(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් තමාව හදිසියේ ම අග‍්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා ඇති බව පවසමින් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඇඹිලිපිටිය, සංඛපාල රජමහා විහාරසථානයේ පැවති උත්සවයක් අතර තුර කොළඹ බලා පිටත්විය.
ඇඹිලිපිටිය ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ රුපියල් ලක්‍ෂ හතළිහක වියදමින් ඉදිකළ තනිමහල් දහම් පාසල් ගොඩනැගිල්ල අද (29) සවස සජිත් පේ‍්‍රමදාස මහතා අතින් විවෘත කෙරිණි.
රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන මහතා උත්සවය සංවිධානය කර තිබූ අතර එදින සවස 04.00ට ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතව තිබුණි නමුත් සජිත් පේ‍්‍රමදාස මහතා එහි පැමිණෙන විට සවස 05.00 පමණ විය.
ශ‍්‍රී සංඛපාල විහාරස්ථානයේ භාරකාර කොකාවල කෝසල හිමි ඇතුළු මහා සංඝරත්නය , සිරිපාල කිරිඇල්ල, පී.අබේනායක, බී.ආරියවංශ යන හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු සහ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ඇඹිලිපිටිය නගර සභාව සහ ප‍්‍රාදේශීය සභාවේ සභිකයන් ඇතුළු පාක්‍ෂිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන් පසුව පැවැති ජන හමුවේදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවැසීය.
‘‘මට දැන් අගමැතිතුමා හදිසි කැඳවීමක් කරලා තියනවා. අග‍්‍රාමාත්‍ය කාර්යාලයට එන්න කියලා . ඒ නිසා උත්සවයේ න්‍යාය පත‍්‍රය හදිසියේ වෙනස් කරලා මගේ කතාව මුලට දාගන්න සිදුවුණා. න්‍යාය පත‍්‍රය වෙනස් කළාට මට හැම දෙනාම සමාවෙන්න යැයි’’ පවසා විනාඩි පහළොවක පමණ කතාවක් කර සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා හමුවීමට කොළඹ බලා පිටත්ව ගියේය.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇඹිලිපිටියේ සිටි සජිත්ව හදිසියේම කොළඹට කැඳවයි
Chamara Thursday, 29 August 2019 03:41 PM
ජනපති සජිත් තමා.
BamunuarachchiFriday, 30 August 2019 09:52 AM
දවල්ද?
BamunuarachchiFriday, 30 August 2019 09:54 AM
මොන සුදුසුකමකටද? විස්තර කීවොත් අපිටත් එයාට ඡන්දය දෙන්න.
Nandalal DE SILVA - France Thursday, 29 August 2019 03:50 PM
මොකොද දන්නේ නැහැ අගමැතිතුමා සජිත් හදිසියෙම ගෙන්වුවේ? රිදී බන්දේසියක තබා ජනාධිපති තනතුර වෙනුවෙන් ඉදිරිපත්වෙන ලෙස ආයාචනය කරාද දන්නේ නැති නිසයි අහන්නේ..... ජනාධිපති වෙන්න ඉන්න සජිත්, රනිල් මැතිතුමා හමුවෙන්න කොළඹ ගියේ උඩින්ද? එහෙම නැත්නම් පොලිස් නලා සද්දේ දමමින් මහ මග බ්ලොක් කරමින් කාර් රේස් දුවනව වගේ ගියාද?
Gamarala Friday, 30 August 2019 02:14 AM
මොකද ගැටුමකින් තොරව ගොඩින් බෙර ගන්න හිතුවද? ඉස්සර වගේ කරන්න බැරිවග දැන් තේරෙනවනේ.
Dulip Wedaarachchi Friday, 30 August 2019 09:52 AM
සජිත් නම් නැතත් අපිට කමක් නෑ. ජලනි ආර්යාව අාවොත් අපිට ඇති!!!