IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඉදිරි ජනාධිපතිවරණයේ දී ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක්

(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)

දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවලියක් ලබන ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.

මීළඟ ආණ්ඩුව බලයට පත්වූ පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය ලබාගෙන ව්‍යවස්ථා වෙනසක් කරන බවද විපක්ෂනායකවරයා කීවේය.

ඒ සඳහා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පවත්වන බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

 



අදහස් (14)

ඉදිරි ජනාධිපතිවරණයේ දී ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක්

දිමුත් Friday, 26 July 2019 10:13 AM

දැන් මෙතුමා කරන්න යන්නේ මොන වගේ එකක්ද දන්නැහැ? අරගොල්ලෝ කරනකොට නරකයි, මේ ගොල්ලො කරනකොට හොඳයිද?

:       53       337

kolam boss Friday, 26 July 2019 10:27 AM

නැවත මහින්ද මහතා ව්‍යවස්ථා වෙනසක් කර විධායක බලතල සහිත අගමැති කෙනෙක් වෙනවට කැමතිද? කැමතිනම් ලයික් සහ අකමැති නම් ඩිස්ලයික් මගින්...

:       2491       1235

Prabha Friday, 26 July 2019 10:33 AM

ඕක හැම ඡන්දෙටම කලින් කියන කතාවනේ..

:       0       106

sirimal Friday, 26 July 2019 10:38 AM

ඔය සම්බන්ධ වුණු " පක්ෂවල " ඡන්ද කීයක් තියෙනවද අපේ මහත්තයෝ? මට ඇහුණා මුස්ලිම් කට්ටිය නම් කියනවා ඉස්සරහට ඒ ගොල්ලන්ගේ සහාය ලැබෙන්නේ ඒ ගොල්ලන්ගේ ඉල්ලීම් වලට ඇහුන්කම් දෙන කණ්ඩායමකට විතරයි කියලා... ඒ කට්ටියට ඇහුම්කන් නොදී ගමනක් නැතිපාටයි නේද පෙනෙන්න තියෙන්නේ? එහෙම කරන්න වුණුදාට අර " සිංහල බෞද්ධ " කියලා යටිගිරියෙන් කැකොස්සන් ගහන දෙන්නට කටවහගෙන ඉන්න කියලා කියන්න වෙයි නේද? ඒ ගොල්ලෝ ඉතින් අර නුවර රජ කාලේ කිතුල් හකුරු හැදුවාය කියන පණික්කියා කිව්වා වගේ " කියන කොට එහෙමයි. කරනකොට මෙහෙමයි" වර්ගයේ නිසා අවුලක් වෙන එකක් නැහැ...

:       225       417

chandima Friday, 26 July 2019 11:54 AM

මොකද පක්ෂ වලින් විතරක් විමසන්නේ? අැයි ජනතාවගෙන් අදහස් නොගන්නේ? රටේ ඉන්නේ ඒ පක්ෂවල සාමාජිකයෝ විතරක් නොවෙයි, කිසිම පක්ෂයකට කැමති නැති පිරිසකුත් ඉන්නවා. අනික පක්ෂ නායකයින් පක්ෂ සාමාජිකයින් විසින් තෝරලත් නැහැ. බූදලේට පක්ෂ නායකයන් වෙලා තියෙන්නේ... තවත් සමහර පක්ෂ එකෙක්, දෙන්නෙක් ඉන්න පක්ෂ... රටේ ජනතාවගේ යෝජනා අරගෙන එයින් වැඩි කැමැත්ත ඇති යෝජනා අනුව ව්‍යවස්ථාව වෙනස් කරන්න... නැතිනම් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි...

:       1       186

chandimaFriday, 26 July 2019 03:57 PM

අනිත් අත්‍යාවශ්‍යම ව්‍යවස්ථා වෙනස තමයි ස්වාධීන මන්ත්‍රීවරුන්ට කණ්ඩායමක් ලෙස දිස්ත්‍රික් මට්ටමින් නැතිව අාසන මට්ටමින් ස්වාධීනව ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදීම. පක්ෂවලට කැමති නැති පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනයට අවස්ථාවක් ලැබෙන්නේ එවිටයි. පක්ෂ නායකයින්ට එකම ඡන්දයක්වත් නොගත් පැරෂුට් කාරයින් පාර්ලිමේන්තුවට පත්කර ඇමතිකම් පවාදීමට පුළුවන් රටක ස්වාධීන මත දරන්නෙකුට කණ්ඩායමක් එක්කාසු නොකරගෙන මැතිවරණයට ඉදිරිපත් වීමට ඇති ඉඩකඩ අවුරා දැමීමට ප්‍රජාතන්ත්‍රවාදය යයි කියන්නේ මෝඩයින්ය...

:       0       145

Hafeel Friday, 26 July 2019 12:14 PM

එ්ක පවුල් පාලන ව්‍යවස්ථා සංශෝධනද?

:       68       304

රවිඳු Friday, 26 July 2019 02:27 PM

මේ රට හොරුන්ගෙන් මුදා ගැනීමට නාගානන්ද කොඩිතුවක්කු මහතා අලුතින් ව්‍යවස්ථාවක් ගේනවා. ඒකට මේ රටේ බහුතරය එතුමාට ඡන්දය ලබාදෙන බව විශ්වාසයි. මෙතුමලා කරපු කෙරුම් වල ප්‍රතිඵල තමයි අපි මේ භුක්ති විඳිමින් සිටින්නේ...

:       1759       2345

menna Friday, 26 July 2019 03:42 PM

දේශපාලකයින්ගේ නොහැකියාවට ව්‍යවස්ථාව වැරදියිද? මෙතුමාටත් ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට අයිතියක් නැත. 17 සංශෝධනය නොකර හිටියා නම් කතාකළාට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඉතින් මෙතුමා ශ්‍රේෂ්ඨ නායකයෙක්... කාලෙන් කාලෙට දේශීයව හා විදේශීයව එන රැල්ල වෙනස් හින්දා, හැම ජනාධිපතිවරණයකදී ව්‍යවස්ථා සංශෝධනයක් ගේන එකත් වරදක් නැහැ කියලත් හිතෙනවා. ප්‍රශ්නේ මිනිස්සු හැමදාම අසතුටින්... ඉවරයක් නැහැ. ව්‍යවස්ථාවේ වරදද? ලංකාවේ මිනිසුන්ගේ වරදද? දේශපාලනයේ වරදද? එතකොට හිතෙනවා බණක් අහගෙන පැත්තකට වෙලා හිටියොතින් හොඳයි කියා.

:       27       375

බද්රානි Friday, 26 July 2019 04:07 PM

මෙතුමා කලිනුත් ව්‍යවස්ථා සංශෝධනයක් කළා නේද, දිවි ඇතිතෙක් බලයේ ඉන්න..? ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු හොරු නඩයට මේ රට සූරාකන්න ඉඩදුන්නා හොඳටම ඇති... පාලකයින්ගේ වාසියට ව්‍යවස්ථාවට අලවන පැලැස්තර (සංශෝධන) වලින් අපට වැඩක් නැහැ.. අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් මේ රටේ ස්ථාපිත කිරීමයි. එවැනි නව නායකයෙක් වටා පමණයි ජනතාව පෙළගැසිය යුතු කාලයයි මේ...

:       0       907

Chanak los angeles Friday, 26 July 2019 04:53 PM

ඒ කියන්නේ මැරෙනකම් ජනපතිකමේ ඉන්න පුළුවන් එකක්ද? තිබෙන සංශෝධන හොඳටම ඇති... රටේ මිනිසුන් නන්නත්තාර වෙලා ඉන්නේ.. ඒවා විසඳාගන්න ජනතාවට ඉඩදීලා රටේ වංචා කර තිබෙන මුදල් රටට ගෙවලා පැත්තකට වෙලා ඉන්නවා නම් තමයි හොඳ...

:       1       618

rohana Friday, 26 July 2019 07:11 PM

පොහොට්ටුවට රාජපක්ෂලා ඇරෙන්න ඡන්දෙට දාන්න වෙන කවුරුත්ම නැද්ද?

:       1       376

Chanak los angelesSaturday, 27 July 2019 05:11 PM

පඹයෙක් වත් නැහැ...

:       0       1

athura Sunday, 28 July 2019 06:42 AM

බමුණු මහත්මය මේ පැත්තෙ ඇවිල්ල නැහැවගේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 122 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 76 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 99 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 332 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 511 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site