IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මානව හිමිකම් ගැන කළ ප්‍රකාශය වැරදියි

(හර්ෂණ තුෂාර සිල්වා)

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ වාර්තාව සහ තමන් ප්‍රකාශ කරන ලද අදහස් වැරැදි ලෙස අර්ථකතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව සහ ඇය කරන ලද ප්‍රකාශවල අඩුපාඩු සහ වැරැදි රැසක් තිබූ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කොළඹ දී ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවකදී කීවේය. 

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කරන ලද ප්‍රකාශ කිසිවක් සත්‍ය නැතැයි ද එසේ නොමැති නම් මාධ්‍ය ආණ්ඩුකාරවරයාගේ අදහස් නිවැරදිව වටහා ගෙන නැතැයි ද ඇය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

තමන් සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ පැවැති සාකච්ඡාව උඩු යටිකුරු කිරීම තමන් දැඩි ලෙස කලකිරී ඇති බව ද ඇය සඳහන් කර තිබේ.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කරන ලද වාර්තාව සහ තමන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන ලද වාචික ප්‍රකාශය සත්‍ය බවත් වාර්තාව සහ ප්‍රකාශය සත්‍ය සහ සාධාරණ බවත් ඇය තවදුරටත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.



අදහස් (6)

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මානව හිමිකම් ගැන කළ ප්‍රකාශය වැරදියි

sarath perth Thursday, 28 March 2019 01:32 AM

ඇත්ත කිව්වහම මිචෙල්ට් රිදිලා වගෙයි

:       1       47

rocky Thursday, 28 March 2019 02:53 AM

මේ පිළිබඳව නිවැරදි දැනුමක් තිබිය හැක්කේ බමුණුආරච්චි පඬිතුමාට පමණයි. අපි එතුමාගෙන් විමසමු.

:       130       262

krishanth Thursday, 28 March 2019 03:48 AM

උතුරු පළාතේ මිනිස්සු කියන දේවල් මානව හිමිකම් කොමිසමට වැඩක් නැහැ . එයාලට ඕන එයාලගේ වාර්තා ක්‍රියාත්මක කරන්න . රටවල් නැති වෙලා ගියත් එයාලට කමක් නැහැ. සුරේන් රාඝවන් නෙමෙයි , මැරිච්ච මිනිස්සු වලෙන් නැගිටලා කිව්වත් මේගොල්ල පිළිගන්නේ නැහැ .

:       10       208

chamath Thursday, 28 March 2019 08:35 AM

ඔබ තුමියට මුදල් කීයක් ලැබුනද ඔහොම කියන්න

:       10       3

Rasika Thursday, 28 March 2019 04:37 PM

කණගාටුදායක කරුණනම් දැන් ලෝකයේ බොහොමයක් රටවල් මෙයාලා කියන කරන දේවල් ගණන් ගන්නේ නැහැ.. මොවුන් ඉතාම පක්ෂපාත විදියට, බටහිර කිහිපයක් රටවල උවමනාවට වැඩ කරන්නේ. ඉශ්‍රායලයේ මානව හිමිකම් කඩකිරීම් වලට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැරි වුණා. ඒ ඇමෙරිකාව නිසා. ඇමෙරිකාවට හිතවත්නම් ඔවුන්ට කිසිම චෝදනාවක් නැහැ.. සවුදි අරාබිය කොච්චර මානව හිමිකම් කඩ කලත් ඇමෙරිකාව මුකුත් කියන්නේ නැහැ. මොකද ඇමෙරිකාවට සල්ලි ලැබෙන නිසා. ට්‍රම්ප් කියන්නේ ලැබෙන මුදල ගැන හිතලා තීරණ ගන්න ව්‍යාපාරිකයෙක් ඔහුට වෙන කිසිදෙයක් වැඩක් නැහැ. අපි ඔවුන්ගේ පිටියේ ක්‍රීඩා කරනවිට ඔවුන්ගේ නීති රීති වලට ක්‍රීඩා කරන්න ඕනේ.. හැබැයි අපි දක්ෂනම් ඔවුන්ව පරද්දන්න අපිට පුළුවන්. අපේ රට මුලින්ම ආර්ථිකය අතින් ශක්තිමත් කරන්න ඕනේ.. ඒවගේම අපේ රටේ උතුරේ දෙමල දේශපාලකයන්ගේ බටහිරට කඩේ යාම නවත්වන්න ඕනේ..

:       0       0

anura Friday, 29 March 2019 11:24 AM

අනේ රටවල් ගිනිතියලා අපායේ යන්නේ නැතිව පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 609 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 495 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1728 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site