IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ඇවන්ට්ගාඩ් සභාපතිට - පාලිත ප්‍රනාන්දුට එරෙහි අල්ලස් නඩුව අත්හිටුවීමට නියෝග

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ නඩුව විභාග කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (31)  අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.
 
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව නඩුව විභාගයට ගැනීමට ගත් තීන්දුව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා “ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කුමුදුනි වික්‍රමසිංහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරන ලදී.
 
ඒ අනුව පෙත්සම විභාග කිරීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 02 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කෙරිණි.
 
 ෙ‘ඇවන් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව , එහි අධ්‍යක්ෂ ජනරාල් , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
 
 ොලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදුකළ බවට “ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව සම්බන්ධයෙන් විත්තියෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය එම නඩුව ජුනි මස 04 වැනිදා පටන් විභාග කිරීමට ඉකුත් දා තීරණය කළාය.
 
අල්ලස් කොමිෂන් සභාවේ සියළු කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇති හෙයින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කළ ආකාරය වැරදි බවටත් ඒ අනුව මෙම නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවටත් තම නීතීඥවරුන් ඉදිරිපත් කළ  මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කිරීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත් , තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන්නැයිද  පෙත්සම්කරුවෝ සිය ප්‍රතිශෝධන පෙත්සමින් ඉල්ලා සිටිති.
 
පෙත්සම්කාර නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතීඥ ඉරාජ් ද සිල්වා සහ නීතීඥ හරිත් හෙට්ටිආරච්චි යන මහත්වරු පෙනී සිටියහ.



අදහස් (22)

ඇවන්ට්ගාඩ් සභාපතිට - පාලිත ප්‍රනාන්දුට එරෙහි අල්ලස් නඩුව අත්හිටුවීමට නියෝග

Naushi Friday, 31 July 2020 06:34 AM

ඊළඟට දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරනු ලැබෙයි.

:       30       852

ranjithSaturday, 01 August 2020 01:00 AM

මේ සෙට් එක බේරගන්න 2/3 දෙමු. මේක තමයි ඉන්න හිතෙන රට....

:       0       0

විපරමා Saturday, 01 August 2020 12:22 PM

චොකා මල්ලිවත් නිදහස් කරයි.

:       0       23

de silva Friday, 31 July 2020 06:36 AM

හොරු රකින විරුවෝ...

:       83       1723

rana Friday, 31 July 2020 06:49 AM

වෙන දෙයක් බලාගෙන සිටි අය අත් උස්සන්න !! කවුරු අාවත් ඔච්චර තමයි ! අනාගත පරපුර ගැන තද දුකක්, වේදනාවක් දැනෙනවා...

:       120       1451

විජිත් Friday, 31 July 2020 09:25 AM

rana , එහෙමම හිතන්න එපා, හැමතිස්සෙම බලාපොරොත්තුවට ඉඩ දීලා බලාගෙන ඉන්න, දුක් වේදනා විඳ දරාගනිමින්. දවසක..අනාගතයේ දවසක ..." මහජනයා අතරින්ම නැගෙන මහා විප්ලවයකින් " මේ සියල්ලම වෙනස් වේවි. එය ජවිපෙ කළා වගේ විප්ලවයක් නොවේවි. ප්‍රචණ්ඩ ලේ හලන නොනැවැත්විය හැකි, දුක් පීඩා විඳපු ජනතාවගේ නැගිටීමක් වේවි. අවසානයේදී පොලිසිය, හමුදාව.. සියලුම ආරක්ෂක අංශ ඒ අයට සහාය දේවි. එදාට අවුරුදු 72 ක් පුරාවට අපේ රට විදේශයන්ට විකුණාගෙන කාපු, අමන, හොර, දුෂිත දේශපාලුවන්, ඔවුන්ගේ දරුවන්, දරුවන්ගේ දරුවන් සියලුදෙනාම මහජනතාවගෙන් මහපාරේදීම මැරුම් කාවි. කර්මය මේ ආත්මයේදීම පලදෙනවා. ඒ කාලය කවදාද කියන එක මට හරියට කියන්න බැහැ. සමහරවිට තව අවුරුදු 5න් 10 න් එහෙම නැතිනම් තව දවස් 5න් 10න් වෙන්නත් බැරි නැහැ. ලෝකය කැරකෙනවා. ආයෙත් හිටපු තැනටම එනවා. එහෙම දවසක අලුත් රටක්, වාසනාවන්ත රටක් උදාවෙනවා බලන්න මටත් ආයුෂ තිබුණොත් මම මේ ලෝකයේ සිටින වාසනාවන්තම මිනිසා වේවි.

:       1       502

ranaFriday, 31 July 2020 10:21 AM

කාසිවලට යටවී සිටින මෝඩ, උද්ද්ච්ඡ, එකිනෙකට නැති සිහලුන්ට මොන විප්ලවද විජිත්? නැත්නම් ලේ සෙලවීමෙන් තොර වෙනසක් කරගත හැකිනේ...

:       0       597

lalithmSaturday, 01 August 2020 06:27 AM

කාසි පමණක් නොවෙයි.. මේ යක්කු පිටුපස සිටින දේශපාලුවන් විසින් මෙහෙයවන බව සිංහලයින් තේරුම් ගන්න තාක් මෙම සුදුකරපටි ධාරි හොරුන්ගෙන් රටට වන හානිය වළකාගන්න බැහැ.

:       0       64

pradeepa Friday, 31 July 2020 06:56 AM

අදා හොරු, අද බෝධිසත්වයෝ වෙනවා... මාර රටක්... මාර නීතියක්.. අනේ අපිට යන්න හිතෙන රටක් වෙලා.

:       177       1424

kamal Friday, 31 July 2020 07:53 AM

දැන් මේ නඩුව අත්හිටවූ නිසා පාඨලීගේ නඩව නිදහසේ අහන්න පුළුවන්. සාදු සාදු...!!! 

:       5       425

sachin Friday, 31 July 2020 08:05 AM

පොල් ගෙඩියක් අඹ ගෙඩියක් නම්, කේස් එක ලොකුවටම යයි. ගාණ ලොකුයිනේ. ඉතින් සාක්ෂි නැහැ.

:       0       1137

SARATH SILVA Friday, 31 July 2020 08:52 AM

හොරු නිදහස් වෙනවා. මේක අරුම පුදුම රටක්නේ... නීතිය රකින විරුවන්ගේ රෙද්ද පල්ලෙන් බේරෙනවා.

:       1       1199

විජිත් Friday, 31 July 2020 09:09 AM

ශ්‍රී ලංකාවේ ඇති අමන දූෂිත දේශපාලනයටම ගැලපෙන අමන නීති පද්ධතියත්... පාලකයින්ට කොන්ද නමන විනිශ්චයකාරවරුන්, වරියන් මේ රටේ සිටින තාක්කල් දූෂිතයින් හැමදාම නීතිය සමග සෙල්ලම් කරමින් යහතින් වැජඹේවි. හොරා හොරකම් කරලා පොලිසියට අහුවුණාම.. හොරා උසාවියට කියනවා "අනේ ස්වාමිනි.. මාව අත්අඩංගුවට ගන්න එපා කියලා පොලිසියට කියන්න" කියලා. එවිට නඩුකාරයා පොලිසියට කියනවා " විත්තිකරු අත්අඩංගුවට ගන්න එපා" කියලා. මේ වගේ අමන, අසික්කිත නීති තියෙන එකම රට ශ්‍රී ලංකාව පමණයි. කොටින්ම රටේ ජනාධිපතිත් අවුරුද්දකට පමණ ඉහතදී නඩුකාරයා ඉදිරියේ හඬා වැටී ඉල්ලා සිටියා ' පොලිසියෙන් මාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් දෙන්න ' කියලා. අන්ත දූෂිත, ඒකපාර්ශ්විකව නඩු තීන්දු දෙන විනිශ්චයකාරයින්ගේ නම් පවා සඳහන් කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා පසුගිය ජනාධිපතිවරණයේදී කිව්ව දෙයක් මට මතකයි.. එය එදාටත් වඩා අදට ගැලපෙන දෙයක්.. ඔහු කිව්වා "මම ජනාධිපතිවුණු වහාම දූෂිත නඩුකාරයින් සියලුදෙනාවම රැකියාවලින් අස්කරනවා. ඒ වෙනුවට මේ නම් සඳහන් ඍජු තීරණ ගන්නා නොනැවෙන විනිශ්චයකාරවරුන් පත්කරනවා.." කියලා. අවාසනාව හැමතැනම.. රජකරනවා. රට වැසියන්ව අසරණ කරලා.

:       1       1090

Rohana Friday, 31 July 2020 09:26 AM

තෝරු, මෝරු අල්ලගන්න අමාරුයි... හාල්මැස්සෙක් නම් මෙලහකටත් අහුවෙලා.

:       0       416

Prasad Friday, 31 July 2020 09:45 AM

රට රකින විරුවා තාප්පෙටම කෙළියි වගේ...

:       0       1056

shanaka Friday, 31 July 2020 11:14 AM

හෙණ ගහපන් කියලා තමයි කියන්න තියෙන්නේ...

:       0       570

Demuni Uduwara Friday, 31 July 2020 12:00 PM

දෙවියන් කොහිද?

:       1       590

dewa Friday, 31 July 2020 03:34 PM

තව සෙල්ලම් ඉදිරියට බලාගන්න පුළුවන්... ඔහොම යං හරිද?

:       0       1210

athula Friday, 31 July 2020 05:20 PM

එදා ඕක නේවි එකට තිබුණේ.. ඒක ගෝඨාළය ගත්තා... ඒක බාරදුන්නා නිශ්ශංකට... මේක ධන උල්පතක්. කට්ටිය බෙදාගෙන කනවා. මේක මහබැංකු මංකොල්ලයට වඩා වැඩියි. ගිනිඅවි පනත අනුව ජනපතිවරුන් 5කටම අධිචෝදනා තියෙනවා. මේක රනිල්, මෛත්‍රී යට ගැහුවා.

:       0       0

athula Friday, 31 July 2020 05:35 PM

හොරුන්ට ගිය රට...

:       0       0

athula Friday, 31 July 2020 06:02 PM

රටකට යන කලක්... අද ජනතාවගේ ධනය මංකොල්ල කාපු අය පිනුම් ගහන යුගයක්.. මේ අය අධි චෝදනා සහිතව අැප නැති ව හිරේට දාන්න. මෙහි ප්‍රධාන චූදිතයා අද රටේ නායකයින් වෙලා... ඉතින් කාට කියන්නද?

:       0       0

Rata Perata Saturday, 01 August 2020 08:02 AM

ඔන්න වැඩ අල කරන විරුවා ආයෙත් වැඩක් අල්ලන්න වගේ හදන්නේ.. බයියලාගේ අවධානය පිණිසයි.

:       0       77

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 603 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 1065 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 241 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1772 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2149 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 110 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 268 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site