(තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ , නිමන්ති රණසිංහ)
“ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ 5 වැනි සහ 12 වැනි විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගැනීමට අද (03) නියෝග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම විත්තිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කළේය.
අධිකරණය මඟින් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ රක්නා ලංකා සමාගමේ සමුද්‍ර ආරක්ෂා අංශයේ සාමාන්‍යධිකාරි පොන්නතුරෙයි බාලසුබ්‍රමනියම් ප්‍රේමචන්ද්‍රන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති නැමැත්තන්ට එරෙහිවය.
මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවිණි.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 වගන්තිය අනුව කරන ලද ඉල්ලීමක් පරිදි අධිකරණය මෙසේ නියෝග කෙරිණි.
මෙම විත්තිකරුවන් දෙදෙනා විදේශ ගතව ඇති බැවින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.සෙනරත් මහතා ඇතුළු සාක්කිකරුවන් පස් දෙනෙකු සාක්කි දෙමින් කියා සිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරු කණ්ඩායමක් සමඟ ජනාධිපති කුවේර ද සොයිසා මහතා පෙනී සිටියේය.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇවන්ට් ගාඩ් නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක්
Gune Tuesday, 03 December 2019 01:54 PM
පිට රටට පැන්න වාසනාවන්තයින්ට දැන් ඉතින් ආපහු එන්න පුළුවන්. මෙහෙ හිටිය නම් රිමාන්ඩ් වෙනවනේ.
බද්රානි Tuesday, 03 December 2019 02:57 PM
ඉන්දියන් සාගරයටත් වඩා ලොකු හිනා සාගරයකද කිමිදෙමින්, මොනතරම් සතුටින්ද මේ අපි ජීවත් වෙන්නේ? .
කරුණාපාල Tuesday, 03 December 2019 04:31 PM
ඔය නඩුවේ මහා විත්තිකාරයා ගැන කවුරුවත් කතා නොකරන්නේ භයකට එහෙම නෙවෙයි. අපිටත් ලැජ්ජාවක් කියලා එකක් තියන නිසයි. මොනා නැතත්, ලැජ්ජාව පරිස්සම් කරලා තියා ගන්න එපැයි.