IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘උතුරු පළාත් සභාව ජනතාව ගැන හිතුවේ නෑ’

(බිඟුන් මේනක ගමගේ)
 
 
යුද්ධයෙන් පසු උතුර සංවර්ධනයේදී උතුරු පළාත් සභාව පිහිටුවීම වැදගත් පියවරක් වුවත් පළාත්වාසීන්ගේ ජීවිත යහපත් කිරීමට එය නිසියාකාරව මැදිහත් නොවී යැයි සංහිඳියාව සඳහා වන ප්‍රවිචාරණ කාර්යසාධක බළකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා චෝදනා කරයි.
 
පළාත් සභාවෙහි සම්මත කළ 400කට අධික යෝජනා බහුතරයක අන්තර්ගත වී තිබී ඇත්තේ බලය බෙදීම හා ස්වයංපාලනය ආදී කරුණු යැයි ද පළාත් සභාවට සංවර්ධන කටයුතු සඳහා ලැබුණු මුදල්වලින් 40% කට වැඩි කොටසක් පාවිච්චියට ගෙන නැතැයි ද ආචාර්ය සරවනමුත්තු මහතා ලංකාදීප සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
 
කාන්තා ගෘහ මූලිකයන් සිටින උතුරේ පවුල් ගණන 40,000කට අධික යැයි කී හෙතෙම උතුරු පළාත් සභාව එවැනි දැවෙන සමාජ ප්‍රශ්න සැලකිල්ලට නොගැනීම කනගාටුවට කරුණක් යැයි ද අවධාරණය කළේය. 
 
දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරේ දේශපාලන නියෝජිතයන්ට මෙම කාරණා ආමන්ත්‍රණය කිරීමට නිශ්චිත සැලැස්මක් තිබිය යුතු යැයි ද උතුරට ප්‍රබල ආර්ථික වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය යැයි ද සරවනමුත්තු මහතා සඳහන් කළේය. 
 
උතුරේ ජනතාව මේ තත්ත්ව ගැන මනා සංවේදීභාවයෙන් සිටින්නේ යැයි ද මැතිවරණවලදී දේශපාලන නියෝජිතයන්ට ඔවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට සිදුවනු ඇතැයි ද ආචාර්ය සරවනමුත්තු මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
යුද්ධය පැවැති කාලයේ වූ සිදුවීම් සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් සාමාජිකයන් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත වන සේ සංහිඳියාව සඳහා ප්‍රවිචාරණ කාර්යසාධක බළකාය පත්කෙරිණි.

(ඡායාරූපය - චතුර එස්. කොඩිකාර)

 



අදහස් (8)

‘උතුරු පළාත් සභාව ජනතාව ගැන හිතුවේ නෑ’

Nuwan Tuesday, 26 March 2019 01:29 PM

දැන්ද තේරුනේ . වැඩක් කරනවට වඩා අනුන්ට බැන බැන ලෝකෙ වටේ රවුම් ගහන එක ලේසියි . දුන්න දෙයින් යමක් නොකර තව මොනවාද කතා.

:       0       1

fasmy Tuesday, 26 March 2019 01:42 PM

මම මුල ඉඳලම කියන දෙයක් තමයි මේක... විග්නේශ්වරන්, සිවාජිලිංගම් මුල ඉඳලම ජනතාව වෙනුවෙන් කිසි යෝජනාවක් ගෙනාවේ නැත. නිකන් බොරුවට කාලේ නාස්ති කරලා දැම්මා.

:       0       1

susantha Tuesday, 26 March 2019 01:43 PM

උතුරේ ජාතිවාදී දේශපාලකයින්ට ඕනේ රටේ ආණ්ඩුවෙන් උතුරට කිසි වැඩක් නැහැ... ඒ නිසා වෙනම පාලනයක් ඕනේ කියන මතය දෙමළ ජනයා මත පටවන්න. එ්කනේ ආණ්ඩුවෙන් දෙන සල්ලිවලින් බාගෙට බාගයක් කිසිවැඩක් නොකර ආපහු එවන්නේ... එහෙම කරලා මිනිස්සුන්ට කියනවා පේනවනේ ආණ්ඩුවෙන් උතුරට මුකුත් කරන්නේ නෑ... අපි වෙනම පාලනයක් ඉල්ලා ගත්තොත් නම් ඔක්කොම කරලා දෙන්න පුළුවන් කියලා. දෙමළ මිනිස්සු මේ ජාතිවාදී දේශපාලකයන්ගේ අතකොලු වෙලයි ඉන්නේ... හැබැයි දකුණේ දේශපාලකයෝ මේ තත්වේ වෙනස් කරන්න මුකුත් කරන්නෙත් නෑ...

:       0       1

Sanath Kandy Wednesday, 27 March 2019 08:37 AM

පළාත් සභා කොහොමත් සුදු අලියෙක්. පළාත් සභා සතු බලතල පළාත් පාලන ආයතන වෙත පවරා දී පරිපාලනය ප්‍රාදේශීය ලේකම් වරුන්ට ලබා දිය යුතුයි.

:       0       58

Nissanka Wednesday, 27 March 2019 08:41 AM

කොහොමත් විග්නේශ්වරන් යටින් උදව් කරන්නේ එයාගේ වාසුදේව මස්සිනාගේ පිලට. එයාට ඕන උනේ උතුරේ ජනතාවට මේ ආණ්ඩුවෙන් කිසිම සේවයක් වුනේ නැහැ කියලා පෙන්නන්න. ඒ නිසයි පළාත් සභාවට ලැබුණ මුදලුත් වැඩක් නොකරා ආපහු යැව්වේ. ඊළඟ වතාවේ ජනතාව එයාට පිලිතුරු දෙයි.

:       1       84

Sanath Kandy Wednesday, 27 March 2019 08:47 AM

මේ කතාව සහතික ඇත්ත. දකුණේ කියලා වෙනසක් නැහැ. උතුරේත් දකුණේත් දේශපාලකයින්ට ජනතාවට වැඩක් කරන්න උවමනාවක් නැහැ. ඔවුන් බලන්නේ ජාතිවාදය අවුස්සලා මිනිස්සුන්ගේ ඡන්දය කොල්ල කන්න විතරයි

:       0       45

smith Wednesday, 27 March 2019 09:43 AM

උතුරු පළාත් සබාව විතරක් නෙවෙයි උතුරෙන් එන එක දේශපාලකයෙක් වත් ජනතාව ගැන හිතන්නේ නෑ. ඕනි උන්ගේ බලේ රැකගන්න විතරයි. මේක හොඳම උදාහරණය බලය බෙදීමෙන් ප්‍රශ්න විසදෙන්නේ නෑ කියන එකට. මිට වඩා බලය දුන්නත් අන්තිමට ඔය ටිකම තමයි වෙන්නේ.

:       0       3

Sanath KandyWednesday, 27 March 2019 12:04 PM

දකුණේ අය ජනතාව ගැන හිතලා වැඩ කරනවද ස්මිත්? එයාල හිතන්නේ කොමිස් කුට්ටි ගැන විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 115 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 161 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 106 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 159 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 183 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 450 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site