IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරස ව්‍යාප්තිය අවම වන පරිදි රාජකාරි කටයුතු සිදුකෙරෙන බැවින් කොන්සියුලර් සහ වීසා කටයුතු ඇතුළු මහජන සේවා ඉටු කිරීමේදී ඇතැම් විට වැඩි කාලයක් ගතවනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විවිධ ක්ෂේත්‍රවල නියැළි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් වීසා සහ කොන්සියුලර් සේවා සඳහා ඉල්ලීම් රැසක් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ලැබී ඇති බවත් සෑමවිටම මෙන් මහ කොමසාරිස් කාර්යාලය සහ කාර්ය මණ්ඩලය එම ඉල්ලීම් හැකි උපරිම අයුරින් ඉටු කිරීමට කැප වී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සැලකීමේදී නිල මූලාශ්‍ර (https://hpb.health.gov.lk/) අනුව කොවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව අවාසනාවන්ත ලෙස ඉහළ ගොස් ඇති අතර ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී ඇති කොවිඩ් වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය ද රට තුළ දක්නට ලැබෙන බවත් ඒ අනුව මහජන සෞඛ්‍යය සැලකිල්ලට ගෙන මහ කොමසාරිස් කාර්යාලය සේවකයන්ගේ පැමිණීම සහ කාර්යාලයේ හැසිරීම කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය අවම වන පරිදි සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

ඒ අනුව ඇතැම් විට කොන්සියුලර් සහ වීසා කටයුතු ඇතුළු මහජන සේවාවන් ඉටු කිරීමට වඩා වැඩි කාලයක් ගත වනු ඇත.

එබැවින් මහ කොමසාරිස් කාර්යාලයෙන් වීසා සහ කොන්සියුලර් සේවාවන් ලබා ගැනීමට අපේක්ෂා කරන අය මෙම කරුණු පිළිබඳව සැලකිලිමත් වෙමින් තම කටයුතු සැලසුම් කරගන්නා ලෙස මහ කොමසාරිස් කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 



අදහස් (0)

ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ඔබේ අදහස් එවන්න

 

දියත

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 906 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 219 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1589 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2004 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 1914 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site