(ලක්ෂ්මී ජයකොඩි)
ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවේ පෙන්වා දුන් බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන්, එම සන්ධානයේ මහලේකම් මාවෙයි සේනාධිරාජා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, සේලවම් අඩෙක්කලනාදන් යන මහත්වරු අද(07) කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් නිල නිවසේදි ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවී කළ සාකච්ඡාව පිළිබදව කළ විමසීමට පිළිතුරුදෙමින් ඔහු මේ බව කීය.
ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් බොහෝදෙනෙකුට මෙරටට පැමිණිමට නොහැකිව ඇත්තේ මෙරට ඔවුන්ගේ මුල් ඉඩකඩම්වල හමුදාව රැදී සිටින නිසා බවත්, එබැවින් එම සරණාගත ලාංකිකයින්ට මෙහි පැමිණ ජීවත්වීමට අවශ්‍ය නිවාස යටිතල පහසුකම් හා ජීවනෝපාය මාර්ග සකස් කරදිමට ඉන්දීය රජය කටයුතු කළ යුතු බවත් ජයශංකර් මහතාගෙන් සිය සන්ධානය ඉල්ලා සිටි බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාව සඳහා වන යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදි දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකර ගැනීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ අවධානයට යොමු කළ බව ද ඒ මහතා පැවසීය.
මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේ යෝජීත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය විසින් සකස් කොට ඇති යෝජනා ඇතුළත් වාර්තාවේ පිටපතක්ද ජයශංකර් මහතා වෙත ලබාදීමට කටයුතු කළ බවය.
විශේෂයෙන් මෙරට දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉටුවිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ කළ ප්‍රකාශය වෙනුවෙන් සිය සන්ධානය ජයශංකර් මහතා වෙත සිය ස්තුතිය පුදකර සිට බවද ඔහු කියා සිටියේය.
උතුරු නැගෙනහිර පළාත් වල සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය රජය දායකත්වය දක්වන්නේ නම් සිය සන්ධානය එයට කැමැති යැයිද එයට හැකි සෑම සහයෝගයක්ම දෙමළ ජාතික සන්ධානය ලබාදීමට කැමැති යැයිද තම නියෝජීත පිරිස ජයශංකර් මහතා හමුවේ ප්‍රකාශ කර සිටි බවද මාවෙයි සේනාධිරාජා මහතා කීය.
2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්ක වල වන්දි මුදල් කඩිනමින් නිදහස් කරන බව කෘෂිකා
ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව මේ මොහොතේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි
වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ
තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප
බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කා
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වන්න සාකච්ඡා
Bamunuarachchi Friday, 08 January 2021 04:02 AM
අපි බලන් ඉන්නේ මෙහෙ ඉන්න ටික එහෙ පටවන්න.