IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


“ඉදිරි ජනාධිපතිවරණයේදීත් දූෂණ විරෝධී සටනක් කරනවා”

(ඩයනා උදයංගනී)

         

පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම එළඹෙන ජනාධිපතිවරණයේදීත් දූෂණයට විරුද්ධ සටනක් ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එම සටනේදී බැඳුම්කර හෝ වෙනත් වංචා ආදී වශයෙන් වෙන් කිරීමක් නොකරන බව කී අමාත්‍යවරයා රටට පාඩු කරන අයට ඡන්දය නොදී සිටීමේ වගකීමක් ජනතාවට තිබෙන බව ද සඳහන් කළේය.

එම සටනේදී තමන්ට බොරු චෝදනා එල්ල විය හැකි බව කී ඇමැතිවරයා ඒවාට පිළිතුරු දෙන්න සූදානම් බව සහ එම පිළිතුරුදීම්වලදී තවත් බොහෝ දෙනෙකුගේ කෙරුවාවල් හෙළිවනු ඇති බවත් කීවේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 



අදහස් (30)

“ඉදිරි ජනාධිපතිවරණයේදීත් දූෂණ විරෝධී සටනක් කරනවා”

Soma dubayi Friday, 01 March 2019 11:20 AM

විශිෂ්ඨ ප්‍රකාශයක්.... ඉදිරි ජනාධිපතිවරනෙදිත් අපිට ඔන්න රෙජීමයට විරුද්ධ පොදු අපේක්ෂකයෙක්..

:       563       1009

Hafeel Friday, 01 March 2019 12:32 PM

බලනකොට රාජපක්ෂ රෙජීමේ හා රනිල් රජීමේ දෙකම පරාජය කළයුතුයි.

:       10       34

RaveendraFriday, 01 March 2019 02:31 PM

මේ ගොයියද..? "කටුසු න්‍යාය" හදාරලා ඉහළ සාමාර්ථයක් ගත්ත ඔබේ මගේ අපේ බදු මුදල්වලින් සියලු සුඛවිහරණ විඳින තවත් එක ගවයෙක් විතරයි අපට නම්...

:       404       408

ranga Friday, 01 March 2019 11:27 AM

ඔබතුමාටත් නාමයෝජනා ලැබෙන එකක් නැති වෙයි නේද?

:       0       104

ජයන්ත මිලානෝ Friday, 01 March 2019 11:30 AM

බොහොම සතුටුයි... ඊළඟ ජනාධිපතිවරණයේ විතරක් නෙමේ ඊට පසුවත් එන ජනාධිපතිවරණයේදීත් ඔය සටන කතාවෙන් ගෙනියන්න. ඊළඟ ජනාධිපතිවරණයේදී දූෂණයට විරුද්ධව සටන් කරන්න රටක්නම් තියෙයි. නමුත් දැන් තියෙන ඉතියෝපියාවටත් අන්ත... මේ දෙගොල්ලන් කරන්නේ ජනතාව ගොනාට ඇන්දවීමයි.

:       10       115

Kule Friday, 01 March 2019 11:46 AM

වල්මත් වෙලා වගේ නේද?

:       0       115

sena Friday, 01 March 2019 12:01 PM

ජනාධිපතිවරණයේදී නෙවෙයි, ජනාධිපතිවරණයෙන් පස්සෙයි දූෂණ විරෝධී සටන අවශ්‍ය වෙන්නේ, කොහොම නමුත් දේශපාලන අවස්ථාවාදියෙක් නම් ගේන්න එපා සර්.., හඳෙන් හාල් ගෙන්නවත්, ඉරෙන් කිරි ගේන්නවත් බැහැ කියන එක අපි දන්නවා. ඕනෑම අමාරු අවස්ථාවක කට්ට කාගෙන රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී හිටින නායකයෙක් අපිට ඕනේ....

:       2       5

N gamage Friday, 01 March 2019 12:08 PM

පෙර සටනේ ප්‍රතිඵල කෝ?

:       0       176

Keppetipola Friday, 01 March 2019 12:09 PM

අනේ මෙයාගේ බොරු කයිවාරු. දූෂිතයන් ආරක්ෂා කරන මේ වගේ නිවටයෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු විය නොහැක. චම්පික කරපු දූෂණ එළියට එයි කියා බයේ එයාට බොරු චෝදනා එල්ල වෙයි කියා ජනතාව රවටන්න හදනවා. මොහු හැම ඡන්දයකදීම කලේ අලුත් බලවේගයක් හදනවා කියා ජනතාව රවටා බලයේ සිටීමයි. මෙයා කරපු කිසිම වැඩක ප්‍රතිඵලයක් නොමැත. මීතොටමුල්ල කුණු කන්දෙන් කොම්පෝස්ට් පොහොර හදනවා කියා බොරු මාධ්‍ය සංදර්ශන දමා ජනතාව රැවැට්ටුවා. ගිය ආණ්ඩුවේ ආරම්භ කරපු ව්‍යපෘති විවෘත කරමින් ශෝභන දමමින් රටේ කොන්ක්‍රීට් වනාන්තර හදමින් රට තවත් ණය කරනවා මිසක් රටට කිසිම සැලැස්මක් නැති වැඩ කරමින් කොමිස් ගහන උගත් මෝඩයෙක්. මොහුගේ දුෂණ ඉදිරියේදී ජනතාවට එළිවනු ඇත. මොහු දැන් හදන්නේ යූ.එන්.පීය දෙකට කඩා එයින් ප්‍රයෝජනය ගෙන ජනාධිපති පොදු අපේක්ෂක වීමටයි.

:       112       475

Cisco Friday, 01 March 2019 12:23 PM

එතකොට මෙතුමා හිටපු රජයේත් ඉන්න රජයේත් ඇමතිවරයෙක්... කෝ එහෙනම් රජය අතුලේදී ඒ කෙරෙන දූෂණ ගැන තදින් කතා කරනවා.. ඒවාට විරුද්ධ වෙනවද?

:       0       168

Hafeel Friday, 01 March 2019 03:02 PM

Cisco, රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිකම් දරාගන ඒ ආණ්ඩුවේ දූෂණ ගැන නිහඬව ඉඳන්, දැන් විවේචන කරනවා. මේ ආණ්ඩුවේත් ඇමතිකම් දරාගෙන මහබැංකු වංචා ගැන නිහඬව ඉඳන්, ඔන්න දැන් කට අරිනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ අවසන් හුස්ම. මෙයාත් දැන් හරියට හකීම්, රිෂාර්ඩ් වගේ බලයට පත්වෙන ආණ්ඩුවේ ඇමැති...

:       0       86

Hafeel Friday, 01 March 2019 12:40 PM

එහෙමනං බැඳුම්කර වංචාව දැන් හරි පිළිගන්නවනේ... අනික ඔබලාගේ දූෂණ විරෝධී සටන් පාඨය පිළිගන්න ජනතාව දැන් සූදානම් නැහැ. මේ අවුරුදු හතරම හොරු අල්ලපු හැටි ජනතාවට තේරනවා. දූෂණ, වංචා නැතිකරනවා කියලා ඇවිත් මහ බැංකුවත් සුද්ද කළා.

:       0       210

de silva Friday, 01 March 2019 12:56 PM

ඔබතුමා හැමදාම ඡන්දෙට කලින් කියනවා "බාලගිරි අද නොවේ හෙට කියලා " අපිත් අහනවා, ඔබත් කියනවා, ඕක ඔබ වයස 80 පැනල හැරමිටියෙන් යනකොටත් කියාවි, අපිත් අහවි..

:       0       33

Bandara Friday, 01 March 2019 12:56 PM

මෙයා දූෂණයට විරුද්ධව කටක් අරින්නේ නැහැ. දැන් පොර ටෝක් දෙනවා. මහ එපාම කරපු කෙනෙක්...

:       0       47

kanthi Friday, 01 March 2019 04:27 PM

මිනිහා මොලේ අමාරු කාරයෙක්.. පොඩි කොල්ලන්ව පෙන්වන්න බැහැ.. සමනලයෙක්.. වගෙයි.. ප්‍රවේශමෙන්.

:       0       59

Chandima Friday, 01 March 2019 01:02 PM

ඔබ ඒ කාලේ පරිසර අමාත්‍යකමක් කරන කොට රථවාහන වල දුම් පරීක්ෂා කිරීමේ නීතියක් ගෙනාවා. කොම්පැනි කීපයකට වැඩේ කරගෙන යන්න බලය ලබා දුන්නා. ඊළඟට එ්කටම එකතු කරලා බද්දකුත් සෙට් කළා. ආණ්ඩුවටයි, කම්පැනියටයි හොඳට හම්බකර ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ කොම්පැනියට යන සල්ලිවලින් කොටසක් තව කාටකාට හරි ජීවිත කාලය පුරා සන්තෝසම් යවන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ එක සතයක්වත් රටේ පරිසරයේ ආරක්ෂාවට නම් කිසිම විදියකින් දායක වෙන්නේ නැහැ. පරිසරයේ කාබන් ඉවත් කිරීමට කිසිම වැඩ පිළිවෙලක් අපෙන් දුම් පරික්ෂාවට කියලා හුරාගන්න සල්ලි වලින් කෙරෙන්නේ නැහැ. වෙන රටවල ඒ සල්ලි ඒ වගේ වැඩට විතරයි යොදන්නේ.. ඒ නිසා වෙන මොන දූෂණය ගැන කතා කලත් ඔබ කරපු පරිසර දූෂණය ගැන කවද‍ා හරි ඔබට උත්තර දෙන්න වේවි...!!!

:       8       115

මුණසිංහFriday, 01 March 2019 03:53 PM

සහතික ඇත්ත. දුම් පරික්ෂාව යනු තනිකරම වංචාවක්-දූෂණයක්. කිසිම ප්‍රතිඵලයක් නැහැ. කීප දෙනෙකුට ගානක් හොයා ගන්න කරපු තකතීරු වැඩක්...

:       0       34

de silva Friday, 01 March 2019 02:05 PM

චන්දිම මහත්මයාගේ අදහස මමත් අනුමත කරනවා. දුම් පරීක්ෂණය කියලා අපෙන් ගන්න මුදල්වලින් පරිසරයට වෙන සෙත මොකක්ද?

:       0       15

විජිත් Friday, 01 March 2019 02:46 PM

මොනවා.. ඊළඟ මැතිවරණයටත් ඔබ එනවා...? බුද්ධිමත් මිනිස්සුනේ...මෙන්න පළමුවෙනි අපේක්ෂකයා ඔබගේ ඡන්දයෙන් " කුණු බක්කියට" යවන්න. ඔව් ඉතිහාසයේ කුණු බක්කියටම දමන්න. ආයෙත් නොඑන්නම...

:       74       212

Sumith Friday, 01 March 2019 04:29 PM

බැංකුව අතුගාපු කට්ටිය මතක් කළොත් හොඳයි.

:       0       10

abdul majeed Friday, 01 March 2019 04:30 PM

මෙයා පුත්තලමේදී අපි ගානට ටකල් කරන්නයි ඉන්නේ. මුළු පුත්තලමේම ජනතාව බලාගෙන ඉන්නේ ඒ පැත්තේ එනකම්... අනිවාර්යෙන්ම ගුටි කනවා... ගහලා ගහලා ..අරුවක්කලු කුණු මැෂින් එකටම දමනවා.

:       129       67

sunilFriday, 01 March 2019 11:30 PM

තම්බි, ඔන්න වැඩේ පුලුවන්නම්. මුළු ශ්‍රී ලාංකික ජනතාවම ඔබට ස්තුතිවන්ත වේවි...!!!

:       0       41

Sumith Friday, 01 March 2019 05:30 PM

ජනතාවට අලුතින් උගන්වන්න දෙයක් නැහැ. අද මැතිවරණයක් තිබුණොත් ඇපත් නැහැ..

:       0       52

de silva Friday, 01 March 2019 07:41 PM

ඔබතුමා 2014 දී කීවෙත් ඕකම තමයි. දැන් අවුරුදු 5ක් විතර ගතවෙලා.. මේකෙන් පෙන්නන්නේ ඔබතුමා සටනින් පැරදිලා, පැරදුණු මිනිස්සුන්ට මනාපේ ගහලා සටන් බිමට යැව්වට දුෂණ විරෝධී සටන දිනන්න බැහැ. අර ක්‍රිකට් ටීම් එකේ ලකුණු නොගහන බැට්මන්ලා කපලා දමනවා වගේ මේ පාර ඔබටත් අපි මනාපේ නොගහ ඉන්නවා. මේදාපාර අපි අලුත් බැට්මන් කෙනෙකුට චාන්ස් එකක් දීලා බලන්නම්.. ඔබතුමා ටිකක් එළියට වෙලා ඉඳන් ප්‍රැක්ටිස් කරන්න.

:       0       8

සංජිව Friday, 01 March 2019 11:33 PM

මෙයා කොළඹ සරසවියේ ඉන්න කාලේ ඉඳන්ම ජරා සතෙක්. සරසවියේ ගැහැණු වැසිකිළිවලට එබීබලලා කිහිප වරක්ම මාර්ෂල්ලා අයි.ඩී එක අරන් තියෙනවා. බොරුනම් බොරුයි කියන්න. මගේ ළඟ ඒවා තියෙනවා.

:       0       78

නදුන්Sunday, 03 March 2019 03:55 AM

බොරු කියන්න එපා ...........

:       0       0

ranjith Saturday, 02 March 2019 01:09 AM

ඡන්ද කිට්ටුවෙනකොට තමයි මේ හොරු එල්ලිලා ජනතාව ගොනාට අන්දපු කලේ ඉවරයි.

:       0       3

reks Saturday, 02 March 2019 04:16 AM

1987 මෙයා මගේ යාලුවෙක්ගේ ගෙදර ඉඳන් ජවිපෙ පන්ති කළා. මගේ යාළුවා STF එකෙන් අරගෙන අතුරුදහන් කළා. මෙයා පැනලා ගියා.

:       0       42

Sumith Saturday, 02 March 2019 09:08 AM

සිංගප්පූරුවෙන් අපේක්ෂකයෙක් ආනයනය කරන්න අදහසක් නැද්ද?

:       0       0

mangala Sunday, 03 March 2019 03:18 AM

හරියට හරි දුෂණයෙන්ම ගොඩ යන්න. නියමයි ඕක නියම කියමනක් ලංකාවේ මිනිසුන්ගෙන් ඡන්දය ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 9 0

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 188 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 118 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 597 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 305 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 311 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 220 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 514 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 247 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site