IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘ඇමෙරිකාව ලංකාවේ හමුදා කඳවුරු සාදාගැනීමට තැත්කිරීම ගැන පුදුම වියයුතු නැහැ’

(මුදිතා දයානන්ද)
 
ඉන්දියානු සාගරයේ ඇමරිකාව පවත්වාගෙන ගිය ප්‍රධානතම යුද හමුදා කඳවුර වූ දියාගෝ ගාර්ෂියාව ඔවුන්ට අහිමිවීමත් සමඟ, උපායමාර්ගිකව ඉතා වැදගත් පිහිටීමක පවතින ලංකාවේ හමුදා කඳවුරු හදාගැනීමට ඇමෙරිකාව උත්සාහ කිරීම ගැන පුදුමවීමට දෙයක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (22 ) පැවසීය.
            
ඔහු මේ බව පැවසුයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී වන අතර තවදුරටත් මෙසේද පැවසීය.
            
“ඇමෙරිකානු විදේශ සබඳතා පිළිබඳ සෙනෙට් අනුකමිටුව 2009 දී නිකුත් කළ ලංකාව පිළිබඳ සිය වාර්තාවේ 12  වන පිටුවේ, ඉන්දියානු සාගරයේ හරි මැද ලංකාව පිහිටීම ගැනත්, ශ්‍රී ලංකාව සමඟ හොඳින් සිටීමේ වැදගත්කමත් සඳහන් කර තිබෙනවා. 
            
ලංකාව පිහිටා තිබෙන්නේ එක පැත්තකින් ඉන්දියාවට කිලෝ මීටර් 32ක් නුදුරින්.  අනිත් අතින් චීනයේ සැපයුම් මාර්ගය වන මුහුදු සේද මාවතේ හරි මැද. ඒ නිසා මේ රටවල් දෙකටම බලපෑම් කරන්නත් ලංකාව වැදගත් වෙනවා.
            
මුරිසිය යටත් කරගෙන සිටිය ඉංග්‍රීසීන් 1965 දී දියේගො ගාර්ෂියා මුරුසියෙන් වෙන් කරලා ඇමෙරිකාවට බදු දුන්නා.  ඇමෙරිකාව ඉන්දියානු සාගරයේ සිය ප්‍රධානතම කඳවුර පිහිටුවූයේ දියේගො ගාර්ෂියාවලයි.  2019 පෙබරවාරි 25 දා දියේගො ගාර්ෂියාව මුරුසියට භාර දෙන ලෙස ජාත්‍යන්තර අධිකරණය තීන්දු කරනවා.  මේ නිසා ඉන්දියානු සාගරයේ තිබූ ප්‍රධානතම යුද කඳවුර තමන්ට අහිමි වීමේ අවදානමක් ඇමෙරිකාවට මතු වෙනවා.
            
තායිලන්තයේ ක්‍රා - ඇළ කැපීමට චීනය සමත් වුණොත් මුහුදු සේද මාවතේ මර්මස්ථානය බවට පත් වන්නේ හම්බන්තොට වරායයි.  චීනයට අවශ්‍ය ඉන්ධනවලින් 80%ක් ගෙනි යන්නේ හම්බන්තොට හරහා.  එතකොට ලංකාව පාලනය කරනවා කියන්නේ චීනයේ සැපයුම් පාලනය කරනවා කියන එකයි.

ඉහත හේතු මත ඇමෙරිකාවට ලංකාවේ හමුදා කඳවුරු පිහිටුවීම අත්‍යාවශ්‍ය වී තිබෙනවා.  ඒ නිසා ඊළඟ ඡන්දයට පෙර ලංකාව සමඟ අත්සන් කරන්න තියෙන ගිවිසුම් සියල්ල කඩිමුඩියේ අත්සන් කර ගැනීමේ අවදානමක් තිබෙනවා.
            
වර්තමාන ආණ්ඩුව 2017 අගෝස්තු 4 වන දා ඇමෙරිකානු ආණ්ඩුව සමග ඇක්සා ගිවිසුම අත්සන් කළ බව ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා පසුගිය පෙබරවාරි 22ත් අගමැතිතුමා ජූලි 12 දාත් පාර්ලිමේන්තුවේ දී පිළිගත්තා. අපි 2017 අත්සන් කළ ඇක්සා ගිවිසුම බදාගෙන ඒකෙන් රටට වෙන හානිය පෙන්වා දෙනවා.  නමුත් ඇමෙරිකාව කියන විධියට ඒ ගිවිසුම යළිත් අලුත් කරන්න මේ දිනවල සාකච්ඡා කරමින් යනවා. 
            
2017 අත්සන් කළ ගිවිසුම 2019 කඩිමුඩියේ අලුත් කරන්නේ ඇයි? ඇමෙරිකාව හදපු ගිවිසුමට තවම ලංකාවේ හමුදා එකඟ වෙලා නැතිලු. මේ ගිවිසුමේ අන්තර් ගත කරුණු මොනවා ද?  ඒවායෙන් රටට අත් වන බලපෑම කුමක්ද? යන්න ගිවිසුම අත්සන් කිරීමට පෙර සාකච්ඡා කළ යුතුයි.  පාර්ලිමේන්තුවේ විවාද කළ යුතුයි” යැයිද ඒ මහතා පැවසීය.



අදහස් (12)

‘ඇමෙරිකාව ලංකාවේ හමුදා කඳවුරු සාදාගැනීමට තැත්කිරීම ගැන පුදුම වියයුතු නැහැ’

saliya Monday, 22 July 2019 11:07 AM

ජාතික කැක්කුමෙන් හදවත පිරීගිය දේශප්‍රේමීන් තම දරු පරම්පරාවේ අනාගත නිජ භූමිය ලෙස ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව තෝරාගැනීම ගැනද පුදුම නොවන්න...

:       468       451

Asanka Monday, 22 July 2019 11:10 AM

ඔබට අකමැති වුණත් මෙහි සඳහන් වන කරුණු විදේශීය පුවත්පත් සහ වෙනත් දෙස්විදෙස් විද්වතුන් ඇමරිකානු හැසිරීම් ගැන පලකරලා තියන වාර්තා සමග සමපාත වෙනවා. ස්තුතියි..

:       60       397

sirimal Monday, 22 July 2019 11:24 AM

ඔය ගිවිසුම අත්සන් කරපු කාලේ තිබුණේ වෙන ආණ්ඩුවක්. මොකද දන්නේ නැහැ මේ මහත්තයට ඒ කාලේ ඒවාට විරුද්ධ වෙන්න හිතක් දුන්නේ නැත්තේ... මම දැක්කා කවුදෝ කියලා තියෙනවා "ඇමෙරිකාවට විරුද්ධව පොර ටෝක් දෙන ගමන් ඇමෙරිකන් පුර වැසියෙක් රටේ ජනාධිපති කරවන්න උත්සාහ කරනවා" කියලා...

:       849       719

SAMEERA Monday, 22 July 2019 11:55 AM

ඔව් මෙතුමාගේ අනාගත සිහින ජනපතිතුමාත්... මේවට උඩින්ම කැමති වෙයි. මොකද ඇමරිකන් පුරවැසියෙක්නේ ...? මෙයාගේ මුළු පවුලම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.. ඒ වුණාට ඕස්ට්‍රේලියාවට බනිනවා. අපේ ජාතික ඇඳුම ඇඳගෙන තමන්ගේ පවුලම ඕස්ට්‍රේලියාවේ පදිංචි කරලා අපිට දේශප්‍රේමය උගන්වනවා..

:       1       455

kapila Monday, 22 July 2019 12:30 PM

සුදු ජාතික ඇඳුම ඇඳගත් පච ගෙම්බෙක් දෙස බලන්න ආසනම්, මොහු දිහා බලන්න. මේ කියන හැමදෙනාම සම සමාජ කාරයන් ඇතුලු සියලුම දෙනාගේ ළමයි ඉගෙන ගත්තේ මේ කියන අධිරාජ්‍යවාදී රටවල් වල... අපේ රටේ ළමයින්ට, මිනිස්සුන්ට දුක උරුම කරලා .. දෙන්න මේ මූසලයන් දරන වෑයම ඉතා දුෂ්ටයි. මේ රටේ ඉපදීම පවක් අවාසනාවක් නෙමෙයි. ඉතා පිනක්... නමුත් කාලකන්නින් යටතේ පාලනය වන රටක ජීවත් වෙන්න අපි ඉතා පව්කර ඇත්තෙමු.

:       119       225

menna Monday, 22 July 2019 12:58 PM

මෙතුමා කට ඇරියොත් කියන්නේ ගෝඨාභය මහතා හිරේගියත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා. ඒ වුණාට ඇමරිකානු ගිවිසුම්වලටයි, කඳවුරුවලටයි විරුද්ධව කතා කියනවා. ගෝඨාභය මහතාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම ඇමරිකානු ගිවිසුම් වලට හා කඳවුරුවලට ලංකාවේ ප්‍රදේශ ලබාදීම එක හා සමානයි කියා මට නම් හිතෙන්නේ. කොහොමත් ලංකාව පාලනය වෙන්නේ ඉන්දියාවේ අදෘශ්‍යමාන බලවේගයකින්... ඒකටම චීනේත් හොට දාලා. දැන් ඉතින් ඇමරිකාවටත් හොට දාන්න ඉඩ දුන්නට මොකද? යුද්ධය දින්නට පස්සේ කරන්න තිබුණු දේවල් නොකර, කොහොමද ලංකාව පවුලක් අතරේ බෙදාගන්නේ කියා හිතාගෙන ඉන්න අයට එහෙයි කියාගෙන ඉඳලා දැන් මොනවද මේ කතා...? ලංකාවට ලෝකෙත් එක්ක යුද්ධ කිරීමේ ශක්තියක් නැත. ලෝකෙත් සමග ගනුදෙනු කරන්න වෙන්නේ ගිවිසුම් සමග. 1815 මෙන්ම ඊට කලින්ද වෙලා ඇත්තේ මේවගේ දේවල් කියා මට නම් හිතෙන්නේ. එම නිසා ඉදිරියේදීත් අනෙකුත් රටවල්වල අත ගැහිලිවල අඩුවක් වෙතැයි නොසිතමි. ව්‍යවස්ථාවෙන් ජාතික, රාජ්‍ය, පරිපාලන භාෂාව එකක් නොකරොත් ඉදිරියේදී සාමාන්‍ය ජනතාවට තවත් කරදරයි. ප්‍රෞඩත්වය හා දේශීයත්වය රැකගත හැක්කේ මැද පන්තියේ ජනයාටයි. මැද පන්තිය බෙදා කරදර නොකර ජීවත් වීමට ලස්සන රටක් හැදුවොත් හොඳයි.

:       91       209

Amila Monday, 22 July 2019 01:02 PM

ඇමරිකන් විරොධීන්ගේ ළමයි.. එක්කෝ ඉගෙන ගන්නේ බටහිර රටවලයි. එහෙම නැත්තම් පුරවැසිකම් තියෙන්නේ ඒ රටවලයි. හිනාම යන කාරණය නම් ඇමෙරිකාවේ පුරවැසියෙක් රටේ නායකයා කරන්න කියන මොහුම ඇමෙරිකන් විරෝධයක් පෙන්වීමයි... බණ්ඩා අපේ මිනිස්සුන්ට සිංහලෙන් ඉගෙනගන්න කියා තමන්ගේ ළමයින් පිටරට යවා ඉගැන්වීය. මේ අයත් කරන්නේ එයමයි. අපේ මිනිස්සු තරම් මෝඩයට අන්දන්න පුලුවන් මිනිස්සු වෙන කිසිම රටක නැතුව ඇති...

:       134       153

kolam boss Monday, 22 July 2019 01:18 PM

මෙතුමාට තියෙන්නේ ඇමරිකාව සමග පුද්ගලික තරහක්... රටක ඡන්ද පදනමක් නැති පොඩි පක්ෂයක් සඳහා වියදම් කරන්න ඇමරිකානු රජය කැමති නැහැ. ඇත්තටම මහා බ්‍රිතාන්‍යයට ගෙවනවාට වඩා ඉතා අඩු මුදලකට සහ සරල කොන්දේසි ටිකකට මුරුසියෙන් ඔය දිවයින බදුගන්න එක ඇමරිකාවට කජ්ජක් නෙමෙයි. මට දුක 2013දී රටට කුණු ගේන්න පුළුවන් විදියට පනත් හදලා අවසර දෙද්දී මෙයා නිදාගෙනද හිටියේ කියලයි.

:       0       125

Chanak los angeles Monday, 22 July 2019 02:52 PM

ඇමරිකාවට බැණ බැණ ඇමරිකානු පුරවැසියෙකු රටේ නායකත්වයට ඉල්ලනවා. අනේ කාලේ වනේ වාසේ..

:       0       64

Prabha Monday, 22 July 2019 03:33 PM

අපිට බණ කියන්න කලින් තියෙන නඩුවලට මුහුණදී නිර්දෝශී පුද්ගලයෙක් වෙලා පෙන්වන්න.

:       39       117

pakeer Monday, 22 July 2019 04:01 PM

මේක වෙන්න ඕනේ දෙයක්... අනිවාර්යයෙන් ඇමෙරිකන් කාරයෝ මෙහෙ එන්න ඕනේ... ඇවිත් මේකේ කඳවුරු ගහන්න ඕනේ. අපි ලෝකේ අනිත් ලොකු ජාතින් එක්ක මිශ්‍ර වෙන්න ඕනේ. මේකේ ඇතුලේ ගෙම්බන් වගේ ඉඳලා හරියන්නේ නැහැ. අපිව යටත් කර ගත්තට කමක් නැහැ. මේකේ ගොබ්බ හැත්තට ඕනේ සිංහල කිය කියා මේකේ ඉඳන් ගෙම්බන් ටික කියකියා ඉන්න. පුළුවන් අය එළියට යනවා. රිලව් ටික ඉතුරු වෙනවා. මම නම් හරිම අාසයි සුද්දන් එනවට. මේ ගැන මට පොතක් පිරෙන්න ලියන්න පුළුවන්. එ්ත් වැඩක් නැහැ...

:       177       43

Chanak los angelesMonday, 22 July 2019 05:38 PM

මසුරන් කියමනක් ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 2 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 52 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 154 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 733 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2611 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 738 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site