IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඇමැති කිරිඇල්ලට ජනපතිගෙන් පිළිතුරු

(අජන්ත කුමාර අගලකඩ)

 
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අමාත්‍යංශය යටතේ ආයතන හතරක් පමණක් ගැසට් කර ඇත්තේ ඔහුගෙන් පලිගැනීමේ අදහසකින් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතට පවරා ඇත්තේ බෝඩ් ලෑලි වලට සීමා වූ ආයතන හතරක් බවට ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා ඊයේ (1) පැවැති කැබිනට් රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර ඇත.

මෙය තමාගෙන් පලිගැනීමක් බවට කිරිඇල්ල ඇමැතිවරයා කර තිබූ ප්‍රකාශයකට ද ජනාධිපතිවරයා එහිදී පිළිතුරු දී ඇත.

තමාට කිසිවකුගෙන් පලිගැනීමේ අවශ්‍යතාවයක් නැති බව පවසා ඇති ජනාධිපතිවරයා අගමැති කාර්යාලයේ අමාත්‍යංශ ලැයිස්තුව එවීමේද ප්‍රමාදයක් සිදු වූ බවත් නව වසරේ අමාත්‍යංශවලට කටයුතු ආරම්භ කළ යුතු නිසා ගැසට් නිවේදනය හදිසියේම නිකුත් කළ බවත් සඳහන් කර තිබේ.

කිරිඇල්ල මහතාගේ අමාත්‍යංශයට ආයතන බෙදන ආකාරය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා ඇතැයි සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ අනුව සාකච්ඡා කර නිවැරදි කිරීමක් කරන්නේ යැයි ද පවසා ඇත.



අදහස් (20)

ඇමැති කිරිඇල්ලට ජනපතිගෙන් පිළිතුරු

පෙරුමාල් Wednesday, 02 January 2019 09:09 AM

සොරිසේන, රට දිගටම කාලා අපායටම යන්න.

:       1996       2156

jagath Wednesday, 02 January 2019 09:47 AM

හැමෝම දන්නවා රන්ජන්ට හොඳ අමාත්‍යාංශය.. එ්ත් මේ ගමයා දීලා තියෙන්නේ මහාමාර්ග. අනේ සොරිසේන රට තවත් කන්නේ නැතුව පළිගන්නේ නැතුව අමුඩේ ගහන් පොළොන්නරුවේ කුඹුරක් කොටන් ඉන්න ප්ලීස්...

:       881       850

samira Wednesday, 02 January 2019 10:08 AM

මෙයාට ඔය දුන්න හොඳ වැඩියි... දෙන්න තිබුණේ වැසිකිලි වලක්...

:       1331       1344

RaveendraWednesday, 02 January 2019 10:44 AM

අපි සිරි අයියා හොඳයි නොකියන නමුත් බෝඩ් ලෑලි හරකුන්ට හොඳ වැඩිත් එක්ක යන කීමට කැමැත්තෙමු.

:       224       733

Nandalal DE SILVA - France Wednesday, 02 January 2019 10:09 AM

සිරිසේන මහත්තයා, එහෙනම් අලුත් අවුරුද්දේ පුවත්පත් කියවල තියෙනවා වගෙයි! නැත්නම් කොහොමද ඇමැති කිරිඇල්ල මැතිතුමා කරපු ප්‍රකාශයට පිළිතුරු දුන්නේ?

:       22       113

Arjuna Ranawana Wednesday, 02 January 2019 10:20 AM

බුදුරජාණන් වහන්සේ දෙසුවේ කල පව් දිදුල දිදුලා පෙනෙන බවයි.

:       0       26

Raveendra Wednesday, 02 January 2019 10:29 AM

ඔව් ඉතින් " ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්ව කෙනෙකුට" බෝඩ් ලෑලි වැඩිත් එක්ක හොරාකෑමට. මොකද උපතින්ම හොරා කෑම පුරුදු පුහුණු කල අයෙක්නේ.. යනකොට ඔය කියපු බෝඩ් ලෑලි ටික තියෙනවද බලන්නකෝ කව්රු කව්රුත්...

:       882       888

Lal Wednesday, 02 January 2019 10:33 AM

මේ අයට මොකටද ඇමතිකම්?

:       1       360

sirimal Wednesday, 02 January 2019 11:03 AM

පළිගැනීමේ අදහසක් නැති හන්දනේ ග්‍රීක බැඳුම්කර ඇතුළු දහසක් වංචා පැත්තක තියල දැන් මහබැංකු බැඳුම්කර පරීක්ෂණ ආපහු පටගන්නවාය කියලා කියන්නේ.

:       7       86

Sanka Wednesday, 02 January 2019 11:30 AM

අනික ඇමති මණ්ඩලයක් පත්කළාම... මොනවද මේ ගැසට් ගගහ ඉන්නේ...? මීට ඉස්සර අපි නම් මේ විගඩම් දැක්කේ නැහැ. රටේ පරිපාලනය ඔක්කොම ඇණ හිටලා හිටන් නිසා. මෙයා දැනගන්න ඕනේ මේ සෙල්ලම් කරන්නේ රටක් එක්ක කියලා...

:       14       117

shaminda Wednesday, 02 January 2019 11:32 AM

මහාමාර්ග අමාත්‍යංශයේ තමන්ගේ හෙන්චයියෝ හැටහුටාමාරක් උපදේශකවරු ලෙස තියාගෙන, ලක්ෂගණන් වැටුප් ගෙවමින් මහජනමුදල් කාබසිනියකලේ මෙතුමා නේද?...

:       0       0

Rata Perata Wednesday, 02 January 2019 12:34 PM

ශ්‍රේෂ්ඨාධිකරණවලින් වැරදිකරු වෙලා, රටක පාලනයේ ඉහළම තනතුරේ ඉන්න පුළුවන් ලංකාවේ විතරයි. ලජ්ජා නැති මිනිස්සු.

:       2105       416

sisira Wednesday, 02 January 2019 12:58 PM

ඕනෑම පිස්සෙකුට යුද්ධ කරන්න පුළුවන් කියා හමුදාව හෑල්ලුවට පත්කරපු අයට ඡන්දය දීලා පාර්ලිමේන්තුවට අරින බත්කන හරක් ඉන්න එකම රටත් ශ්‍රී ලංකාවයි.

:       30       363

RaveendraWednesday, 02 January 2019 01:44 PM

සහතික ඇත්ත තමන් උපන් බිම වචනයකින් හෝ හෑල්ලුවට ලක් කරපු ක්‍රියාවෙන් හැමවිටම පාවාදීමට සැදී පැහැදී සිටින " පාදඩයන් " ඔබේ, මගේ, අපේ බදුමුදල් වලින් මෙසේ සුර සැප විඳිනු දැකීමත් අප කළ පාපයක්මයි...

:       0       168

Bamunuarachchi Wednesday, 02 January 2019 01:34 PM

කොහොමත් මේ කැබිනට් එකට දෙන අමාත්‍යාංශ බෝඩ් ලෑලිවලට සීමාවෙනවා. මේ අවුරුදු 4ට නොකරපු වැඩ එක අවුරුද්දට කරන්න..? විකාර! කොන්ක්‍රීට් හයි වෙන්න කාලයක් වත් නැහැ. උප්පර වට්ටියක් දාලා ගාණක් කපාගෙන යන්න.

:       307       206

athuraThursday, 03 January 2019 04:23 AM

බමුණ මතක තියාගන්න මේ ආණ්ඩුව ඉස්සෙල්ලම ජනාධිපතිවරනෙකට ගියොත් ඔයාට ආයි නාමල් බේබි ලොකු වෙලා ජනාධිපතිවරනෙකට එනකන් ඔය විදිහට තමයි ඉන්න වෙන්නෙ කියන එක.

:       20       109

BamunuarachchiThursday, 03 January 2019 08:09 AM

රටේ ජනතාව මැට්ටෝ නිසා සමහර විට එහෙම වේවි. කරුණා කරලා කියන්න කෝ මේ අවුරුදු හතරට රටට කරපු සේවය මම මේ ප්‍රශ්නය 100 වතාවක වැඩිය ඇසුවා එක එජාපයෙක් කියන්නේ නැහැ.

:       147       63

athuraThursday, 03 January 2019 09:36 AM

අර මහින්ද මහත්මය ගෙනියන්න හදනව කිව්ව විදුලිපුටුවෙන් බේරගත්ත එකම කොච්ච්චර ලොකු දෙයක්ද 100 පාරක් නෙමෙයි 200 පාරක් ඇහුවත් ඒක සේවයක් නෙමෙයිද.

:       0       111

BamunuarachchiFriday, 04 January 2019 12:05 AM

එක්කෙනෙක් විදුලි පුටුවෙන් බෙර ගත්තා නොවෙයි මුළුරටම විදුලි පුටුවට දැම්මා අපේ හමුදාව යුද්ධ අපරාද කලා කියලා පිළිඅරන්. අන්න බැංකුව කොල්ලකෑමට අමතරව රට කරපු සේවය.

:       1       0

Ahmed rizvi Wednesday, 02 January 2019 04:15 PM

මෙම ආයතන ගැසට් කිරීම කලේ කියන විදිහට බව මොහු නොදන්නවා බවයි පේන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 3 0

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 44 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 68 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 328 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 132 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 395 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site