(සුජිත් හේවාජුලිගේ )
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පස් දෙනාම කොරෝනා මර්දන එන්නත ලබා ගත් අය නොවන බවට තොරතුරු හෙළිවී ඇතැයි කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවැසීය .
මේ ආසාදිතයන් හමුවූ පවුලක අයකු විදේශයක සිට මෙරටට මීට සති තුනකට පෙර පැමිණ ඇති බවට හඳුනාගෙන ඇතත් ඔහුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු නොවූ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
මේ අතර ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පස් දෙනාගෙන් තිදෙනෙකු මේ වනවිට සුවය ලබා සිටින බවත් අනෙක් දෙදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවමත් සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය .
මෙම ආසාදිතයන්ගේ පළමු දෙවැනි හා තෙවැනි ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කරගෙන යන බවත් ඒ සඳහා බුද්ධි අංශ නිලධාරීන්ගේද සහය ලැබෙන බවත් ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය .
මේ සැර කොරෝනා වයිරස ප්‍රභේදය බොහෝ දුරට විදේශයක සිට පැමිණි පුද්ගලයෙකුගෙන් මෙරටට ඇතුළු වන්නට ඇතැයි වෛද්‍ය විශේෂඥයන් සැක පළ කරන බව කී ජයසුමන මහතා වයිරසය මෙරටදී නිර්මාණය වීමට තිබෙන සම්භාවිතාව ඉතාම අඩු බවටද ඒ විශේෂඥයන් සඳහන් කරන්නේ යැයි ප්‍රකාශ කළේය.
මේ අතර මෙම සැර වයිරසය ඉන්දීය ධීවරයන් මාර්ගයෙන් මෙරටට ඇතුළු වූවා දැයි සෞඛ්‍ය අංශ වලට සැක මතු වී ඇත .
මේ හේතුව නිසා වෙරළ කලාපයේ තෝරාගත් ධීවර කණ්ඩායම් පී .සී .ආර් පරීක්ෂණවලට අහඹු ලෙස යොමුකිරීමේ වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා කීය .
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉන්දීය සැර කොරෝනා වැළඳුණු 5 දෙනා ගැන අලුත් හෙළිදරව්වක්