IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ඇමැතිවරුන්ගේ - කාර්ය මණ්ඩලයේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්ද 122කින් සම්මතයි

පාර්ලිමේන්තුව දෙසැම්බර් 05 වැනි දා තෙක් කල් තැබෙයි. 


ඇමැතිවරුන්ගේ සහ ඇමැති කාර්ය මණ්ඩලයේ වියදම් කපා හැරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 122කින් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව එක ඡන්දයක්වත් නොලැබිණි. ඒ අනුව එම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය


ඇමැතිවරුන්ගේ සහ ඇමැති කාර්ය මණ්ඩලයේ වියදම් කපා හැරීම සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රෝනික් ක්‍රමයට ඡන්ද විමසීම ඇරැඹේ.


විජිත හේරත් - ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම් දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අනුමත කළා. ඒ පත්වීම තවම කරලා නෑ. ඒ ගැන දැනුම්වත් කරන්න.
 
කතානායක - ඒ ගැන ජනාධිපතිතුමා දැනුම්වත් කරලා තිබෙනවා.


කරුණාරත්න පරණවිතාන -

ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් මහරෑ අටවපු මේ ආණ්ඩුව අපි හැදින්වුවේ ජුන්ටා ආණ්ඩුවක් හැටියට. අපි එය විශ්වාස භංගයකින් පැරැද්දුවා. එය කතානායක නිවේදනය කළා. ජනමාධ්‍ය තවමත් අගමැති, ඇමැතිවරුන් ලෙස පාවිච්චි කරනවා.  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් පැත්තකට දාලා තමයි නීති විරෝධී ක්‍රියාදාමය කරගෙන යන්නේ. එහි හොර සභාපතිට අපි කියන්න ඕනෑ මන්ත්‍රී වරප්‍රසාද කඩ කිරීම ගැන පාර්ලිමේන්තුවට ගෙන්වන බව. 

 


රංජිත් මද්දුම බණ්ඩාර

පොලිසියේ දෙදෙනාගෙන් එක් අයෙක් ගාල්ලේ සිංහල. තවත් නිලධාරියෙක් දෙමළ. ඔවුන් මරා දමා ඔවුගේ රිවෝලර් ගෙනිහින් තිබෙනවා. එක පොලිස් නිලධාරියෙකුගේ අතකුත් කපලා තිබෙනවා. මේවගේ අපරාධයක් පහුගිය කාලයේ වුණේ නෑ. දේශපාලනය කරන සංඝරත්නය කිව්වා රට ආරක්ෂා කරන්න රාජපක්ෂ ගේන්න කියලා. ආරක්ෂක මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ් කළේ සිරිසේන- රාජපක්ෂ හොර ආණ්ඩුවෙන්.

මේ ළමයි 11 දෙනා අතුරුදන්වීම ගැන ප්‍රථම පැමිණිල්ල කරලා තිබෙන්නේ 2011දි එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ. මේ ළමයි 11 දෙනා කොළඹ හිටපු ළමයි. ඒ පරීක්ෂණ අනුව තමයි ත්‍රිවිධ හමුදා ප්‍රධානියා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. බොහෝ අය කෑ ගැහුවා රාජපක්ෂලා ගේන්න. ඔවුන් කිව්වා මහවිරු දින තියන්න දෙන්නේ නෑ කියලා. මේ පාර 38 පොළක මහවිරු උත්සව තියලා තියෙනවා. දේශපාලනය කරන ස්වාමීන් වහන්සේලා මේවට උත්තර දෙන්න. ස්වාමීන් වහන්සේලා වතුර ගහලා එළෙව්වේ මේ මාසයේදිම තමයි. 
 
අමාත්‍යංශයේ මුදල් පාලනය කරන වගකීම තියේනනේ අමාත්‍යංශ ලේකම්වරුන්ට. අමාත්‍යවරුන්ට සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයට ගෙවන මුදල්වල වගකීම තියෙන්නේ ලේකම්වරුන්ට. අද ඇමැතිවරු නෑ නියෝග දෙන්න. අමාත්‍යංශ ලේකම්වරුන්ට කියනවා පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයෙන් ආණ්ඩු පරාජය කර ඇති නිසා ඇමැතිවරුන්ගේ වාහන ගෙන්වා ගන්නා. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න. නමුත් ඇමැතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයට එපා. මුදල් අමාත්‍යංශයේ ලේකම්ට සහ නිලධාරීන්ට කියනවා ගම් පෙරලියේ නවත්වපු වැඩ පටන් අරගන්න. පාර්ලිමේන්තු විකාශය නැවැත්වීම සාපරාධී විශ්වාස කඩකිරීම යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. 


 

නලීන් බණ්ඩාර -

ඊයේ මඩකලපුවෙදි සිදුවීමක් වෙලා තිබෙනවා. පොලිසියේ දෙදෙනෙක් ටී 56 ගිනි අවියකින් වෙඩි තියලා ඝාතනය කරලා තිබෙනවා. ඊයේ පෙරේදාත් විනයගමූර්ති මුලදිරන් මහතා ට්විටර් පනිවිඩයක් නිකුත් කරලා තිබ්බා ‘මම මඩකලපුවේ කරුණා අම්මාන් බව මතක තියා ගන්න.‘ කියලා. මේ සිද්ධි අතර සම්බන්ධයක් තිබ්බෙනවද කියලා සොයා බැලිය යුතුයි. සංහිඳියාව නැති කරන්න කරුණා අම්මාන් වගේ ත්‍රස්තවාදියෙක් යොදාගෙන මේ හොර ආණ්ඩුව කටයුතු කරනවාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. 
 
ආවා කල්ලි රතිඤ්ඤා පත්තු කරද්දිත් වීරවංශලා රට ගිනි තියන්න හැදුවා කොටි  සංවිධානය නැගිටලා කියලා. දැන් වීරවංශලා, ගම්මන්පිලලා කතා කරන්නේ නෑ. දැන් පොලිස්පතිතුමෙක් ඉන්නවද නැද්ද අපි දන්නේ නෑ. ජනාධිපතිවරයා මැදිහත් වෙලා රටේ ඇතිවෙලා තිබෙන තත්ත්වය නැති කරන්න.
 
මහවිරු සමරු තිස් ගණනක් තිබ්බා. අපි ඉන්න කාලේ තිබ්බා නම් වීරවංශලා, ගම්මන්පිලලා රට ගිනි තියනවා කොටි නැගිටලා කියලා. නමුත් අපි එහෙම ගිනි තිබ්බේ නෑ. 
 
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ලෙස කටයුතු කරන කරුණා අම්මාන් කලින් වගේ වැඩ කරන්න පටන් ගන්නවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා මේ තර්ජනයත් එක්ක. 
 

කතානායක - මේ සම්බන්ධයෙන් මම ජනාධිපතිවරයා දැනුම්වත් කරන්නම්. ආරක්ෂක ලේකම්වරයාටත් කියන්නම් පැහැදිලි කිරීමක් කරන්න කියලා.
 
 
එම් ඒ සුමන්තිරන් -

ඔක්තෝබර් 26න් පස්සේ උද්ගතව ඇති තත්ත්වය ගැන අපිත් කතා කරන්න අවශ්‍යයි. කරුණා අම්මන් නිදාගෙන ඉඳන් දැන් ආයේ කතා කරන්න පටං අරගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනකු මිය ගිහින් තිබෙනවා. අපිට ඇත්තටම බරපතල සැකයක් තිබෙනවා එක්වරම නව ජීවයක් ඇතිවූ පුද්ගලයන් ගැන. මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඔක්තෝබර් 26න් පස්සේ. ඊපීඩීපී කණ්ඩායමත් දැන් පුණර්ජීවය වෙලා තියෙනවා. යාපනයේ යම් පහරදීමක් වෙලා තිබෙනවා. ඇමැති කෙනෙක් කියා ගන්නා කෙනෙක් දැන් කියනවා මම ආයෙත් ඇවිත් ඉන්නේ කියලා. එය දෙමළ චිත්‍රපටයක කියමනක්. එය ජනතාව බියවැද්දවීමට ගන්නා කියමනක්. මේ සම්බන්ධයෙන් උචිත ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මම කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.


මන්ත්‍රීවරයෙක් - ගුවන් විදුලියට පාර්ලිමේන්තුවෙන් මුදල් ගෙවනවා මෙය සජීවීව දෙනවට. නමුත් ඔවුන් දින කිහිපයක සිට එය නතර කර හැරලා තිබෙනවා.
 
 කතානායක - ගුවන්විදුලිය පක්ෂග්‍රාහීව ක්‍රියා කළ බව තේරුණා. ඒ ගැන දැනුම්වත් කළා. ගුවන්විදුලි සංස්ථාවට අපි මුදල් ගෙවනවා. සභාපතිවරයා පාර්ලිමේන්තුවට අපහාසයක් කරන බව පේනවා. මේ ගැන ලේකම්තුමාත් දැනුම්වත් කළා. 


එස් එම් මරික්කාර් රීති ප්‍රශ්නයක් මතු කරයි.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තවමත් අගමැති ලෙස මහින්ද රාජපක්ෂගේ නමයි තිබෙන්නේ.
 
කතානායක - මම ඒ ගැන අවධානය යොමු කරවන්නම්.

 


කතානායක -

ඔක්තෝබර් 27 සිට මම ක්‍රියා කළේ ප්‍රජාතන්ත්‍රවාදීව නීති රීති අනුවයි. මම ක්‍රියා කළේ බහුතර මතය අනුව. ගැසට් නිවේදනය අනුව ක්‍රියා කළ ක්‍රියාවත් සත්‍යයි. ගැසට් නිවේදනය අනුව කටයුතු කරන ලෙස මම නිලධාරීන්ට උපදෙස් දුන්නා. හැබැයි ජනාධිපතිට පැහැදිලි කළා ජනාධිපතිගේ ක්‍රියාව වැරදි බව. විශ්වාස භංගයෙන් පස්සේයි මම කිව්වේ ඒ ආණ්ඩුව පිළිගන්නේ නෑ කියලා.


පාඨලී චම්පික රණවක

ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට ප්‍රධාන බලතල දෙකක් පැවරෙනවා. එකක් තමයි නීති සම්පාදනයේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි. ඒ වගේම රාජ්‍ය මූල්‍ය බලතල පාර්ලිමේන්තුවට පවරලා තිබෙනවා. විශ්වාස භංගය සම්මත වුණා පස්සේ රාජ්‍ය මූල්‍ය පාලනය කිරීමේ සෘජු බලතල පාර්ලිමේන්තුවට පැවරිලා තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්න මහින්ද රාජපක්ෂ මහතාට කිසිම බලයක් නෑ. මුදල් විෂය භාර ඇමැතිවරයකු නැති තත්ත්වයක් නැති තත්ත්වයක් තුළ අයවැය දෙපාර්තමේන්තුවට අදාල වරෙන්තුව දෙන්න කිසිම හැකියාවක් නෑ. එහෙම හැසිරෙනවා නම් නීතිය හා ජනතාවගේ පරමාධිපත්‍ය හෑල්ලු කිරීමක්. 
 
කතානායකතුමා අපක්ෂපාතීව ක්‍රියා නොකිරීම නිසා අර්බුද ඇතිවුණ බව සමහරු චෝදනා කරනවා. ඔක්තෝබර් 26 රාත්‍රී ජනාධිපතිවරයා අගමැති ඉවත් කරලා, අලුත් අගමැති කෙනෙක් පත් කරලා ගැසට් නිවේදනයක් කළා. ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධී යැයි අපි ඔබව හමුවෙලා කිව්වා. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පිළිගත්තා. අගමැති ලෙස ඔහුට පහසුකම් දෙන්න කතානායක ලෙස ඔබ කටයුතු කළා. අපි ඊට විරුද්ධ වුණා. අපි ශිෂ්ඨ සම්පන්න නිසා ඔබට මිරිස්කුඩු ගහන්නවත් වෙනත් බලපෑම් කිරීමටවත් ගියේ නෑ.

මහින්ද නීති විරෝධී බව අපි කියද්දියි ඔබ ඔහුට පහසුකම් දුන්නේ. මහින්ද අගමැති නෙමෙයි කියලා ඔබ බාර ගත්තේ විශ්වාස භංගයෙන් පස්සෙයි. ඒ නිසා ඔබ අපක්ෂපාතියි කියා කාටවත් චෝදනා කරන්න බෑ.  අපි මුල් තීරණයට එකඟ නොවුණත් අපි ශිෂ්ඨ සම්පන්නව හිටියා වගේ අනිත් පැත්තේ අයට කටයුතු කරන්න බැරි වුණා.
 
ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති තැනැත්තා අගමැති ලෙස පත් කළ යුතු බව ව්‍යවස්ථාවේ තිබෙනවා. මේ මතය ජනාධිපතිගේ අභිමතය අනුව ගන්නා තීරණයක් නෙමෙයි. මේ මතය කියන්නේ ජනාධිපතිගේ පුද්ගලික අභිමතය නොවෙයි. අග්‍රමාත්‍යවරයා ඉවත් කිරීම පිළිබඳ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඉවත් කිරීම ගැන ඉතාම පැහැදිලි ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් තිබෙනවා. 
 
හතර පාරක් විශ්වාසය භංග වුණු පුද්ගලයා ගෙදර නොයන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නය. මේ නිසා ආර්ථික බලපෑම් රැසක් ඇති වෙලා තිබෙනවා.  දැනටමත් රජයේ සුරකුම්පත්වල තිබෙන ධනය සීඝ්‍රයෙන් එළියට ඇදගෙන යනවා. සංචාරක ව්‍යාපාරයට බලතගතු හානියක් වෙලා තිබෙනවා. අපේ පොලී අනුපාත සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.  ආර්ථික වැඩපිළිවෙළ රැසක් නවත්වලා තිබෙනවා. මාසෙක දේශපාලන කුමන්ත්‍රණය නිසා රුපියල් බිලියන 617ක බලපෑමක් ලබන අවුරුද්දේ ඇති වෙන්න පුලුවන්. එන්න තිබ්බ ආයෝජන නතර වුණා.

මේ වෙලාවේ තිබෙන්නේ ශිෂඨත්වයත් අශිෂ්ඨත්වයත් අතර සටනක්. හිට්ලර් කළෙත් පාර්ලිමේන්තුව රෑ ගිනි තියලා මැතිවරණයට ගිය එක. රාජපක්ෂ පිරිසත් ඒ දෙයම කළා. පාර්ලිමේන්තුව ගෙනි තියන්න බැරි නිසා මිරිස්කුඩු ගැහුවා. 
 
අපි ඕනෑම ඡන්දයකට සූදානම්. හැබැයි මුලින් ජනාධිපතිවරණයක් අවශ්‍යයි.  
 
රණවිරුවන් දඩයම් දඩයම් කරනවයි කියපු අය යටතෙත් අද ඒවා වෙනවා. රාජපක්ෂවාදීන්ට මම කියනවා දැන්නම් අපේ අප්පච්චිට බෑ කියලා දාගන්න.
 




මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරු අද දිනයේත් පාර්ලිමේන්තුව වර්ජනය කරති

 


රංජිත් මද්දුම බණ්ඩාර - පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව මම ස්ථිර කරනවා.  


 

 

පාඨලී චම්පික රණවක  යෝජනාව කියවයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


කතානායක - අදට නියමිත න්‍යාය පත්‍රය අනුව පළමු කාර්ය. යෝජනාව ඉදිරිපත් කිරීම.

 


වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.


පාර්ලිමේන්තුව අද (30) යළි  උදෑසන 10.30 ට රැස්වීමට නියමිතය.

 කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුව ඊයේ රැස්වූ අතර එය අදට(30) දක්වා කල් තැබීය.

 

 


(ඡායාරූප - ලහිරු හර්ෂණ ) 



අදහස් (6)

ඇමැතිවරුන්ගේ - කාර්ය මණ්ඩලයේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්ද 122කින් සම්මතයි

Siri Friday, 30 November 2018 05:13 AM

නියමයි! ඔය එන්නේ කසකාරයෝ. පෙරහැර පස්සෙන් එනවා

:       0       0

amitha Friday, 30 November 2018 06:19 AM

එහෙනම් මේ දෙන්න ගැනත් වෙනමම හොයලා බලන්න වෙවි?

:       0       0

sathyapala Friday, 30 November 2018 06:30 AM

ඊයේ කතානායකවරයා ජනාධිපති හමුවීමෙන් පසු අද හෙටම ඔහු රනිල්ට එරෙහිව කිසියම් තීරණයක් ගනිවිදෝ කියලා සැකයක් මටනම් තිබෙනවා.

:       0       0

ජනිත් Friday, 30 November 2018 01:37 PM

බැරිද සදාකාලිකව හැම දීමනාවක්ම කපලා දාන්න.

:       0       0

Sumith Friday, 30 November 2018 02:56 PM

මන්ත්‍රී වැටුප කපලා වතු කම්කරුවන්ගේ වැටුප වැඩිකරන්න බැරිද?

:       0       0

Sarath Rambukwella Friday, 30 November 2018 04:35 PM

මෙය ඉතාමත්ම හොඳ යෝජනාවක්... එසේම ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වෙන අපේක්ෂකයන්ගේ අවම අධ්‍යාපන සුදුසුකම අ.පො.ස උ.පෙළ විෂයයන් 04 සමත් වී තිබිය යුතු බවට යෝජනාවක් සම්මත වෙයි නම්... එය ජාතියේ සදාකාලික යහපතට හේතුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 519 1

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 244 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 162 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 809 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 401 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 400 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 223 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 518 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 250 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site