IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඇතුළු නුවර වැසියෝ පුරාවිද්‍යා නිලධාරීන් සිරකරගනිති

(බී. ජී. චතුරංග)
 
අනුරාධපුර පූජා නගරයේ ඇතුළු නුවරවැසියෝ අද (13) අනුරාධපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් එහි නිලධාරීන් කාර්යාල භූමියේ සිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
 
වසර 100කට ආසන්න කාලයක් පුරා අනුරාධපුර පූජා භූමියේ ඇතුළු නුවර  ජීවත්වන තමන්ට ජලය හා විදුලිය ලබා ගැනීමට පුරාවිද්‍යා නිලධාරීන් අවසර ලබා නොදෙන බව පවසමින් ඔවුහු මෙලෙස වීරෝධතාව ඇරැඹුහ.
 
ජලය හා විදුලිය ලබා දීමට පුරාවිද්‍යා නිලධාරීන් අවසර දෙන තෙක් දින කීපයක් හෝ මෙසේ පුරාවිද්‍යා කාර්යාලය වටලා සිටින බවද උද්ඝෝෂකයෝ පැවැසූහ.
මහාබෝධි  විද්‍යාලය අසළ  වැඩ සිටින ධම්මගවේශී හිමියෝ මෙසේ පැවසූහ.
 
“බණ්ඩාරනායක මහත්තයා පූජා නගර සංවර්ධනය සැලැස්ම ක්‍රියාත්මක  කරන වෙලාවේ මේ ඇතුල් නුවර ප්‍රදේශවාසින්  සඳහා වෙන් කළ ප්‍රදේශයේ  තමයි මේ අය පදිංචි වෙලා ඉන්නේ. පවුල් 150කට ආසන්න සංඛ්යා‍වකට බීමට ජලය හා විදුලිය ලබා ගන්න පුරාවිද්යාේ නිලධාරින් අවසර ලබා දෙන්නේ නෑ. මේක මානව අයිතියක්. ජය ශ්‍රී  මහා බෝධියට පැන් ඇදපු, රුවන්වැලි සෑයට වැලි ඇදපු, පාරම්පරික මිනිස්සු මේ අය. බෞද්ධ ජනතාව එය අද අත්වෙලා තියෙන ඉරණම තමයි මේ”
 
මෙහිදී අදහස් දැක්වූ සමස්ථ ලංකා බෞද්ධ උරුමයන් සුරැකීමේ පදනමේ ලේකම් ඩබ්ලිව්. එම් සනී ගුණසිංහ මහතා මෙසේ කීය.
 
“ මේ  ඇතුල් නුවර ජීවත් වෙලා ඉන්නේ වසර සීයකට වැඩි පරම්පරාවකට උරුමකම් කියන මිනිස්සු. මේ මිනිස්සු නැතිනම් සොරුන්ගේ ග්රුහණයට ලක් වෙලා පුරාවස්තු මේ වෙනකොට ඉතිරි වෙන්නේ නැහැ. ජල සම්පාදන මණ්ඩලයේ ජලය ලබා දෙන්න කියන විට පුරාවිද්යාි කාර්යාලයෙන් ඒක නතර කරනවා. විසඳුමක් ලබාදෙන තෙක් මෙම නිලධාරීන්ට කාර්යාල භූමියෙන් අද පිට වෙන්න ඉඩ දෙන්නේ නැහැ.
 
මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ සහකාර පුරාවිද්‍යා කොමසාරිස් එන්. එල් ගුණතිලක  මහතාගෙන් කළ විමසීමක දී මෙසේ පැවසීය.
 
“මෑතක සිට අනවසර ඉදිකිරීම් රාශියක් සිදුකර තිබෙනවා. ඒ අයට අධිකරණයේ නඩු පවරා තිබෙනවා. මේ නඩු විභාග වෙලා විසඳුමක් ලැබෙන තෙක් එයට අවසර ලබාදීමේ හැකියාවක් නැහැ”
 
 
 
 
 
 



අදහස් (3)

ඇතුළු නුවර වැසියෝ පුරාවිද්‍යා නිලධාරීන් සිරකරගනිති

රසික Wednesday, 13 February 2019 01:26 PM

අනුරාධපුර ඇතුල් නුවර කියන්නේ රටේ ඉතිහාසයට අදාළ මිල කළ නොහැකි බිම් කඩක්. එහි වර්ග මීටර කිහිපයක කරන ලද කැණීමකින් ලැබුණු තොරතුරු මඟින් ඉන්දියාවේ මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ඨාචාරවලට සමාන්තරව ලංකාවේත් ජනාවාස පැවති බව හා ඒවා එකිනෙක අතර ගනුදෙණු සිදුව ඇතැයි තහවුරුවන බව සිරාන් දැරණියගල මහතා සඳහන් කර තිබෙනවා. එහෙත් කණගාටුවට කරුණ නම්, ඇතුල් නුවරට අයිති බිමි කඩින් ඉතා සුළු ප්‍රමාණයක් හැරුණු කොට සෑම තැනකම නිවාස හා වෙනත් ඉදිකිරීම් කර තිබීමයි. ළිං, වැසිකිලි ආදිය තැනවීමේදී තවමත් අනාවරණය කර නොගත් රටේ ඉතිහාසය විනාශවී යෑම වැළැක්විය නොහැකියි. වසර සියයක පමණ පරම්පරා උරුමයට වඩා වසර සිය දහස් ගණනක රටේ ඉතිහාසය වටිනාකමින් වැඩි නිසා මෙම සියළුම පදිංචිකරුවන්ට වෙනත් තැනකින් නිවාස ළබාදීමය හැකිනම් ඉතා වටී.

:       0       258

සමන්ත Wednesday, 13 February 2019 04:14 PM

සිංහල නිසා තමා මේ ප්‍රශ්නය මෙහෙම වුනේ.. පුරාවිද්‍යා එකකොහේද හිටියේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන බුල්ඩෝසර් කරද්දී.. හැම අසාධාරණයක්ම සිංහලයින්ට විතරයි..

:       1       129

amila Wednesday, 13 February 2019 04:40 PM

හරියට කැනීම් කලොත් මේ ලෝකේ හැමතැනම පුරාවිද්‍යාත්මක දේවල් හමු වෙනවා. ඒක හරියට මේ ලෝකේ මිනි වලක් කපපු නැති තැනක් හොයන්න බැ වගේ දෙයක්. අනුරාධපුරෙත් හැමතැනකම පුරාවිද්‍යාත්මක දේවල් තියෙනවා. එහෙම වුනොත් ජීවත් වෙන්න තැනක් නැති වෙනවා. ඒකනිසා මේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් දීම කල යුතුයි. පොලොව හාර හාර හිටියොත් ලංකා කවදාවත් දියුණු කරන්න බැරි වෙයි.

:       24       3

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 661 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 185 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 548 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1828 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site