IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ඇමති විමල් ස්වයං නිරෝධායන‍යේ

(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීම නිසා අමාත්‍ය විමල් වීරවංශ මහතා ද අද (29) සිට ස්වයං නිරෝධායනයට යොමුවී ඇත.

ආසාදිතයන් ලෙස හඳුනාගත් නිලධාරීන්ගේ ආශ්‍රිතයෙක් වූ බැවිනුත් සමාජ වගකීමක් ලෙසත් සලකා තමා අද(29) සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

කර්මාන්ත අමාත්‍යංශයේ තම අමාත්‍ය කාර්යාලයත් විෂබීජහරණයට ලක්කර එය ද දින 14ක් එම වසා ඇතැයි ඇමතිවරයා කීවේය.

අමාත්‍යංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමෙන් තොරව හැකිතාක් දුරස්ථ ක්‍රම මගින් සේවා ලබාගැනීමට කටයුතු කරන ලෙස ඉන් සේවා ලබාගන්නා අයගෙන් තමා ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව ඔහු පැමිණ ඇමතිවරයාගේ නිවසේ ගේට්ටුවේ නිරෝධායනයට ලක්වන නිවසක් බවට වන දැන්වීමක් ද අලවා ඇත.

තමන් නිරෝධායනයට ලක්වන බවට ඇමතිවරයා සිය ෆේස්බුක් පිටුවේ ද සටහනක් යොදා ඇත.



අදහස් (34)

ඇමති විමල් ස්වයං නිරෝධායන‍යේ

පප්ප Thursday, 29 July 2021 01:29 PM

හැමදාම ගේ ඇතුලෙම හිටිය නම් රටට ලොකු සෙතක්

:       0       1650

ලමය Thursday, 29 July 2021 01:30 PM

චුතවෙලා ගියානම් ලොකු දෙයක්

:       213       1020

KAPILAThursday, 29 July 2021 07:51 PM

විමල් වීරවංශ ස්වයං නිරෝධායනය මුවාවෙන් සති දෙකක සමර් වැකේෂන් ලබාගෙන..

:       3       145

ජේ පී ආර් කරුණාරත්න Thursday, 29 July 2021 02:36 PM

කොමියුනිකේෂන් එකක් දාගෙන හිටපු, පත්තරවලට හොරෙන් ලියපු, ජීවිතේට ඒ ඇරෙන්න වෙන ජොබ් එකක් නොකර සමාජ සාධාරණත්වය වෙනුවෙන්ම සටන් කරපු සමාජවාදී ජාතික නායකයෙක් නේද? වෙච්ච අකරතැබ්බයට අඬනවද , ගේ දැකලා අඬනවද කියල හිතාගන්න අමාරුයි මහත්තයෝ. කවුරු හරි මේක ඇමති නිල නිවාසය කියල හිත හදාගන්නව නම් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය ගැනත් මතක් කර ගන්න. ඇමති කියන්නේ දෙවිවරු නෙමෙයි. එකම දේ පඩියයි දීමනායි පොඩ්ඩක් වෙනස්.

:       54       575

nishantha Thursday, 29 July 2021 03:29 PM

මේ අප්‍රභංශ රටේ ඇමතිලා සිය ගණනක් ඉන්නවා, උන්ගේ වටේ ආරක්ශකයෝ 20ක් 30ක් ඉන්නවා.මුන් ඔක්කොටම අපි පඩි ගෙවනවා විතරක් නෙමේ විශ්‍රාම වැටුපුත් ගෙවනවා. ඒ එකෙක් වත් රටට කිසිම වැඩක් නොකලාට මුලු ලෝකෙටම බදු ගෙවන අපිව සදාකාලික ණය කාරයෝ කරනවා දවසින් දවස. නිවට චන්ද දායකයො මේවගේ ගොන් ආතල් දැකලා මෝඩ චූන් එකට ඊලග පාරත් මුන්ටම චන්දේ දෙනව.. පස්සේ හූල්ලනව. සාමාන්‍ය පෙලවත් සමත් නැති මුන් ඉන්ජිනේරුවන්ව පාලනය කරනවා... එකනේ කියන්නේ අපි තමයි හොඳටම කලේ කියලා...

:       97       1025

gunarathnaThursday, 29 July 2021 08:12 PM

නිශාන්ත් මහත්තයෝ, කතාවේ හැටියට ඔබතුමා උපාධි 10ක්, 15ක් ගත්ත ලොකු උගතෙක් වගේ පේන්නේ... ඔහෙලා වගේ අය ගෙවල්වලට වෙලා ඉන්න නිසා තමයි නූගත්තු රජවෙලා ඉන්නේ.. ඉතින් ඔහෙලට බැරි නම් කරන කෙනෙකුට කරගන්න කියලා කට වඑගෙන හිටියොත් නරකද? එහෙමත් නැතිනම් ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ රට සුරපුරයක් කරන්නකෝ...

:       1118       88

nishanthaFriday, 30 July 2021 07:08 AM

මගේ කතාවට උරණ වෙන්නෙ ගොට්ට අල්ලලා මොකක් හරි වාසියක් ගත්ත ඔබ වැනි වන්දිභට්ටයින් මිසක් රටේ සාමාන්‍ය මිනිසුන් නොවේ. මේකේ අනිත් අදහස් ද කියවන්න . එතකොට ඔබේ වහල් භාවය අවබෝද වෙනු ඇත . ආ තව දෙයක් තියෙනවා කියන්න ,අර ඔබ කීවා වගේ කරන කෙනෙක්ට කරන්න දෙන්න කීවේ මේ අය කරන එකම දෙය හොරකම්, දුෂිත කම් පමනක් බවත් ඔබ නොදන්නේද? මේ කෙනා පාස්පෝට් දෙකයි, උපන් දින දෙකයි. නෝනාටත් එහෙමයි .තවත් දේවල් මේකේ අනිත් අය ලියලා ඇති කියවන්න.

:       1       253

විපරමා Friday, 30 July 2021 02:58 PM

යමක් හරි විදියට තේරුම් ගන්ඩ බැරි මොලේ උඩ ඉන්න කෙනෙක් බවයි හැගෙන්නේ ?

:       0       92

Chamal Thursday, 29 July 2021 05:18 PM

මෙයා ගෙදරට වෙලා ඉන්නකොට රජයට රට පාලනය කරන හැටි කියලා දෙන්නේ කවුද? ජනතාවටයි පාඩුව...!

:       55       237

saman Thursday, 29 July 2021 05:35 PM

පේනවා නේද මේ අයගේ සුඛෝපභෝගී ජීවිත? හැබැයි මේ අයට ඡන්දෙ දීපු අය අද තුන් වේල කන්නේ කොහොමද කියලා හිතනවා.

:       61       729

lalith de silva Thursday, 29 July 2021 05:41 PM

අපිට මේ පුද්ගලයාව ඊළඟ අවුරුදු කීපයටත් ස්වයං නිරෝධායනයේම තිබ්බා නම් රටට ඒක හොඳ ප්‍රතිලාභයක් වේවි...

:       37       617

විපරමා Thursday, 29 July 2021 07:10 PM

මෙයා විතරක් නෙවෙයි, දියවන්නාවේ ඉන්න දූෂිත දේශපාලුවන් හැමකෙනාම මේ විදියට සදහටම නිරෝධායනය වෙලා නැත්නම්, යන්නම ගියා නම් රටට ලොකු දෙයක්...

:       416       505

lankaputha Thursday, 29 July 2021 06:35 PM

මේ අයට ඕවායේ වෙනසක් නැහැ...

:       34       50

Dan Thursday, 29 July 2021 07:28 PM

ඉරිසියා කරන්න එපා. ඕකට තමයි කියන්නේ, මතු රකිනා ශිල්පයමයි, උගතමනා කියලා.

:       111       15

chithral Thursday, 29 July 2021 08:06 PM

අනිච්ඡාවත සංඛාරා...!!!

:       112       476

Prabha Thursday, 29 July 2021 08:20 PM

ගෙදර ඉන්න ගමන් නිකමටවත් මේ ප්‍රතිචාර කියෙව්වොත් ලොක්කා වහ බොයිනේ...

:       42       241

ගමේ එකාලාFriday, 30 July 2021 03:56 AM

වහ නම් කීයටවත් බොන එකක් නැහැ. විස්කි බිව්වොත් මිසක්... අනික දේශපාලුවන්ට බලයට වැඩි සම්පතක් නැහැ.. ඒකනේ අන්ධයින්, ගොලුවන්, වගේ රඟපාන්නේ...

:       0       3

KoralageFriday, 30 July 2021 09:41 AM

Prabha....කියලා වැඩක් නැහැ. මේ හොර දේශපාලුවන්ට දැන් මිනිස්සු දෙස් දෙවොල් තියන කතා ඇහුවාම මේ අයගේ හත්මුතු පරම්පරාවටම සාප වදිනවා. මොකද අපි දැක්කා කොරෝනා ලෙඩේ අස්සෙත් මේ අය රටේ මොන ව්‍යාපෘතිය කළත් කෝටි ගණන් මහජන මුදල් හොරකම් කළාද සහ ඒවාට උසාවියේ දාපු නඩුත් කීයක් නම් තියෙනවද? අපේ රටේ ඡන්ද දායකයින් මෝඩ හින්දා... මේ අය බඩපිනුම් ගහලා රට ගසා කනවා...

:       0       430

එරාන් Thursday, 29 July 2021 08:41 PM

මාවරමන්ඩියෙ හිටපු හැටි මතක් වුණා.

:       1       438

Rohana Thursday, 29 July 2021 09:25 PM

විමල්ගේ කටේ ශබ්දෙට මිනිස්සු රැවටිලා ඡන්දෙ දීලා මන්ත්‍රී කෙනෙක් වෙලා ඇමැතිකමක් අරගෙන හොඳට ගාන කපාගෙන ඒ සල්ලිවලින් මේ වගේ සුඛෝපභෝගී නිවසක් තනාගන්නට උදව්කළ ඡන්ද දායකයින් සැමට ස්තුතියි. ජේවීපී එකේ හිටියා නම් ජීවිතේට මේ වගේ ගෙයක් හදාගන්න පුලුවන්ද? සති දෙකක් නෙවෙයි සදාකල් දුකක් කරදරයක් නැතිව නිරෝධායනය වෙන්න පුලුවන්...!!!

:       51       1179

Don perera Friday, 30 July 2021 02:30 AM

රටට වැඩක් ඇති මිනිහෙක් ගැන කතාකරමු.

:       0       3

wicky Friday, 30 July 2021 04:16 AM

නිවසට වෙලා නෙවෙයි, මාලිගාවට වෙලා නිරෝධායනය වෙන්න කිව්වා නම් හොඳයි.

:       0       5

හේ‍රත් Friday, 30 July 2021 06:30 AM

අජිත් රෝහණ මහත්තය කිව්වා කූඨ ලේකන හදන අය අවුරුදු ගනණක් හිරේ දමනව කියල​.

:       0       86

Nandalal DE SILVA - FranceSaturday, 31 July 2021 01:58 PM

අජිත් රෝහණ පොඩ්ඩක් වැරැදිලා... කියපු ටෝක් එකක්... ඒ කියපු එක අදාළ වෙන්නේ, සාමාන්‍ය පොදු ජනතාවට මිස, මැති ඇමැතිවරුන්ට නොවන බව එයාට චුට්ටක් අමතක වෙලා...

:       0       0

පප්ප Friday, 30 July 2021 07:40 AM

සතේ අතේ නැතුව හිටිය මේ තක්කඩිය ගන්න සැප දැක්කම කවුන්සිලේට පැනගත්ත නම් කියල හිතෙනව.

:       0       55

kamal Friday, 30 July 2021 11:18 AM

දැන් බැලුවහම චන්දෙ දීපු කෙනෙක් නැහැ .කමක් නැහැ ගිය වතාවේ වගේම ඊලග වතාවෙත් දීල බලන්න

:       0       149

NANJU Friday, 30 July 2021 11:20 AM

කටේ සද්දේ වැඩි උනේ ගෙදර බෙරකාරයෝ හිටිය නිසා

:       0       233

Asanga Friday, 30 July 2021 12:53 PM

හැමදාම පචෝරිස් වැඩ කරලා දැන් වැකේෂන් එකක් අරගෙන වගේ. මේ අයට ඡන්දෙ දෙන අපි තමයි මෝඩ...

:       0       108

Vithana Saturday, 31 July 2021 05:22 AM

නොමළත් මැරුණු කෙනෙක් වගේ කෙනෙක්. කිසිම ප්‍රතිපත්තියක් නැහැ.

:       0       11

chandraSaturday, 31 July 2021 07:03 PM

තවම මැරිලා නැහැ. මේ සැරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මහා පාරේ මැරෙන්නේ.

:       0       0

kalyaani Saturday, 31 July 2021 12:32 PM

කොමියුනිකේෂන් එකේ වැඩ කළා නම් නිරෝධායන කාලේ පඩි කීයක් විතර ලැබෙන්න තිබුණාද?

:       0       14

saman Saturday, 31 July 2021 07:02 PM

අවීචි මහා නරකාදියේ ඉපදේවා..!

:       0       0

JUWANIS -KIRULAPENE. Sunday, 01 August 2021 09:28 AM

මෙයා ගෙදරට වෙලා නිකන් හිටියා කියලයි තිබුණේ...

:       0       0

ruwan Monday, 02 August 2021 10:39 AM

මේකෙ අදහස් ප්‍රකාශ කරලා තියෙන අය සජී පුතාණෝ නිරෝධායනය වෙනකොට පරීක්ෂා කරපු අදහස් මොනවද කියලා හොයලා බලන්න ඕනේ...

:       0       72

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 222 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 989 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 224 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1682 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2077 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site