(මනෝප්‍රිය ගුණසේකර)
කොරෝනා වසංගතය පැතිරයෑම වැළැක්වීම සඳහා පසුගිය 20 වැනිදා සිට කොළඹ, ගම්පහ, පුත්තලම හා උතුරේ දිස්ත්‍රික්ක 5කට බලපැවැත්වෙන අන්දමට පනවා තිබු ඇඳිරිනීතීය තාවකාලිකව ඉවත් කිරීමත් සමඟ මහජනතාව වෙළඳ සැල්, බැංකු සහ ඉන්ධන පිරවුම්හල් අසළ රැස්වී සිටින ආකාරය දක්නට ලැබිණි.
තම අත්‍යවශ්‍ය කටයුතු කරගැනීමේදී සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්නැයි රජය මහජනතාවගෙන් කළ ඉල්ලීමට අනුව මීටරයක දුරක් තබාගෙන ඔවුන් පෝලිම්වල සිටින අයුරැ දැක්නට ලැබිණි.
කොරෝනා වසංගතය පැතිරයෑම වැළැක්වීම සඳහා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා රජයෙන් නිකුත් කර ඇති පියවරයන් නිසි පරිදි අනුගමනය කරන්නේද යන්න පිළිබඳ සෙවීමට හා මහජනතාව හැසිරවීමට පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්‍ෂක අංශ නිලධාරීන් නිරතුරුව කටයුතු කරති.
තාවකාලිකව ඉවත් කරන ලද කොළඹ, ගම්පහ, පුත්තලම හා උතුරේ දිස්ත්‍රික්ක 5ක ඇඳිරිනීතීය අද (24) සවස 2.00 ට යළි පනවන ලද අතර එම ප්‍රදේශ සඳහා යළි ඇඳිරිනීතීය තාවකාලිකව ඉවත් කරනු ලබන්නේ ලබන 27 වැනිදා උදෑසන 6.00 ට බව රජය නිවේදනය කර ඇත.
දිවයිනේ සෙසු ප්‍රදේශ වලට පනවා ඇති ඇඳිරිනීතීය ලබන 26 වැනිදා උදෑසන 6.00 ට ඉවත් කර දහවල් 12.00 ට යළි පනවන බව රජය දැනුම් දී ඇත.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)
රාජගිරිය / බත්තරමුල්ල / කොලොන්නාව
(ඡායාරූප - ඉෂාන් සංජීව)
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇඳිරි නීතියෙන් පසු මහජනතාව දෛනික අවශ්‍යතා සපුරාලන්න යති