IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 480 ක මුල්‍ය ප්‍රදානයක්

(රංජන් කස්තුරි)

ඇමෙරිකානු රජයේ මිලේනියම් චැලෙන්ජ් අරමුදල ශ්‍රී ලංකාවට ඇමරිකානූ ඩොලර් මිලියන 480 ක්(දළ වශයෙන් රුපියල් කෝටි 8400 ක් පමණ) ප්‍රදානයක් ලබාදීමට තීරණය කර තිබේ.

ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලැබුණු විශාලතම මුල්‍ය ප්‍රදානය මෙය වන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමට අනුව එම මූල්‍ය ප්‍රදානය ලබාදීමට මිලේනියම් චැලෙන්ජ් අරමුදල තීරණය කර තිබෙන බවද මුදල් අමාත්‍යාංශය කියයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති තුනක් වෙනුවෙන් වසර 5 ක් ඇතුළතදී එම මූල්‍ය ප්‍රදානය පිරිනැමීමට නියමිතය.



අදහස් (13)

ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 480 ක මුල්‍ය ප්‍රදානයක්

thushara Friday, 26 April 2019 05:22 PM

ඔය එන්නේ බලලා ටික ටික මල්ලෙන් එලියට

:       0       0

hasantha Friday, 26 April 2019 05:23 PM

මේ ඔක්කොම එකකට එකක් සම්බන්දයි. ප්‍රහාරයෙන් ට්‍රම්ප් ගෙනියන මුස්ලිම් විරෝධී වැඩපිළිවෙල ඇමෙරිකානුවන් තුළ තවත් අනුමත උනා. ඒ වගේම ලංකාවේ වැඩ වලට මැදිහත් වෙන්නත් පුළුවන් උනා. අපේ පාලකයෝ මේක හිතලම සිද්ද වෙන්න දුන්නද කියලත් හිතෙනවා. තවත් ඉරාකයක් සිරියාවක් නොවේවා කියල ප්‍රර්ථනා කරනවා.

:       0       0

විජිත් Friday, 26 April 2019 07:04 PM

මේ සල්ලිවලට හුවමාරුවට, රනිල් මොනවා ලියලා දීලද දන්නේ නැහැ. මේ කට්ටිය රටට නොදන්වා බොහෝදේ කරලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. ඒ විතරක් නොවෙයි, කැබිනට් එකටත් නොදන්වා කරපු දේවල් තියෙනවා. හැබැයි එකක් ඇමෙරිකානු රජයට අපේ රටෙන් කෑල්ලක් හරි හමුදාව මෙහාට ගෙනඑන්න පහසුකම් හරි, ..මොනවා හරි " රට ඇමෙරිකාවට පාවාදෙන " දෙයක් අත්සන් කරලා නම් එයට සහභාගි වුණු සියලු දෙනාටම මරණ දණ්ඩනය දිය යුතුයි. එය නීතියෙන් බැරි වුනොත් මහා ජනයා කරනු නියතයි.

:       0       0

කරුණාපාල Friday, 26 April 2019 08:05 PM

ඉතාම සුන්දර ඇමක්? ඔය ඇම කනවට වඩා හොඳයි වර්චස් පිඩක් අනුභව කළානම්? අතින් කාලා හරක් බලන එවුන් ඇමරිකාවේ නැති බව පමණක් මතක තියාගනිල්ලා

:       0       0

Imran Saturday, 27 April 2019 12:49 AM

රනිල් කොහොමත් රට ආර්ථික වශයෙන් දියුණු කරන්න දක්ෂයි. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් හොද පිලිගැනීමකුත් තියෙනවා.

:       0       0

Jayalal dissanayaka Saturday, 27 April 2019 01:37 AM

පිටරට සහනාධාර ගන්න රජය අහිංහක ජීවිත බිල්ලට දීලා වගේ නේද?

:       0       0

sharm Saturday, 27 April 2019 02:32 AM

ඔව්.. අපි දැන් පුරුදු වෙලා ඉන්නේ හිඟාකන්නනේ ... කාලයක් උතුරේ යුද්ධේ විකුණගෙන කාපු අයට ඉතින් පිට රටවලින් හිඟා කන එක අලුත් දෙයක් නෙමේ.. ආයෝජකයෝ ගෙන්වාගෙන නිෂ්පාදන පටන් ගන්නවා වෙනුවට ලේසි රස්සාව තෝරාගෙන තියෙන්නේ.. එයා කෝච්චියේ හිඟාකෑවා නම් මීට වඩා නම්බුයි..

:       0       0

d.upul Saturday, 27 April 2019 05:00 AM

ගිය සතියේ ප්‍රහාරයෙන් සිදුවුණු පාඩුව අඩු කළාම... මේ ප්‍රදානයෙන් ලැබුණු වාසිය බින්දුවයි.

:       0       0

Jagath Leanage Saturday, 27 April 2019 06:26 AM

ඔය දෙනා සල්ලි නිකන් නම් දෙන්නේ නැහැ. යටි හිතේ දේවල් තියාගෙන තමයි දෙන්නේ.

:       0       0

Imran Saturday, 27 April 2019 07:48 AM

රනිල් කොහොමත් රට ආර්ථික වශයෙන් දියුණු කරන්න දක්ෂයි. ඒ වගේම ඔහුට ජාත්‍යන්තර වශයෙන් හොඳ පිලිගැනීමකුත් තියෙනවා. ඒත් කොහෙද මේ රටේ එක එකාගේ බල තණ්හාවයි, ජනාධිපතිවරුන්ගේ මෝඩකම් වලිනුයි, නූගත් මිනිස්සුයි, කොහෙද යන ත්‍රස්තවාදීන් හින්දයි මේ මනුස්සයට කරන්න හම්බෙන්නේ නෑ. අනිත් ඡන්දෙ වෙද්දි මේ ආණ්ඩුව ප්ලැන් කරල යන හැම දෙයක්ම ලබන ආන්ඩුවෙන් ඉවර කරගෙන ඔය මෝඩ මිනිස්සුන්ගෙ කනටත් රිංගයි. කොහෙද ඉතින් ලංකාවේ ආණ්ඩු තෝරන්නේ පරම්පරා ආච්චිලා සීයලා කියන විදියටනේ...

:       317       161

විජිත් Saturday, 27 April 2019 10:33 AM

ඔය සල්ලි කප්පන් සල්ලි. බලාගෙනයි මල්ලේ නයි ඇති.. රටේ කොයි කොටසද දන්නේ නැහැ ඇමෙරිකාවට රනිල් ලියලා දීලා තියෙන්නේ...? ඔවාගෙන් කාලා දිරවා ගන්න බැරිවුණාම.. අපේ අනාගත පරපුර අපිට ශාප කරාවි.

:       25       205

rataperata Saturday, 27 April 2019 09:47 AM

ඇමෙරිකාව ඔවුන්ගේ වැඩ පටන් ගන්නයි යන්නේ. මොවුන් පයගහපු ඕනෙම රටක් බලන්න ගියා මිස වෙනවැඩක් කළේ නැත. අපේ රටේ මුහුදු සීමාවේ තියන තෙල් ගන්නයි මොවුන්ගේ උත්සාහය... FBI ලංකාවට ආවා වගේම මොවුන්ට රටේ බින්න බහින්න දෙන්න එපා කියලයි කියන්නේ. යුද්ධය කාලේ නැති FBI දැන් මොකට ආවද? අපේ හමුදාවට ශක්තිය තියනවා අයිසිස් නැති කරන්න.

:       20       68

[email protected] Saturday, 27 April 2019 11:46 AM

1960 ඇමරිකානු විද්ද්වතුන් රැස්වෙලා තිරණය කළලු ඉදිරියට ආර්ථික සහ ලෝක දේශපාලන සැලසුම වහල් ව්‍යාපාර එලසින් පවත්වාගත නොහැකි නිසා එය අතහැර දැමීම ( නමුත් අද එය සරණාගත යන නම යටතේ මේ වනවිටත් ) සියලුම පරිසර දුෂණය වන කර්මාන්ත ටික චීනයට බර දීම එමගින් චීන වහලුන්ගෙන් වැඩ ගැනීම සහ ඇමරිකාවේ පරිසර දුෂණය නැවත්වීම ( චීනයට බාරදුන් කර්මාන්ත වන්නේ යකඩ ව්‍යාපාර , ප්ලස්තික් ව්‍යාපාර සහ හානිකර රසායන ද්‍රව්‍ය ආදී වසයෙන් ) අද චීනය ඇමරිකානු ගැටයට හසුවී හමාරය ඔවුන්ට චීනයේ මිනුසුන්ට සැලකිය නොහැක (සුළු වැටුපකි ,වහලුන් මෙන් වැඩ ගනී) මන්ද යත් සිය නිෂ්පාදන වල මිල අනිත් රටවලට වැඩ අඩු මට්ටමකින් පවත්වාගැනීම සදහා ඔවුන්ගේ මුදල් චීනයට අරගෙන නොයයි , එම මුදල් වෙන රටවල ආයෝජනයට සහ වෙන රටවල දේශපාලකයන් මිලට ගැනීමට සහ වෙනත් කටයුතු සදහා යොදවි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 3 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 240 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 242 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 132 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 168 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 194 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site