මාලදිවයිනේ පැවැත්වෙන දකුණු ආසියානු කතානායකවරුන්ගේ සමුළුව අතරවාරයේදී ඉන්දීය රාජ්‍ය සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා සහ පාකිස්තාන ජාතික මන්ත්‍රණ සභාවේ නියෝජ්‍ය කතානායකවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
කාශ්මීරය මුල් කරගනිමින් ඔවුන් දෙදෙනා අතර එලෙස උණුසුම් අයුරින් වචන හුවමාරු වී තිබේ. පාකිස්තාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ නියෝජ්‍ය කතානාය කසීම් සූරි කරන ලද ප්‍රකාශයක් මුල් කරගනිමින් දෙදෙනා අතර එලෙස වචන හුවමාරු විය. කාශ්මීර ජනතාව “පීඩාවට” පත් කිරීම කිසිසේත් නොසලකා හැරිය නොහැකි යැයි කසීම් සූරී අවස්ථා කිහිපයකදීම සඳහන් කළේය
ලෝක ප්‍රජාවට මේ සම්බන්ධයෙන් දෑස් වසාගෙන සිටිය නොහැකි බවත් පාකිස්තාන පාර්ලිමේන්තුව “පීඩාවට පත්වූ සියලුදෙනා” සමඟ එකට නැගී සිටින බවත් හෙතෙම කීවේය. කාශ්මීර අර්බුදය විසඳාගත යුත්තේ කාශ්මීර ජනතාවගේ කැමැත්තට සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශවලට අනුව යැයි ද ඔහු පැවැසීය.
කසීම් සූරීගේ එම ප්‍රකාශවලින් දැඩි කෝපයට පත් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ නියෝජ්‍ය කතානායක හරිවන්ශ් නාරායන් සිංග් ස්ථාවර නියෝග යටතේ විමසීමක් කළේය. මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඞ් නෂීඞ් ඊට අවසර දුන්නේය.
“ඉන්දියාවට සම්බන්ධ අභ්‍යන්තර කරුණක් මෙම සමුළුවේදී මතු කිරීමට අපි දැඩි විරෝධය පළ කරනවා. මෙම සමුළුවේ තේමාවට අදාළ නොවන කරුණු මතුකරමින් මෙම සමුළුව දේශපාලනීයකරණය කිරීමට ගන්නා උත්සහායට ද අපි අපේ විරුද්ධත්වය පළ කරනවා” යැයි සිංග් කීවේය.
“පාකිස්තානය දේශසීමාවේ කරන ත්‍රස්තවාදය නවත්වන්න ඕනේ. ඒ සඳහා දැඩි අවශ්‍යතාවක් තියෙනවා. ඒ වගේම කලාපයේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් පාකිස්තානය ත්‍රස්තවාදයට රාජ්‍ය සහාය දීමද නවත්වන්න ඕනේ” යැයි ඔහු කීය.
මනුෂ්‍යත්වයට සහ ලෝකයට තිබෙන විශාලතම තර්ජනය ත්‍රස්තවාදය බවත් සූරීගේ ප්‍රකාශ සමුළුවේ කොටසක් නොවීමට මෙහි සිටින සියලු දෙනා පියවර ගත යුතු බවත් හෙතෙම පැවැසීය.
මෙම සමුළුවේදී තිරසර සංවර්ධන අරමුණු ගැන පමණක් සාකච්ඡා කළ යුතු බව මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඞ් නෂීඞ් මේනම අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චන්ගොන්ග් යන දෙදෙනා පැවැසූ බව ද සිංග් පෙන්වා දුන්නේය.
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරිනි
055
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉන්දු - පාකිස්තාන නියෝජිතයන් අතර උණුසුම් වචන හුවමාරුවක්
gayan Tuesday, 03 September 2019 04:48 AM
මෙහෙම රට ගැන කතා කරන නායකයොත් මේ ලෝකේ ඉන්නවා.