IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක් ගන්න යයි

(තිළිණි ද සිල්වා)

කොවිඩ් -19 වයිරසයේ බලපෑම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්ට රජය ලබා දුන් සහනය මෙතෙක්  නොලැබූණු  අය වෙත ද කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (24) පැවසීය. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 100 ක මුදලක් ලබාගෙන සංචාරක ක්ෂේත්‍රයේ නියුතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත සහන සැලසීමට ද රජය කටයුතු කරමින් සිටී.
 
මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන්  ඉදිරි පියවර ගනිමින් සිටින බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
මීට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් සඳහා එක් පුද්ගලයෙකුට රුපියල් 20,000 ක මුදලක් එක්වරක් ගෙවීම, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි රියදුරන් සදහා රුපියල් 15,000 බැගින් එක්වරක් ලබාදීම මේ වන විට ක්‍රියාත්මක වන අතර ලියාපදිංචි නොවූ රියදුරන් කඩිනමින් ලියාපදිංචි කර ඔවුන්ටද මෙම දීමනාව ලබා දීම කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
සංචාරක ක්ෂෙත්‍රයේ නියුතු ලීසිං පහසුකම් ලබාගත් වාහනවලට වසරක සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන් ද මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරි පියවර ගනිමින් සිටී. මීට අමතරව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය ලත් සංචාරක වාසස්ථාන වලට විදුලි හා ජල බිල්පත් ගෙවීමට ද සහන ලබා දීමට රජය කටයුතු යොදා තිබේ.
 
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්,ගමනාන්ත කළමණාකරන සමාගම් අවන්හල් , සංචාරක හිතකාමී ආහාර ගැනීමේ ස්ථාන , සම්බාහන සුවතා මධ්‍යස්ථාන, කුළු බඩු උද්‍යාන , සංචාරක සාප්පු හා ජල ක්‍රීඩා මධ්‍යස්ථාන ඇතුලු ආයතනවල සේවක සේවිකාවන්ට මාස 6ක  කාලයක් වැටුප් ගෙවීම සඳහා අදාල ආයතන හිමියන්ට සහන පදනම යටතේ ණය මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇති බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.



අදහස් (6)

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක් ගන්න යයි

thushara Thursday, 24 September 2020 07:48 AM

ගෙවමු ගෙවමු.. නහය උඩට වතුර ආවට පස්සේ ඉතින් ඔලුව උඩින් වතුර ගියා කියලා වෙනසක් නෑනේ..

:       0       11

sharm warn Thursday, 24 September 2020 08:07 AM

වැඩි පොලී.., වැඩි කොමිස්, එහෙම නම් ණයට පෙරට..

:       0       8

de silva Thursday, 24 September 2020 09:12 AM

සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යාපාරයට සහ එහි සේවය කළ සේවකයන්ට රජයෙන් ලැබුණු සහනයක් නැත. අපට නැතිවුණත් කමක් නැත. අපිට තියෙන දෙයක් කාලා බීලා ඉන්න පුළුවන්. මැදපෙරදිග අතරමංවෙලා ඉන්න අපේ සහෝදර විදේශ ශ්‍රමිකයන් ටික කඩිනමින් ලංකාවට ගෙනත් ඔය මුදල් යොදවා නිරෝධායනය කර ඔවුන්ගේ ජීවිත බේරාගන්න. සල්ලි වලට වැඩිය මනුෂ්‍ය ජීවිත වටිනවා.

:       0       8

kamal Thursday, 24 September 2020 09:48 AM

ණයට අත, අනාගතයට තිත..

:       1       6

wijitha Thursday, 24 September 2020 10:07 AM

අර, ඇඳගෙන ඉන්න අමුඩ ලේන්සුව ගලවලා ජටාවක ගහගත්තා වගේ.

:       0       7

Gaamaa Thursday, 24 September 2020 03:45 PM

ඉස්සර නම් මොරදුන්නේ විකුණනවා, උගස්තියනවා කියලා...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 608 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 495 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1727 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site