IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘ඇස්ට්‍රාසෙනිකා’ ඉතිරි තොගය සෙනසුරාදා ලංකාවට

(ඩයනා උදයංගනී)

ජපාන රජයෙන් මෙරටට පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා ඉතිරි එන්නත් තොගය ලබන සෙනසුරාදා (7) රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති, අකිරා සුගියාමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැනුම් දී ඇත.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ජනතාවට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් පෞද්ගලිකව කළ ඉල්ලීමක් අනුව ලැබෙන මෙම එන්නත්වලින් කොටසක් ඉකුත් සෙනසුරාදා (ජූලි 31) පස්වරුවේ මෙරටට රැගෙන ආ අතර එම එන්නත් තොගය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදෙමින් ජපාන තානාපතිවරයා මේ බව පැවසීය.

එන්නත් නිල වශයෙන් භාරදීම ජනාධිපති කාර්යාලයේ දී අද (2) පෙරවරුවේ සිදුකෙරිණි.දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සනිටුහන් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා මෙම එන්නත් මාත්‍රා ලක්‍ෂ 15ක පමණ තොගයක් මෙරටට ලබාදීමට තීරණය කළ බව අකිරා සුගියාමා මහතා මෙහිදී සඳහන් කළේය.

එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් - 455 දරණ ගුවන් යානයෙන්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ අතර එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ තෝරාගත් මධ්‍යස්ථාන 20කදී ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹිණි.



අදහස් (0)

‘ඇස්ට්‍රාසෙනිකා’ ඉතිරි තොගය සෙනසුරාදා ලංකාවට

ඔබේ අදහස් එවන්න

දියත

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 257 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 189 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 842 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 232 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 718 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 154 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site