IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ඉන්දියාවේ ප්‍රහාරයට පිළිතුරු දෙන්න ඉස්ලාබාද් සැරසෙයි

ඉන්දියාව විසින් පකිස්තානයේ ත්‍රස්ත කඳවුරුවලට එල්ල කළ ගුවන් ප්‍රහාර වලට පිළිතුරුදීමේ අයිතිය ඉස්ලාමාබාද් සතුව ඇතැයි පකිස්තාන විදේශ ඇමති ෂා මෙහොමඩ් ක්රේෂි පවසයි. 
 
ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉන්දියාව ප්‍රචණ්ඩත්වයට මුලපුරා ඇති බවයි.
 
"ඉන්දියාව විසින් අද ප්‍රථමයෙන් ප්‍රචණ්ඩත්වය  ඇරඹුවා. මෙය සීමාව උල්ලංඝණය කිරීමක්, සිය ආත්මාරක්ෂාව පතා පකිස්ථානයට මීට ප්‍රතික්‍රියා දැක්වීමේ අයිතිවාසිකම තිබෙනවා" යැයි විදේශ අමාත්‍යවරයා අද(26) විදේශ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග පැවති හදිසි රැස්වීමක් අවසානයේ මාධ්‍ය අමතමින් පැවසීය.
 
මේ අතර උද්ගතව ඇති තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා පකිස්ථාන අගමැති ඉම්රාන් හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති බව වාර්තා වේ. 
 
"ඉන්දියානු ගුවන් යානා මුසෆරාබාද් කළාපයෙන් ඇතුල් වුණා. කෙසේ වුවත් පකිස්ථාන ගුවන් හමුදාවේ ඉක්මන් හා ප්‍රබල ප්‍රතිචාර හේතුවෙන් ඔවුන්ට පලා යන්නට සිදුවුණා. ජීවිත හානි හෝ දේපල හානි කිසිවක් වාර්තා වුණේ නැහැ" යැයි පකිස්ථාන හමුදාවේ ඉහල නිලධාරියෙකු ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.
 
(විදෙස් මාධ්‍ය ඇසුරිණි - 085)



අදහස් (6)

ඉන්දියාවේ ප්‍රහාරයට පිළිතුරු දෙන්න ඉස්ලාබාද් සැරසෙයි

Bamunuarachchi Wednesday, 27 February 2019 01:16 AM

අපට නම් දැම්මේ පරිප්පු. ඒ අපි එතරම්ම නිවට නිසා දැන් අපිට පාන් දමාවි. අපට ඉන්දියාවෙන් ලැබුන වටිනාම දේ නම් බෞද්ධාගමයි. ඒ සමග ලැබුනේ සංගීතයයි. සංගීතේනුත් හරි අඩක් පකිස්තානුවන් වන ඔබලාට අයිතිය.

:       17       197

kamal Wednesday, 27 February 2019 03:29 AM

ඉන්දියාවෙන් අපිට ලැබුණ බුද්ධාගමක් නැහැ .ඉන්දියාව කියල රටක් නිර්මාණය උනේ 1947 න් පස්සේ.ඉංග්‍රීසි පාලනය ප්‍රාන්ත කීපයක් විදියට තිබුණ කලාප කිහිපයක් එකතුකරලා ඉන්දියාව කියල රටක් නිර්මාණය කළා. ඉන්දියාව කියන්නේ කලාපයටම විසබීජයක් . පකිස්ථානය ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කරන නිර්භීත ක්‍රියාමාර්ග අගය කල යුතුය.

:       4       163

BamunuarachchiWednesday, 27 February 2019 05:49 PM

හොඳටම දැනගෙනද ඔය ලීවේ? ඔබේ පිළිතුර බලා මම පිළිතුරු දෙන්නම්.

:       0       0

Bamunuarachchi Thursday, 28 February 2019 01:10 AM

ඉන්දුස් කියන වචනයෙන් ඉන්දියාව කියනනම හැදුනේ. භාරතය කියන නමත් ඉන්දියාවට කීවා තාමත් කියනවා. භාෂාව අනුව ඉන්දියාව හැදුන් වූ නම වෙනස් වුනා. එයත් හරිය ලෝකය ශ්‍රී ලංකා කියා භාවිතා කරන විට දෙමල්ලු ඉලන්කෙයි කියනවා වගේ. 9 වෙනි ශතවර්ෂයේත් පැරණි ඉංග්‍රීසි වල ඉන්ඩිආ කියන නම බාවිතයේ තිබුන මුත් 17 වෙනි ශතවර්ෂයේ නැවත ඒ නම භාවිතයට පමිණ තිබෙනවා. ඉන්දියාවට "රෙපබ්ලික් ඔෆ් ඉන්දියා" කියා භාවිතා කලේ 1950 සිටයි කියා සටහන් වෙනවා.

:       0       230

rasikaFriday, 01 March 2019 05:20 PM

ඉන්දියාව කියන නම මගින්ම වර්තමාන ඉන්දියාව අර්ථකථනය කරන්න බැහැ. ඉංග්‍රීසින් වර්තමාන ඉන්දියාවේ සිතියම නිර්මාණය කලේ.. ඉංග්‍රීසින් එනවිට වර්තමාන ඉන්දියාව කියන සිතියමේ ගොඩාක් රටවල් තිබුණු විවිධ ජාතීන්, විවිධ භාෂා කතාකරන, විවිධ සංස්කෘතීන්ට අයත් ඉංග්‍රීසීන් මේ ඔක්කොම රටවල් එකතු කරලා එක පරිපාලන ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නු ඔවුන්ට බදුඑකතු කිරීමට පහසු වෙන්න. එක තමයි බොහෝවිට දැන් ඔය ඉන්දියාව කියන සිතියෙමෙන් පේන්නේ. ඒ කොහොම වුනත් ඉංග්‍රීසින් ඉන්දියාවෙන් යනකොට, ගෝව පෘතුගාලයට අයත් යටත් විජිතයක් විදියට තිබුනේ ඔවුන් හමුදාව යවල එක අල්ල ඇත්ත, එතකොට උතුරු සහ බටහිර ඉන්දියාවේ මහරජවරුන්ගේ පාලන තියෙන වෙනවම පරිපාලන රටවල් තිබුණු ඉංග්‍රීසින්ට හිතවත්... ඒවා හමුදාව යවලා දැන් තියෙන ඉන්දියානු සිතියමට එකතුකළ... ඉන්දියාව කියලා දැන් තියෙන සිතියම ඉතිහාසයේ තිබුණේ නැහැ එක රටක් විදියට… නමුත් ලංකාව වෙනස්.. පෘතුගීසින් ලංකාවට එනකොට මුළු ලංකාවම කෝට්ටේ රාජධානියට යටත්ව එක පාලනයක් තිබුනේ. ප්‍රදේශීය පාලකයන් කෝට්ටේ මහා රජතුමාට වගකියන්න ඕනේ..

:       0       0

smnSaturday, 02 March 2019 01:05 PM

බමුණු කෝ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 171 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 116 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 571 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 291 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 292 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1636 3

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 220 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 514 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 247 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site