IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ඇමති නාමල් ඉන්දීය අගමැති හමු වෙයි

( තිළිණි ද සිල්වා )

ඉන්දියාවේ කුෂිනගර් හි ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉන්දියාවට ගොස් සිටින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී අද සාකච්ඡා පවත්වා ඇත .

ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ බෞද්ධ හා ගිහි දූත පිරිසට රජය නියෝජනය කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත් විය.

එහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් භගවත් ගීතාවේ ඉංග්‍රීසි , සිංහල හා දෙමළ පරිවර්තනයේ  පළමු පිටපතද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත නිල වශයෙන් පිළිගැන්වනු ලැබීය.

මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත සකස් වූවක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රමාත්‍යවරයා හමුවේ පවසා ඇත.

මේ හමුවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම , අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සිය නිල ට්විටර් ගිණුමට සටහනක් ද එක් කර තිබුණි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ සදහන් කර සිටියේ   නාමල් රාජපක්ෂ මහතා හමුවීම සතුටට කරුණක් බවත් , විවිධ අංශ ඔස්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබදතා ශක්තිමත් වෙමින් පවතින බවත්ය.

ඉන් දෙරටේම ජනතාවට යහපතක් වනු ඇතැයිද නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කර තිබිණි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් සටහනක් තබමින් කියා ඇත්තේ  ඉන්දියාවෙන් , ශ්‍රී ලංකාවට ලැබුනු ශ්‍රේෂ්ඨතම ත්‍යාගය බුදු දහම බවත් , දෙරටම සැමවිටම සමීප සබදතාවයක් පවත්වා ගෙන බවය.

දෙරටේම ජාතීන් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් , අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගේත් දැක්ම වන බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් සටහනේ වැඩිදුරටත් සදහන් කර ඇත.

 



අදහස් (16)

ඇමති නාමල් ඉන්දීය අගමැති හමු වෙයි

Ranjit Wednesday, 20 October 2021 07:15 PM

මෙයාට රජකම ලැබෙන කාලය වෙනකොට රටේ ප්‍රශ්න මොන ආකාරයකට වැඩි දියුණු වෙලා තියෙයිද කියන්න බැහැ. ඒ ගොල්ලන්ට නම් ඒවා ප්‍රශ්න නොවේ. මොකද දැනටමත් පරම්පරා ගණනකට හරි හම්බ කරගෙන අවසන්නේ. ඡන්දෙ දෙන මිනිස්සුන්ට තමයි ඉතින් අඬන්න වෙන්නේ....

:       5       48

Nuwan Wednesday, 20 October 2021 07:39 PM

රෙදි ඇඳගෙනද යන්නේ... මෙහෙ රට මුලු ලෝකෙටම ණය කරලා විකුණලා ඉවරවෙලා...!!!

:       6       45

Lionel Wednesday, 20 October 2021 07:50 PM

ලංකාවට හැමතිස්සෙම ගෞරවයක් ගේන්න දක්ෂ නාමල් ඇමැති

:       58       9

Naveen Wicramasinhe Wednesday, 20 October 2021 08:18 PM

මේකද පළවෙනි වතාවට භගවත් ගීතය ඉංග්‍රීසි හා දෙමළ භාෂාවලින් පරිවර්තනය වෙන්නේ? අපි මෙච්චරකල් හිතන් හිටියේ මහාභාරතය හා භගවත් ගීතය රචනා කරේ වේද ව්‍යාස මුණිවරයා කියලා. දැන් බැලුවොත් මේක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත සකස් වූවක්ලු...

:       3       44

Rohana Wednesday, 20 October 2021 09:07 PM

නාමල් ඉදිරියට ගැනීමේ පුහුණු වැඩසටහනකි.

:       2       40

Hirusha Wednesday, 20 October 2021 09:08 PM

මම හිතුවේ ධම්මපදයට වැරදිලා භගවද් ගීතාව කියලා කියලා. ඔය භගවද් ගීතාව අපටත් ගන්න සලස්සන්න..

:       1       16

නිමල්Thursday, 21 October 2021 07:46 AM

අගමැති මෝදිට දෙන්න තිබුනෙ ධම්මපදයෙ විනා භගවත්ගීතාවෙ පරිවර්තන නොවේ.

:       0       4

[email protected] Wednesday, 20 October 2021 10:07 PM

මෙයා රජ වුණොත් නම් රටට අබ සරණයි අපේ හාමුදුරුවනේ...!

:       3       41

Kumara Wednesday, 20 October 2021 11:23 PM

මැට්ටන්ට මේක මැජික් එකක් වගේ තමයි.

:       4       30

69lakshaya Thursday, 21 October 2021 12:29 AM

අපේ සර්ට මැඩම්ලට තමයි අපි ලබන පාරත් චන්දේ දෙන්නේ

:       0       0

Prasanna Thursday, 21 October 2021 04:58 AM

ගැහුවා නේද මයෙ පුතේ ආයෙත් පිං ටුවර් එකක්.

:       0       0

ලමය Thursday, 21 October 2021 07:08 AM

හොරට නීති උපාධිය ගත්ත මොල නේද මේ, මේ වගේ පුස්සෙක් එක්ක කථාකරන්න අගමැති මෝදිට ලැජ්ජ නැද්ද.

:       0       2

සෑම් Thursday, 21 October 2021 07:36 AM

හොර කොල්ලා ,මූව කනෙන් ඇදලා එලියට දාන්න ඕනා

:       0       1

Saman Thursday, 21 October 2021 07:40 AM

වියත් මග ඔස්සේ මෙවර තේමාව කර ගත් ආණ්ඩුව මෙච්චර උගත් බුද්ධිමතුන් ඉද්දි මේ වගේ අධි බුද්ධිමත් වැදගතෙක් ශ්‍රීලංකාව නියෝජනය කරන එකයි පුදුමේ

:       0       1

Jan Thursday, 21 October 2021 08:30 AM

හොඳ වැඩක් සහෝ ,දිගටම කරගෙන යන්න

:       2       0

පිටිගල මිලානෝ Thursday, 21 October 2021 09:06 AM

69 ලක්ශයේ තේරීම.......!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 154 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 170 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 307 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1015 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 936 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1243 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 455 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site