IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඇදිරි නීතිය පැනවූවැයි ව්‍යාජ ලිපිය හැදූ අය අල්ලයි

(ඉන්දිකා රාමනායක)

මුළු දිවයිනට ඇදිරී නීතිය  ක්‍රියාත්මක  යැයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ   ලිපි ශිර්ෂයක් උපයෝගි කරගෙන   ව්‍යාජ ප්‍රවෘත්තියක්   නිර්මාණය  කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් 18 හැවිරිදි තරුණයෙකු   මීටියාගොඩ ප්‍රදේශයේ  දී අද  (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු  ඉකුත්  සඳුදා දින ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශිර්ෂය යොදාගෙන විද්යුත්  මාධ්‍ය ආයතනයක ලාංජනය උපයෝගී කරගෙන  මෙම  ව්‍යාජ ලිපිය සකස්කර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර  තිබු බව  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර  මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය,පොලිස් ආඥාපනත හා පරිගණක අපරාධ පනතෙ යටතේ  නඩු පවරණ බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරු  හෙට  (9)   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත්  කිරීමට නියමිතය.

මෙවන් ආකාරයේ වැරදි ප්‍රවෘත්ති වලට නොරුවටෙන ලෙසත් සමාජ ජාලා වල මෙවන් ව්‍යාජ ප්‍රවෘත්ති  දුටු සැනින් ඒවා බෙදා නොහරින ලෙසට ඉල්ලා සිටින බවත් අජිත් රෝහණ මහතා  කීය.

මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය  කිරීමෙන් වැලකී සිටින ලෙසට එවන් සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවදානයෙන් සිටින බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (3)

ඇදිරි නීතිය පැනවූවැයි ව්‍යාජ ලිපිය හැදූ අය අල්ලයි

Sujeewa Friday, 09 October 2020 05:15 AM

හොඳට දැන් පරිප්පු කන්න තමයි වෙන්නේ.. මොවුන්ට මෙහෙමවත් පාඩමක් ඉගැන්නුවේ නැතිනම්... මොවුන් රටක් හරියට කරන්න දෙන්නේ නැහැ.

:       1       1

Rata Perata Friday, 09 October 2020 06:32 AM

රටේ නායකයාගේ කටවචන චක්‍රලේඛ කියන බොළඳ අදහසට වැඩිය මේ මනුස්සයා කරලා තියෙන එක හොඳයි. පිස්සන් රජවුණාම මෙහෙම තමයි.

:       1       2

BamunuarachchiFriday, 09 October 2020 01:39 PM

හලෝ හමුදා රාජකාරියේ සිටි අය දැන් ඕඩර් කොලේ ලිය ලියා දෙන්නේ නැහැ. පිස්සන්ට පේන්නේ අනිත් අය පිස්සන් කියලා. නැතිනම් රට පෙරට කියලා දාගෙන පස්සට යාවිද? මේක නියෝගයක්... එච්චරයි කියන්නේ.. ඒක තේරුම් ගන්නත් මොලේ තියෙන්න එපෑයැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 150 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 185 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 115 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 161 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 185 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 459 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site