IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ පක්ෂ ලකුණ මුහුණු ආවරණයේ

(විනීතා එම් ගමගේ)

 

පොලොන්නරුව තේරීම් භාර නිලධාරියා ද වන දිසා ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුවට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා පක්ෂයක ලාංඡනයක් සහිත මුහුණු ආවරණයක් පැළඳ පැමිණි බවට පැෆරල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට අද (14) පැමිණිලි කළේය.

පොලොන්නරුව දිසා ලේකම් කාර්යාලයේ දී එම රැස්වීම පොලොන්නරුව දිසා ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එයට සහභාගී වූ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා මෙසේ පක්ෂයක නිල ලාංඡනය සහිත මුහුණු ආවරණය පැළඳ සිටි බවට ඡායරූප හා වීඩියෝ පට සාක්ෂි ද සහිතව පැෆරල් සංවිධානය මෙම පැමිණිල්ල කර ඇත.

මැතිවරණ නීති දැඩි සේ උල්ලංඝනය කිරීමක් වන මෙම සිද්ධිය පිළිබඳ අද (14) තහවුරු කරගත් වහා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කළ විමසීමක දී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එම රැස්වීම නිරික්ෂණය කිරීමේ දී කොරෝනා මර්දන මෙහෙයුම් කමිටු රැස්වීමේ දී එහි සහභාගී වූ කිසිවෙකු කිසිදු දේශපාලන කථාවක් නොකළ බවත් රැස්වීමේ අරමුණු අනුව කටයුතු සිදුවූ බවත් ඒ පිළිබඳව ද සිය පැමිණිල්ලේ සඳහන් කළ බවත් හෙතෙම කියා සිටියේය. 

 



අදහස් (2)

උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ පක්ෂ ලකුණ මුහුණු ආවරණයේ

gunda Tuesday, 14 July 2020 12:35 PM

මධ්‍යස්ථවයි මේ කියන්නේ.. ආණ්ඩුකාරවරයෙක් යනු දේශපාලකයෙකි. පොලොන්නරුවේ තිබෙන රැස්වීම කොරෝනා මර්ධනය සඳහාය. දේශපාලන රැස්වීමක් නොවේ. ඕනෑම ආණ්ඩුකාරවරයෙකුට ඔහු දේශපාලකයෙක් නිසා සිය පාක්ෂිකත්වය ප්‍රදර්ශනය කිරීම වැරැද්දක් නොවේ. NGO පැපරල්ලා බොරුවට දැඟලීම අවශ්‍ය නැත...

:       1       1

Buddika Wednesday, 15 July 2020 12:25 AM

මේවා දේශපාලන පත්වීම්... දේශපාලනය බලලා දෙන පත්වීම්... එවිට තමන් කරන දේ නීතියට පටහැනි බව තේරෙන්නේ නැහැ මොලේ අඩු නිසා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 635 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 527 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 133 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1778 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site