IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ඊ.ටී.අයි. සැකකරුවන්ට ඇප


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඊ.ටී.අයි  ආයතනයේ  හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ  යන අය ඇප මත මුදා හරින  ලෙසට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (15)   නියෝග කළේය.

ඒ, ඊ.ටී.අයි සමාගමේ තැන්පත් කර තිබූ රුපියල් බිලියන 6.4 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුව කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇපයක් මත  මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අතර සෑම මාසයකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.සැකකරුවන් නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින බැවින් අද දිනයේ දී අධිකරණයට ඉදිරිපත් නොතර නඩුව කැඳවා තිබුණි.

ඊ.ටී.අයි ආයතනයේ සිදුවූ බව කියන  රුපියල් බිලියන 6.4 මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්  මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන පසුගියදා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

නඩුව ලබන 21වෙනිදා දක්වා කල් තැබිණි.



අදහස් (4)

ඊ.ටී.අයි. සැකකරුවන්ට ඇප

Raveendra Friday, 15 January 2021 11:35 AM

හුරේ.. අපේ මේ සත්ගුණවත් පිං කඳන්වලට... ලැබුනෝ. අපේ ගම් කබරයින්ටත් ජයෙන් ජයම වේවා..!! සැමදා බොරු තර්ක කියලාම ජීවත්වීමට භාග්‍ය උදා වේවා...!!!

:       2       8

pradeepa Saturday, 16 January 2021 05:30 AM

රන්ජන්, ඔබ හරි ... මේවා දැක්කාම අපිට හිතෙනවාබිලියන ගණන් හොරකම් කරපු අය දවසින් දෙකෙන් එළියේ... පොල් ගෙඩියක් හොරකම් කළ කෙනා දවස් 14ක් හිරේ. දෙවියනේ ඔබ කොහේද?

:       1       3

නුවන්Saturday, 16 January 2021 07:33 AM

බිලියන ගණන් හොරකම් කළොත් මිලියන් ගණන් දීලා හොඳ ලෝයර්ස්ලා ගන්න පුලුවන්... පොල් ගෙඩි දෙකෙන් එකක් දීලා ගොඩ පෙරකදෝරුවෙක් ගන්නද? බෑනේ බෑනේ...

:       0       0

Perera Saturday, 16 January 2021 06:26 AM

කළිනුත් අත්අඩංගුවට අරන් ඇප දුන්නා. තවත් වරක් ඇප අවලංගු කරලා රිමාන්ඩ් කළා. දැන් ආයෙමත් ඇප දීලා එළියේ. මොකක්ද මේ වෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 19 0

අනුරාධපුර වෛද්‍යවරිය දුෂණයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 944 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 220 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1632 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2033 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site