්න කවුරුත් නෑ. කාර්යාලවල සේවකයෝ පිරිලා, එකට කෑම කනවා, ට්‍රිප් යනවා... ඒවා බලන්න නෑ... ඉස්පිරිතාල වල දිග පොළිම්... කඩවල් පිරිලා. මිනිස්සුන්ට ඕන විදිහට පිස්සු කෙලින්න ඉඩදීලා අන්තිමට මිනිස්සුන්ට බනින පිස්සු නිලධාරීන්, බලධාරීන් ඉන්න රටක් මේක...
Buddika Sunday, 07 November 2021 03:26 PM
සංචරණ සීමා කොහෙද තිබ්බේ...? මිනිස්සු රට වටේ ගියා. ඇඳිරි නීතිය විහිළුවක් වුණා.. මේ ආන්ඩුව සියලුම අංශවලින් අසමත්...
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 November 2021 04:03 PM
බොහෝ වෙළෙන්ඳන් හා සහායකයන් මාස්ක් දමන්නේ බෙල්ලට. පාරේ යන ඇතැම් දෙනාද එහෙමයි. පොලිසිය දුටු විගස මාස්ක් එක මුඛය හා නාසය වැහෙන්න දමනවා. මේ ආකාරයට වෛරසය ව්‍යාප්ත වීමේ ක්‍රම ක්‍රියාත්මක වෙනවා. කොපමණ නීති දැන්මත් රටේ ජනතාව ඒවා හරිහැටි ක්‍රියාත්මක කිරීම නොකරන්නේ නම් ඉන් ඵලක් නොවේ.
SalindaSunday, 07 November 2021 05:23 PM
ඒ අය විතරයිද වගකීමක් නැතුව හැසිරෙන්නේ? වැදිබණ කියනවාට වැඩිය පුරවැසියෙක් විදියට තමන්ගේ වගකීම තමන් කරන්න පුරුදු වෙන්න මහත්මයා...
සමිත සේනක අලුත්ගමගේ.Sunday, 07 November 2021 07:28 PM
ඒ අය විතරක් නොවන බව අනිත් අය ලියූ දේවල් වලින් ඔබතුමාට බලාගන්න පුළුවන්.හැමෝම එකම දේ නැවත ලියන්න ඕනේ නැහැ.අපේ යුතුකම අප කරනවා.කව්ද වැදි බණ කියන්නේ ... මා පවසා ඇති සත්‍ය දේ හරිහැටි වැටහෙන්නේ නැත්තේ, ඔබතුමාගේ බුද්ධියේ කිසියම් අඩුපාඩුවක් ඇති නිසා යැයි හැඟේ.අනුන් ලියන දේට ඇඟිලි ගහන්නට ප්‍රථම, කාටත් යමක් ඉගෙනගන්න තමන්ගේ කියා යමක් ලිවීමට එඩිතර වන්න.
විපරමා Sunday, 07 November 2021 06:46 PM
මොන දේ කිව්වත් වැඩක් නැහැ. තමුන්ගේ ආරක්ෂාව තමුන්ම සලසා ගන්නවා හැරෙන්ඩ ?
Demuni Uduwara Monday, 08 November 2021 02:08 AM
උත්සව පවත්වන පාලකයින්ට කියන්න...!