ඊශ්‍රායලයේ නව මහ බැංකු අධිපතිවරයා ලෙස මහාචාර්ය අමීර් යාරෝන් පත් කර ඇත. යාරෝන් ඇමෙරිකා එක්සත් ජනපද මූල්‍ය පිළිබඳ මහාචාර්යවරයෙකි.
මූල්‍ය ප්‍රතිපත්ති සාමාන්‍ය තත්ත්වය ගෙන ඒම තමන් හමුවේ තිබෙන පළමු අභියෝගය යැයි යාරෝන් පැවැසීය.
යාරෝන් දශක දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වීමෙන් අනතුරුව මෙලෙස ඊශ්‍රායලයේ මහ බැංකු අධිපති තනතුරට පත් කර ඇත.
ඇමෙරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් යාරෝන් තම ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය ලබාගෙන ඇති අතර ආර්ථික වර්ධනය, පලදායීතාව සහ අයවැය ප්‍රතිපත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් ඒවා අනෙක් ප්‍රධාන සහ වැදගත් අභියෝග බවත් කීවේය. යාරෝන් ඊශ්‍රායල ඇමෙරිකා පුරවැසියෙකි.
කානිට් ෆ්ලග් යාරෝන්ට පෙර ඊශ්‍රායල මහ බැංකුවේ අධිපති ධුරය හෙබ වූ පසුගිය මාසයේදී ඔහුගේ ධුර කාලය අවසන් විය. නියෝජ්‍ය අධිපතිනි නඩීන් බවුඩොට් ට්‍රයිටන්බර්ග් නොවැම්බර් මාසයේ සිට වැඩබලන මහ අධිපති ධුරය හෙබවූවාය.
“මගේ දැක්ම අනුව මූල්‍ය ප්‍රතිපත්තිය කළමනාකරණය කිරීමේ වඩාත් වැදගත් සහ පලදායී ආයුදය වන්නේ පොළී අනුපාත” යැයි මහ බැංකු අධිපති ධුරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව යාරෝන් කීය.
“ඊශ්‍රායලයේ ආර්ථික සහ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි, ඒ වගේම ඕනෑම දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙන්න තරම් ශක්තිමත්. එහෙත් වෙළෙඳපොළ ද්‍රවශීලතාව සහ පසුගිය මාස කිහිපයේදී සිදු වූ පසුබැසීම නිසා වර්තාමනයේ පවතින ව්‍යාපාරික චක්‍රය වෙනස් වෙන්න පුළුවන්.
ලෝක වෙළෙඳාමේ තිබෙන ඍණාත්මක බලපෑම ද අපට බලපාන්න පුළුවන්. ඒ නිසා වගකීම් සහගත අයුරින් අයවැය සහ මූල්‍ය පාලනයක් ගෙන යා යුතු” යැයි ද ඔහු කීවේය.
(055)
(රොයිටර් ඇසුරෙනි)
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඊශ්‍රායලයේ නව මහ බැංකු අධිපති මහාචාර්ය අමීර් යාරෝන්