IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


උතුරේ විපතට පත් සංඛ්‍යාව 123,862 දක්වා ඉහළට


 
රොමේෂ් මධුෂංඛ

 
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය නිසා පවුල් 39,895 කට අයත් පුද්ගලයින් 123,862 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූර්ණ නිවාසද 474 ක් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 4522කට හානි අද (30) වන විට සිදුව ඇති බවට ජාතික ආපදා කළමනාකරණ ඒකකයයේ වාර්තා අනුව පෙන්වා දෙයි.


මේ අනුව විපතට පත් වැසියන්ගෙන් පවුල් 1146 කට අයත් පුද්ගලයින් 3708 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 11 ක රඳවා සිටින බවටද යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සහ කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයන්හි මරණ දෙකක් වාර්තා වී ඇති බවට ආපදා කළමනාකරණ ඒකකය විසින් පෙන්වා දෙයි.


මේ අනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කය වන අතර එහි කරච්චි, කණ්ඩාවලෙයි සහ පච්චිලෙයිපල්ලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 25,281 කට අයත් පුද්ගලයින් 78,528 දෙනෙකු විපතට පත්ව ඇති අතර එහිදී නිවාස පූර්ණ 388ක් සහ අර්ධ නිවාස 2225  කට හානි සිදුව ඇත.


උතුරු පළාතෙන් දෙවනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයේ වන අතර එහිදී ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු,  තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර හා වැලිඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 10,388 කට අයත් පුද්ගලයින් 32,252 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූරණ නිවාස හානි 86ක් හා අර්ධ නිවාස හානි 2297 ක් වාර්තා වී ඇත.


අනතරුව මන්නාරම් නගරයේ සහ නානාට්ටාන් ප්‍රදේශයන්හි පවුල් 39 කට අයත් පුද්ගලයින් 141 දෙනෙකුද වව්නියාව දිස්ත්‍රීක්කයේ පවුල් 155 කට අයත් පුද්ගලයින් 521 දෙනෙකු ද යාපනය දිස්ත්‍රීක්කයේ මරදන්කේනි ප්‍රදේශයේ 4257 කට අයත් පුද්ගලයින් 12,642 දෙනෙකු ද විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ ඒකකය විසින් පෙනවා දෙයි.
 



අදහස් (0)

උතුරේ විපතට පත් සංඛ්‍යාව 123,862 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 454 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 146 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 157 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 624 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 211 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 657 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site