IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ඉබියතුරු කඩා පාසල පටන් ගනී

(කේ.ආර්.රාජමන්ත‍්‍රී)

කොරොනා වසංගතය හේතුවෙන් වසාදමා තිබු රත්කරවිව මාලිගාතැන්න ප‍්‍රාථමික පාසැල ආරමිභ කිරිමට විදුහල්පතිවරයා නොපැමිණිම නිසා ගුරුවරයකු පාසල් ප‍්‍රධාන දොරටුවේ ඉබියතරු කඩා ළමුන් ඇතුලත්කර අධ්‍යාපන කටයුතු ආරමිභ කළේය.

ළමුන් 200 අඩු පාසල් අද දින සිට විවෘත කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය.

වැලිමඩ මාලිගාතැන්න ප‍්‍රාථමිකයේ ගුරුවරයකු වන වැලිමඩ ඌවපරණගම ගුරු එකමුතුවේ සභාපති ජී.එමි.පී.එන්.ගජසිංහ මහතා, ප‍්‍රධාන දොරටුවට යොදා තිබු ඉබියතුරු යකඩ ඉන්නක් භාවිතාකර කඩා දමන ලදි.

ඉන්පසු සේවයට පැමිණි ගුරුවරු ගුරුවරියන් 04 දෙනකු සමග  ආගමික වතාවත් ඉටුකරමින් ඉගැන්විම් කටයුතු ආරමිභ කරණු ලැබුහ.  වැලිමඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දුරකථනය මගින් දැණුවත් කිරීමෙන් අනතුරුව ඔහු මේ ආකාරයට ඉබි යතුරු කඩා පාසලේ කටයුතු ආරම්භ කළේය.

පාසලේ ආරක්ෂාවට ඉබියතුරුදමා වසා තිබුන ප‍්‍රධාන දොරටුට බලහත්රකායෙන් විවෘතකර ඇතුලූවිමට එරෙහිව   එහි විදුහල්පති ඩබිලිවි.ඇමි. ගුණවර්ධන මහතා පොලිසිය පැමිණිල්ලක් කර ඇත.

 



අදහස් (13)

ඉබියතුරු කඩා පාසල පටන් ගනී

සමන්ත Thursday, 21 October 2021 02:03 PM

දැන් පාසල විවෘතකළ ගුරුවරයාට චෝදනා පත්‍රයක් අධ්‍යාපන බලධාරීන් දෙන්නත් පුලුවන් මේ යන විදියට. මේ පාසලයි දරුවොයි දැක්කහම අධ්‍යාපනයේ විශමතාවය මනාව පෙනෙනවා. මේ අහිංසක දරුවන්ට පාසල විවෘතකර අධ්‍යාපනය ලබන තත්වයට පත්කිරීම ගත් උත්සාහයට මේ ගුරුතුමාට මාගේ පැසසුම හිමිවෙනවා. ධෛර්යයෙන් ඉදිරිගමන යෑමට සියලු දෙනාගේ ආශිර්වාදය ලැබේවා.

:       10       14

chandana Thursday, 21 October 2021 02:38 PM

ඒ් එඩිතර ගුරුතුමන්ලා ආරක්ෂා කරගැනීම සඳහා දෙමව්පියන් පෙරමුණ ගත යුතුය. පොලිසියට පැමිණිලි දැමූ විදුහල්පතිවරයාට සුදුසු පරිදි ‌ගෞරවය දැක්වීමටත් පසුව කටයුතු කලාට කම් නැත. රජයද මෙහිදී පූර්ණ ආරක්ෂාව ලබාදිය යුතුය. අවසානයේ අර විදුහල්පතිවරයා රැක ගෙන පාසැල විවෘත කෙරූ ගුරුවරුන් අපහසුතාවයට පත් නොකල යුතුය. ඒ් ගුරුවරුන්ට තව දුරටත් ඒම විදුහලේ විදුහල්පතිවරයාගේ පලි ගැනීම්වලට ලක් නොවනු පිණිස විදුහල්පතිවරයාව අති දුෂ්කර පළාතකට මාරු කල යුතුය.

:       12       19

කිරි පුතා Thursday, 21 October 2021 02:54 PM

විදුහලේ ප්‍රධානියා විදුහල්පති තමයි. නමුත් විදුහලක් යනු ඔහුගේ පෞද්ගලික බූදලයක් නෙවෙයිනෙ ඉබ්බො දාලා ගෙදරට වෙලා ඉන්න.

:       15       20

chandana Thursday, 21 October 2021 03:08 PM

අතින් වියදම් කරගෙන හෝ අළුත් ඉබ්බෙක් දමා ඒක යතුරක් තමා භාරයේත්, තව යතුරක් කළාප අධ්‍යාපන කාර්යාලයේත්, තවත් යතුරක් ඇත්නම් පොලිසිය වෙතත් විධිමත් පරිදි භාර දෙන්න. අර පුද්ගලයා එම ඉබි යතුරු කැඩුවහොත් ඔබත් පොලිස් පැමිණිල්ලක් දමන්න. පැමිණිලි දැමූ ඒවැනි පුද්ගලයන් මේ රටට පිළිලයන් වේ.

:       11       16

සිරිබිරිස් Thursday, 21 October 2021 03:10 PM

බයියෝ සෙට් එකක් වගේ පේන්නේ.

:       16       20

SL Thursday, 21 October 2021 03:19 PM

මේ ඉස්කෝලේ ළමයි කීයක් විභාග පාස් වෙනවද ? ප්‍රින්සිපල්ට වගකීමක් නැතිද? ඔයා පොලිසියට ගිහින් වැඩ කරන්න බැරි නම් ගෙදරම යන්න. කොරෝනා වලින් බැට කාපු දෙමාපියන්ට ඔයාලගෙනුත් බැට ඕනේ නැහැ.

:       16       16

පියසිරි Thursday, 21 October 2021 03:54 PM

මාත් ගුරුවරයෙක්. පෙන්ෂන් ගියෙ ශ්‍රේණිධාරී විදුහල්පති කෙනෙක් විදියට. කොයි පක්ෂෙත් දේශපාලකයො එක වගේ. මං ඔවුන් එක්ක ගගගෙනත් තියෙනව. හැබැයි මේ වගෙ වැඩ කරල නෑ. මං ස්ට්‍රයික් නම් නි. විදුහල්පති හෝ ඊළඟට ඉන්න ජ්‍යේෂ්ට ගුරුවරයාට වැඩ කරන්න ඉඩ දුන්නා. ඒක ඔවුන්ගේ අයිතියක්.

:       13       21

අනගිරත්න Thursday, 21 October 2021 03:58 PM

වෙනත් කෙනකු භාරයේ ඇති ස්ථානයකට අයුතු ඇතුල්වීමක් වෙනවා මොහුට විරුද්ධව විනය පියවර ගත යුතුය. මොහු දැනුවත් කලායැයි කියන ඉහළ නිළධාරියාද වරදක් කල බව කිව හැකිය

:       21       26

Mahee Thursday, 21 October 2021 04:21 PM

ඇත්තටම මේ ප්‍රින්සිපල් කෙනෙක්ද. තමන්ට වැඩ කරන්න බැරි නං පුලුවන් කෙනෙකුට වැඩ බාරදෙන්න බැරි නැහැනෙ. මෙයාලගෙන් ඉගෙගන්න අපේ දරුවො කොහොම හැදෙයිද

:       14       17

gunarathna Thursday, 21 October 2021 06:13 PM

අනගිරත්න කියන පුද්ගලයාට මම කියන්නේ මේ ගුරුවරු කැඩුවේ විදුහල්පතිගේ ගෙදර ගේට්ටුවේ ඉබ්බා නෙමෙයි .රජයේ පාසලක ගේට්ටුවක් .විදුහල්පති කියන්නේ පාසැලේ හිමිකරු නෙමෙයි ,ඔහු ගුරුවරුන්ගේ ප්‍රධානියා පමණයි

:       0       3

චන්දන Thursday, 21 October 2021 09:44 PM

දෙමාපියනි , සියලු දෙනාම මේ අභීත ගුරුවරයා වෙනුවෙන් පෙනී සිටින්න.

:       0       3

Bamunuarachchi Saturday, 23 October 2021 07:59 AM

නිවට හැත්තට එහෙමයි පෙනෙන්නේ සිරිබිරිස්...

:       0       1

Bamunuarachchi Saturday, 23 October 2021 08:02 AM

ඔතන වර්ජකයෙක් හිටියොත් මම පළමු මිටි පහර දෙන්නේ වර්ජකයාගේ ඔලුවට... මොලේ විවෘත කරන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 595 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


‘‘ලෙඩ සතුන් මසට විකුණනවාලු‘‘
2025 මාර්තු මස 14 228 0

හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප


බටලන්ද අද පාර්ලිමේන්තුවට
2025 මාර්තු මස 14 470 5

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


මූතූර් ද්විත්ව ඝාතනයක්
2025 මාර්තු මස 14 186 0

මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .


තැනින් තැනට අදත් වැස්ස
2025 මාර්තු මස 14 95 0

බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ප්‍රසිද්ද රැප් ගායකයෙක් ගිනි අවියක් සමග මාට්ටු
2025 මාර්තු මස 14 1704 4

ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 214 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 506 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site