(අංජුල මහික වීරරත්න)
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 2017 වසරේ අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු – ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තමන්ගේ කණස්සල්ලට හා කණගාටුවට හේතු වී ඇති බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ඒ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරලීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම කළේ නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස හමුවූ අවස්ථාවේදී ය.
මෝදි මහතා විසින් ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.
රාජ්‍ය තාන්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, ඒසේ වී තිබියදීත් ඉන්දියාව විසින් සිදු කරන සත්කාර්යයන් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව තමා කණගාටුවන බවත් පැවසූ මෝදි මහතා තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටළුවක් ඇත්නම් නොපැකිලව සාකච්ඡා කරන ලෙස ද ඉල්ලා සිටියේය.
මෝදි මහතා හෝ ඉන්දීය රජය පිළිබඳව කිසිදු සැකයක් හෝ ගැටළුවක් තමා තුළ හෝ ශ්‍රී ලංකිකයන් තුළ නොමැති බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා එවැනි වැරදි වැටහීමක් ඇතිවීමට කිසියම්ම හෝ හේතුවක් මුල් විණි නම් ඒ පිළිබඳ කණගාටුව පළ කරන බව පැවසීය.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉන්දියාව-ලංකාව අතර හවුල් සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්
සතයපාල Sunday, 21 October 2018 06:11 AM
එකෙක් රටෙන් භාගයක් චීනයට උකස් කෙරුවා අනිකා දැන් ඉතිරි භාගය ඉන්දියාවට උකස් කරන්නයි හදන්නේ.ඔය කවුරුවත් අපිට ආදරයට මේ රටට එන්නේ නැහැ. එන්න එන්න අපි ලෝකයට ණය කාරයෝ වෙනවා.ස්ව ශක්තියෙන් මේරට නගා හිටුවන්න හැකි නායකයෙක් දැන් මේ රටට අවශයි.
Jothi Sunday, 21 October 2018 08:58 AM
තුන්වන බලවේගයත් දෙලොවක අතරමන්වෙලා. ජනතාව අද අසරණ වෙලා.
Kumar (Gulf) Sunday, 21 October 2018 09:29 AM
ඔව් පුළුවන්තරම් ඉක්ක්මනට ඔය ඉන්දියාවට දුන්නු පොරොන්දු ටික ඉටුකරලා රට විකුණලා ඉවරකරන්න......
විමුක්තී Sunday, 21 October 2018 12:56 PM
තුන්වෙනි බලවේගය අතරමං වෙලා නැහැ. ජනාතාව විසින් ඔවුන් අමතක කර ඇත.
Hafeel Sunday, 21 October 2018 01:45 PM
අගමැතිට කිසිඳු සැකයක් හෝ ගැටළුවක් නොමැති නමුත් එයා කොහොමද කියන්නේ ලාංකිකයන් තුළ නොමැති බව... 1987දී පළාත් සභාව අපිට බලයෙන් පටවපු එක අපිට දරාගන්න බැරි විශාල මුදල් නාස්තියක්. අපේ දේශපාලකයින්ට මේක ගානක් නැත. මේ පළාත් සභාව ඔවුන්ට පාර්ලිමේන්තුවට යන්න පෙර පාසල් වගේ තියං ඉන්නවා.