IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


උද්ඝෝෂණවලට නීති ක්‍රියාමාර්ග ගන්න එම්.ඕ.එච් නිර්දේශ

(සුජිත් හේවාජුලිගේ)

උද්ඝෝෂණ හෝ මහජන ඒකරාශී වීම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මින් ඉදිරියට නිර්දේශ ඉල්ලා සිටියහොත් එම නිර්දේශ ලබාදීමට තීරණය කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.

මේ මොහොතේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.

සැර කොරෝනා ප්‍රභේද පැතිර යමින් පවතින තීරණාත්මක අවස්ථාවක මෙවැනි උද්ඝෝෂණ සහ ජනයා ඒකරාශීවීම් කිසිසේත්ම සුදුසු නොවන බව පෙන්වා දෙන රෝහණ මහතා වහා ඒවායින් මිදිය යුතු බවද පැවසුවේය.

රටේ දැනට පවතින තත්වය කිසිසේත්ම සුබවාදී නැතැයිද කොරෝනා දැඩි අවදානම්කාරී තත්වයක් පවතින්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ගුරුවරුන්ගේ ඔන්ලයින් උද්ඝෝෂණය දිගටම කරගෙන යෑමට ගුරු සංගම් තීරණය කර ඇත.

මේ තත්වය දිගටම පැවතිය හොත් කොරෝනා ගුරු පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය.

එවැනි තත්වයක් ඇති වුවහොත් උද්ඝෝෂණ සංවිධානය කරන ගුරු සංගම් නායකයන් ඒවාට වගකිව යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.

 



අදහස් (7)

උද්ඝෝෂණවලට නීති ක්‍රියාමාර්ග ගන්න එම්.ඕ.එච් නිර්දේශ

Narada Thursday, 29 July 2021 04:01 PM

ස්තුතියි උපුල් රෝහණ...

:       57       117

කිරි පුතා Thursday, 29 July 2021 04:23 PM

දැනටමත් පරක්කුයි. මේක විකාර කරන්නවත්, එක එක ඒවා ඉල්ලාගෙන පාරට බහින්නවත් කාලයක් නෙවෙයි.

:       3       105

සමන් විමල් Thursday, 29 July 2021 04:23 PM

පාරවල් අවහිර කරමින් උද්ඝෝෂණ කරනවා. වැඩට යන අයටවත් වැඩට යන්න බැහැ.

:       3       60

Kasun Thursday, 29 July 2021 05:18 PM

දැන් එතකොට වර්ජනය කරලා දේවල් ගත්තේ... ඒ කෙළින්ම මිනිස්සුන්ව බිල්ලට අරගෙන. ඔක්කොම එකයි.

:       2       2

gunarathnaThursday, 29 July 2021 08:02 PM

උපුල් රෝහණලා උද්ඝෝෂණය කරලා ඉල්ලීම් දිනාගත්තේ මෙහෙම පාරවල් පුරා හරක් වගේ දුවන්න නෙමෙයි.

:       3       4

C.Prasad Thursday, 29 July 2021 08:48 PM

ගුරුවරු වනාහි ලෙහෙසියෙන් රැවටිය හැකි පිරිසකි.. ඒකනේ 68% ක්ම ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ. කෙහෙලිය, ජොනී වගේ උගත් බුද්ධිමත් අය තමයි උගන්වන්න යන්න ඕනේ. ගුරු පොකුරට ගුරුවරු වග කියන්න ඕනේ... නම් මේ වෙච්චි විනාශයට කවුද වග කියන්න ඕනේ...?

:       116       116

සමිත සේනක අලුත්ගමගේ. Friday, 30 July 2021 09:02 AM

මේ වෙලාවේ උද්ඝෝෂණ ව්‍යාපාර නිසා සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.ඒත්,මිනිසුන්ට අසාධාරණයක් උනාම උද්ඝෝෂණය කිරීමට තියෙන අයිතිය චන්න ජයසුමන ලාට නැති කරන්නට බැහැ.එයා කරන්නට ඕනේ,මිනිසුන්ට අසාධාරණ කම් නොවන සේ තම රජය සකස්කර ගැනීම යි.කළයුතු දේ නොකොට වෙනත් දේවල් ගැන කියෙව්වාට වැඩක් වෙන්නේ නැහැ.රටේ මුදල් වැයකොට මාධ්‍ය කේන්ද්‍ර හදන්නට මුදල් තියෙනවා.ඒත්,ජනතා අවශ්‍යතා සඳහා මුදල් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 156 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 170 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 307 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1015 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 936 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1243 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 455 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site