IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඇමැති ජොන්ස්ටන්ට නඩු පවරා ඇති ආකාරය නීතිවිරෝධියි

(මනෝප්‍රිය ගුණසේකර)
 
ස.තො.ස. සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව සිය දේශපාලන කටයුතු වල යොදා ගැනීමේ දීරජයට රුපියල් කෝටි හතරකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් කොමිසම මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති ආකාරය නීතිවිරෝධී බව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (15) තීරණය කළේය.
 
අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂවරු තිදෙනාගේම ලිඛිත අවසරයකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති හෙයින් විත්තිකරුවන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය පිළිගනිමින් එලෙස තීරණය කළ විනිසුරුවරයා මෙම තීන්දුවේ පිටපතක් වහාම මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛාධිකාරීවරයාට යැවීමටද නියම කළේය.
 
2010 වසරේ සිට 2014 වසර දක්වා වසර පහක කාලයක් තුළ ස.තො.ස. සේවකයන් 45 දෙනෙකු ඔවුන්ගේ සේවාස්ථානවල රාජකාරි කටයුතු වලින් පරිබාහිරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවල යොදා ගෙන ඇති බවටත් රාජකාරි නොකළ සේවකයින්ට වැටුප් හා අතිකාල දීමනා ලෙස මුදල් ගෙවීමෙන්  රජයට රුපියල් ලක්‍ෂ 400 ක මුදලක් පාඩු කොට ඇති බවද අල්ලස් කොමිසම විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවල සඳහන් කර ඇත.
 
අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ විග්‍රහ කෙරෙන දුෂණය නමැති වරද සිදු කර ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
 
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව ස.තො.ස. හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු හා එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂක කාජා මොහිදීන් මොහොමඩ් සාකීර් නමැත්තන්ද එරෙහිවද අල්ලස් කොමිසම මෙම නඩුවෙන් චෝදනා ඉදිරිපත් කර තිබිණි.
 
අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමෙන් පසුව මෙම නඩුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාග කිරීමට සුදානම් වු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් මුලික විරෝධතාවයක් මතු කරමින් අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂවරු තිදෙනාගේම ලිඛිත අවසරයකින් තොරව වන හෙයින් මෙම නඩුව එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මුලික විරෝධතාවයක් ඉදිරිපත් කෙරිණි.
 



අදහස් (21)

ඇමැති ජොන්ස්ටන්ට නඩු පවරා ඇති ආකාරය නීතිවිරෝධියි

Don perera Friday, 15 January 2021 02:50 PM

මෝඩ 69ට හොඳ පුවතක්... කුඩ්ඩෝ.. ඔක්කොම එළියේ...

:       6       67

Hafeel Friday, 15 January 2021 03:58 PM

මේ රටට අධිකරණ සහ නීතිපති දෙපාර්තමේන්තුවත් අවශ්‍යද?

:       5       72

සදිස්Saturday, 16 January 2021 01:46 AM

රටේ බහුතරයක් කැමතියිනේ එ්කට...

:       0       0

Sanka Friday, 15 January 2021 06:03 PM

රන්ජන් කිව්වේ ඕක තමයි. දුර්වල විදිහට නඩුව දානවා. එතකොට නඩුව අහක යනවා. ඔය නොදන්නාකමට අත්සන් නොගෙනද?

:       0       0

Naveen Friday, 15 January 2021 06:51 PM

මේ දේවල් ජනතාව ප්‍රතික්ෂේප කරනතුරු මේ රටට යහපතක් නැත. රජයන් මාරු කරමින් ඉදිරියට යන්න පුළුවන්. ඒත් රටට වෙන සෙතක් නැත. ලෝකයේ අනිකුත් රටවල් සෑහෙන වේගයෙන් ඉදිරියට ගොස් ඇත. සියලු දෙනා අවදි වෙන්න. මේ නැති වෙන්නේ ඔබලාගේ මුදල් සහ ඔබගේ දරුවන්ගේ අනාගතයයි.

:       0       0

Prabha Friday, 15 January 2021 08:18 PM

බලන්න ඕනේ වරද කළාද? නැද්ද? කියලා නොවේද?

:       0       0

Bamunuarachchi Saturday, 16 January 2021 02:41 AM

යහපාලකයින්ට නඩුවක්වත් හරියට දා ගන්න බැහැ. මොන නඩුවද දින්නේ? හැම නඩුවේම විත්තිකරුවෝ නිදොස්කොට නිදහස්. මේ රජය නඩුවකට සිතාසි බාරදෙන්න හොයනකොට ගොයියෝ හැංගෙනවා.

:       0       0

Buddika Saturday, 16 January 2021 02:41 AM

සියලුම දේශපාලන හොරුන් නිදහස් වෙනවා. හැන්ද ළඟ නිසා රටේ නීතිය හැන්ද තුළට ගෙන තමන්ගේ වුවමනාව අනුව බෙදාගන්නවා... හසුරුවනවා. මේ අය නොදැන හිටියට අපි දන්නවා මේ අය හොරු බව... මේ යථාර්ථය 69 ලක්ෂයක් මෝඩයින් දැක්කේ නැහැ. අද රටම විඳවනවා.

:       0       0

pradeepa Saturday, 16 January 2021 03:26 AM

රන්ජන් ඔබගේ මතය හරිද මන්දා..? එක කාලෙක ජොනීලව හිරේට යවනවා. තව කාලෙකින් කියනවා ඒක වැරැදියි කියලා. අපිට පැහැදිලි නැහැ නීති පොත ගැන ...

:       1       28

A.B.C.D.E.F.Gotta. Saturday, 16 January 2021 03:41 AM

ඔන්න කනෝ පිනුම්...!!! 

:       1       28

Raveendra Saturday, 16 January 2021 04:56 AM

අල්ලපු අය මේ අය එළියට දානවා. මේ අය අල්ලන අය කවදා හරි ඒ අය එළියට දානවා. මේ අයගෙයි ඔවුන්ගෙයි වහල්ලු මාරුවෙන් මාරුවට වෙන මේ සෙල්ලම දිහා බලන් ඉන්නවා. දවසින් දවස රට වලපල්ලටම යනවා.

:       1       27

සේනක Saturday, 16 January 2021 05:09 AM

නියමයි, නියමයි 69 ලක්ෂ්‍යයක් උඩදාගෙන දුන්නේ ඕකට තමයි. ⁣වහල්ලුන්ට හොඳම වැඩේ. දැන් ඉතින් හොරුන්ගේත් හොරු කම්බ හොරු ටික නිදොස් කොට නිදහස්. දැන් ඉතින් තව අවුරුදු 04ක් හූල්ල, හූල්ලා බලං ඉන්න හොරා කනකම්...

:       1       30

BamunuarachchiSunday, 17 January 2021 05:08 AM

මොකද හලෝ අඳෝනා දෙන්නේ? අහන්නකෝ යහපාලකයින් ඉන්න ටිකෙන් නඩුවක්වත් හරියට දාගන්න බැහැ නේද කියලා..?

:       0       0

Perera Saturday, 16 January 2021 06:17 AM

මේ යන විදිහට මට නම් තීන්දු ගැන සම්පූර්ණ විශ්වාසය තියෙනවා.

:       2       24

ගරසරප Saturday, 16 January 2021 07:31 AM

මේ වගේ තාක්ෂණික දෝෂයක් වෙන්න ඉඩ හැරියේ අර වංචා, දූෂණ කොමිසම තියෙද්දීද?

:       0       0

Rata Perata Saturday, 16 January 2021 08:45 AM

මේ කාලකණ්ණි 20ට අත් ඉස්සුවේ මේවා කරගන්න තමයි. රට ඉවරයි දැන්....

:       0       0

siri Saturday, 16 January 2021 09:27 AM

නඩුව දාපු හැටි වැරදි වුණාට කරලා තියෙන අපරාධයට දඬුවම් නැද්ද එතකොට? අර නන්දා මාලිනී මහත්මියගේ "කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරුවන් " ගීතය මතක් වෙන වැඩ මේවා...!!!

:       0       0

Dewda Saturday, 16 January 2021 01:11 PM

ජොන්ස්ටන් හොඳ අවංක මිනිහෙක්..

:       0       0

කපුරු හාමි Saturday, 16 January 2021 02:24 PM

ඒ කාලේ එතනෝල් ගෙන්නපු එකත් නිකම්ම ෂේප් වෙන්න ඇති නේද?

:       0       0

rasika Saturday, 16 January 2021 03:32 PM

අල්ලස් කොමිසමෙන් ලොකු අයට දාන නඩු හැම එකකම ඇයි එකම අඩුපාඩුව තියෙන්නේ? ඒ අඩුපාඩුව හදලා ඇයි ආයේ නඩුව නොදාන්නේ?

:       0       0

Ara Sunday, 17 January 2021 12:26 AM

වැරැද්ද කරලා තියෙනවා... නඩුව දාපු විදිහ වැරදියි. මරු නීතිනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 493 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1722 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site