ඉන්දීය රජය මගින් පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2019-2020 අධ්‍යයන වර්ෂය සඳහා ශිෂ්‍යත්ව සඳහා අයඳුම්පත් කැඳවන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
ඉන්දීය රජය වෙනුවෙන් සංස්කෘතික සබඳතා සඳහා වූ ඉන්දීය කවුන්සිලය මෙම ශිෂ්‍යත්ව පිරිනමන අතර ඒ අනුව ශිෂ්‍යත්ව වැඩසටහන් හතරක් ක්‍රියාත්මක වේ.
නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව, මවුලානා අසාද් ශිෂ්‍යත්ව, රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්ව එලෙස ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව වැඩසටහන්ය.
ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය, මානව/සමාජ විද්‍යාව සහ කලා යනාදී විෂය සඳහා නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව පිරිනමන බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
මවුලානා අසාද් ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉහත සඳහන් කළ විෂය යටතේ ශාස්ත්‍රපති උපාධි පාඨමලා සඳහා ශිෂ්‍යත්ව පිරිනැමේ.
රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉංජිනේරුකරණය, තාක්ෂණ විද්‍යාව සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධි පාඨමලා හැදෑරීමට අවස්ථාව උදාවන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ වෛද්‍ය, පරිපූරක වෛද්‍ය සහ විලාසිතා නිර්මාණකරණය හැර අනෙකුත් සියලු විෂය යටතේ ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව පිරිනමන බව ද කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.
මෙරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ඉන්දීය රජය අපේක්ෂා කරන සුදුසුකම් සපුරාලන ශ්‍රී ලාංකිකයන් ශිෂ්‍යත්ව සඳහා තෝරා ගන්නා බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
සියලුම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සම්පූර්ණ පාඨමාලා කාලය සඳහා අධ්‍යාපන ගාස්තු, මාසික ජීවන වියදම් දීමනාවක් සහ පොත් සහ ලිපිද්‍රව්‍ය සඳහා වාර්ෂික ප්‍රදානයක් ලබාදෙන අතර තෝරාගන්නා අයඳුම්කරුවන්ට විශ්ව විද්‍යාලය තුළ නේවාසිකාගාර පහසුකම් ද සැපයේ.
පෞද්ගලික ස්ථානවල නවාතැන් ගැනීමට කිසිදු ශිෂ්‍යකුට අවසර නොදෙන බව ද මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
එසේම සියලුම ශිෂ්‍යත්වලාභීන් සඳහා පූර්ණ සෞඛ්‍ය පහසුකම්, ඉන්දියාවේ ආසන්නතම ගුවන් තොටුපළ වෙත ගුවන් ගාස්තු සහ ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල අධ්‍යාපන චාරිකා සඳහා වාර්ෂික දීමනාවක් සහ වෙනත් දීමනා රැසක්ද ලබාදෙන බව මහ කොමසාරිස් කාර්යාලය කියයි.
සුදුසුකම් සපුරාලන අයැදුම්කරුවන්ට නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ www.mohe.gov.lk වෙබ් අඩවියෙන් අයඳුම්පත් බාගත කරගත හැක. ජනවාරි මස 25 වැනිදා දක්වා අයඳුම්පත් බාර ගන්නා බව ද කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
උනන්දුවක් දක්වන සිසුන්ට නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හෝ සම්බන්ධ වන්නැයි ද මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටී.
055
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ඉන්දීය ශිෂ්‍යත්ව සඳහා අයැදුම්පත් කැඳවයි
කේ. නිලන්ති පුෂ්පලතා Saturday, 11 February 2023 11:36 AM
මම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ මට MA එක සංරක්ෂණ විද්‍යාවෙන් සිදු කිරිමට ශිෂ්‍යත්වයක් ලබාගත හැකිද?