IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ආහාර බෙදාදීම ගැන මුහුණපොතේ අපහාස සටහන් පළ කළ අයෙක්ට පරීක්ෂණයක්

ඩි.ජී.සුගතපාල

බද්දේගම ප්‍රාදේශිය ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් ඊයේ සහ අද දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය බෙදාදිම අපහාසයට ලක් කරමින් මුහුණු පොතේ සටහන් තබන ලද පුද්ගලයෙකුට එරෙහිව සහකාර ප්‍රාදේශිය ලේකම්වරයා විසින් අද(28) සවස බද්දේගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මහජනාවට බෙදා දිම සඳහා ගෙනඑන ලද පරිප්පු සහ සැමන් නිලධාරින් විසින් බෙදාගෙන ඇති බවට මුහුණු පොතේ සටහනක් තබා තිබිණි.

එයට බද්දේගම ප්‍රදේශයේ බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වා ඇති බවත් මේ නිසා නිලධාරින් අපහසුවට පත්ව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා සහකාර ප්‍රාදේශිය ලේකම්වරයා විසින් මෙසේ පැමිණිලි කර ඇත.

බද්දේගම පොලිසිය විසින් සිද්ධිය සම්න්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (8)

ආහාර බෙදාදීම ගැන මුහුණපොතේ අපහාස සටහන් පළ කළ අයෙක්ට පරීක්ෂණයක්

de silva Saturday, 28 March 2020 05:34 PM

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ? යමක් අතමිට මොලවන්නේ නැතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් වැඩක් කරවගන්න නම් අමරුය , රජයේ නිලධාරියන් ගැන නම් 100% ගැරන්ටියක් දෙන්න බැහැ. නමුත් කලබල වෙන්නේ නැතුව මේ ගැන හොදින් හොයල බලන්න....

:       391       294

Sujeewa Saturday, 28 March 2020 06:31 PM

ද සිල්වා මහත්තයෝ, අපේ රටේ හරි වැඩක් කරන මිනිස්සුන්ටම තමා පද හදන්නේ. මතක නැත්ද ඔයාට 2015 ජනවාරියේ, ලම්බෝගිනි - රත්තරන් අස්සයෝ - ඩුබායි හෝටල් කියලා අපිට බොරු කියාලා, අපිත් - ඔබත් - රටත් ඇන ගත්තා පමණක් නොවී, අන්තිමට මහා බැංකුවත් හොරා කාලා, අපි කාපු පරිප්පුව. වැඩක් හරියට කරනකොට ඒවාට බොරු පද හදා - අවංක නිලදාරීන් තුල ඇති රැකියාවට තිබෙනා ආදරය නැති කරන්න එපා. එහෙම කරනා අය, කොරෝනා වලින්ම අපාගත වෙයි. ඒකයි ලෝක සත්‍ය.

:       2356       2233

KumarSunday, 29 March 2020 02:27 AM

ඔයගොල්ලන්ගේ ඇස්අන්ධ වුන සමහර අයට හොදට පෙනෙනවා. තමාගේ කොල්ලට රේස් යන්න කොටුවෙ රැකියා කරන සියලුම රජයේ සේවකයන්ට වරුවක් නිවාඩු දුන්න එක මතක නැද්ද?

:       0       1

Chandana - Australia Sunday, 29 March 2020 12:26 AM

කොහොමද දැන් වෙනස සැපද?

:       1       1

මුණසිංහ Sunday, 29 March 2020 01:28 AM

මා දන්නා තරමින් බද්දේගම ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය ඉතා හොද නමක් දිනා සිටි තැනක්. ඒ නම කැත කරන්න කවුරුහරි ගන්නා උත්සාහයක්ද? දන්නේ නැහැ.

:       1       1

de silva Sunday, 29 March 2020 02:11 AM

සුජීව මහත්මය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල වැඩකරන නිලධාරීන්ගෙන් 75% වැඩි පිරිසක් දුෂිත අකාර්යක්ෂම නිලධාරීන් (සියලන්නම නොවේ ) බව අනිවාර්යයෙන්ම සදහන් කල යුතුය , පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ , පාස්පෝර්ට් කන්තෝරු , අදායම් බදු දෙපාර්තමේන්තු , වැනි ස්ථානවල මෙම සංඛ්‍යාව මෙයට වැඩිය .

:       0       1

lalithm Sunday, 29 March 2020 03:48 AM

ඒ බඩු බෙදපු අයටත් සහන මිලට බඩු ගන්න අයිතියක් තියෙන්න ඕනේ. ඔවුන්ගෙන් යැපෙන්නන් පෝෂණය ඔවුන්ගේ වගකීමක්. අනිත් අය වගේම ඔවුන්ටත් තම රැකියාව නිසා ආහාර සොයා යාමට තිබෙන කාලය නැතිවෙනවා නොවේද? තමන් අමාරුවේ ඉන්න ගමන් අනිකට සේවය කරන්න බැහැ. සේවාවන් ලබාගන්න රාජ්‍ය පුද්ගලික ආයතනවලට සහ බැංකු වලට එන සමහරුන් හැසිරෙන්නේ සේවය දෙන්නා මුළුමනින්ම ඒ අයගේ වැඩ විතරක් කරන්න ඕනේ කියන ආත්මාර්ථකාමී විදියට. මේ ටිකේ අපි ඒක අත්විඳිනවා. තිරිසන්නු වගෙයි. විවේචනය තිබිය යුතුයි. එහෙත් අසාධාරණ විදියට නොවෙයි.

:       0       1

chinthaka Sunday, 29 March 2020 05:23 AM

මම පෞද්ගලිකව විශ්වාස කරනවා එසැණ තිරයෙනුත් එවැනි මිනිසුන් අධෛර්යමත් කරන ක‍්‍රියාවන්ට වැට බදියි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 457 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 146 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 157 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 626 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 213 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 659 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site