IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


උපනන්ද විදුහලේ වෙඩිතැබීම ගැන යුද හමුදාවෙන් පරීක්ෂණයක්

(ඉන්දිකා රාමනායක)
 
ගාල්ල මානවිල  උපනන්ද  ජාතික පාසලට  බලෙන් ඇතුළුවීමට යාමේදී එහි රාජාකාරියේ නිරතව සිටි හමුදා සෙබළකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාමේ  සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි යුද හමුදාව කියයි.
 
යුද හමුදාපතිවරයාගේ නියමයෙන් මෙම පරීක්ෂණ ආරම්භ කළ බවද හමුදාව පවසයි.
 
යුද හමුදා පොලිසියේ සාමාජියකු  පෙරේදා  දිනයේම සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ බව හමුදාව සඳහන් කරයි.
 
යුද හමුදා පොලිසිය මේ වනවිට වෙඩි තැබූ හමුදා සෙබළාගෙන් හා  සිද්ධිය වූ අවස්ථාවේ  එම ස්ථානයේ සිටි  කිහිපදෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවද හමුදාව  වැඩිදුරටත් පවසයි.
 
මෙම වෙඩි තැබීමෙන්  මියගොස් ඇත්තේ  ගාල්ල පිලාන පදිංචි උදය ප‍්‍රදීප් කුමාර (39) නැමැති හිටපු නාවික හමුදා   සාමාජිකයෙකි.



අදහස් (7)

උපනන්ද විදුහලේ වෙඩිතැබීම ගැන යුද හමුදාවෙන් පරීක්ෂණයක්

sharm warn Friday, 05 July 2019 10:03 AM

මම හිතනවා මේ හමුදා නිලධාරියා කලේ ඔහුට දුන්න රාජකාරිය . මිය ගිය පුද්ගලයා නාවික හමුදාවේ සිටි අයෙක් නම් ඔහු තුල මිට වඩා විනයක් තිබිය යුතුව තිබුණා .ඒ වගේම පාසලෙන් ආරක්ෂක නිලධාරීන් දැනුවත් කල යුතුව තිබුණා රෝගී වූ දරුවෙකුගේ නිවසෙන් කෙනෙකු එන්නට ඉඩ තිබෙන බව .යම් විදියකින් ඒ පුද්ගලයා දරුවන්ට අනතුරක් සිදු කල නම් එවිටත් වැරදි කරු වන්නේ මේ හමුදා නිලධාරියා ම ද ? ආරක්ෂාව කියන්නේ මොකක්ද? දැන් හරි ප්‍රශ්න ඉවරයි කිව්වම ඉවර වෙන තත්වයක් ද ? මම හිතනවා විදුහල්පති සහ ගුරුවරුන්ගේනුත් ප්‍රශ්න කල යුතුයි .

:       506       1372

ලසන්තFriday, 05 July 2019 11:52 AM

මෙයාගේ අදහස ඉතාම නිවැරදියි. දරුවෙකුගේ දෙමාපියන්ට හෝ භාරකරුවෙකුට පාසැලට එන්න කිව්වා නම් පාසැලෙත් හමුදා ආරක්ෂාව ඇත්නම් විදුහල්පතිගේ මෙන්ම පංතිය භාර ගුරු භවතා හෝ භවතියගේ වගකීමක් හමුදා සෙබලාට කෙනෙකු කැඳවා ඇතිබව දැන්වීම. එහෙම දන්වලා තිබුනානම් මෙහෙම විනාශයක් වෙන්නේ නැහැ.

:       0       38

chandanaSaturday, 06 July 2019 06:16 AM

ඔබගේ අදහසට තරයේ එකඟ වෙමි. එලෙසම තව කොටසක් එකතු කරමි. සැබැවින්ම ඔහුගේ හදිස්සිය සිය දරුවා වෙනුවෙන් නොවී වෙනත් කාරණයක් වීමටද ඉඩ ඇත... මක්නිසාද යත් දරුවාට එතරම් හදිසි තත්වයක් තිබී ඇත්නම් විදුහල විසින් දරුවා රෝහල් ගත කිරීම සඳහාද යම් වැඩපිළිවෙලක් යෙදීමටද කටයුතු කරන බැවිනි. ඔහුට හමුදා උණක් එන්නටද ඇත. ඒ හේතුවෙන් වාද විවාදයට වඩා දුර දිග යන්නටද ඇත. පපුව ආසන්නයට වෙඩි වදින්නට ඇත්තේද ආයුධය උදුරා ගැනීමට තැත්කිරීමක් හෝ ආයුධය අල්ලා ගැනීමක් කළ නිසා වන්නටද ඇත. කෙසේවුවත් ආවේගශීලී ලෙස දුර දිග නොබලා පාසලේ අනෙක් දෙව්පියන්ද කටයුතු කර ඇති බව පෙනී යන බැවින් එම ග්‍රාමයෙන් සෙබලාට සාධාරණයක් සිදුනොවනු ඇත...

:       0       0

athula Friday, 05 July 2019 11:20 AM

රටේ යුද්ධයක් නැති නිසා මෙවැනි හමුදා සාමාජිකයින් පාසල් මුර කිරීමට අවශ්‍ය නැහැ.

:       128       33

සමන්තFriday, 05 July 2019 12:14 PM

ඔබතුමා මම හිතන්නේ නිදියගෙන ඉන්නවද කොහෙද? හමුදා නිලධාරීන් මෙලෙස මුරට යොදවන්න හේතුව මාස 3ක් වත් යන්නට මත්තෙන් අමතක වීම ගැන කණගාටුයි. පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකළ අන්තවාදීන්ගෙන් ආරක්ෂා වීම සඳහා ආරක්ෂක අංශ මෙලෙස රාජකාරියේ යෙදී සිටින බව අමතක වීම ඉතාම දුක්ඛිත තත්වයක්..

:       34       137

BamunuarachchiFriday, 05 July 2019 01:25 PM

සිංහලයාට සුමාන දෙකෙන් යටගියාව අමතක වෙනවා කියලා ප්‍රභාකරන් කීවේ කට කසනවාට නොවෙයි... මේවගේ සිංහල ගොයියෝ තමයි වැඩිහරියක් රටේ ඉන්නේ කියලා දැනගෙන...

:       1       93

chandanaSaturday, 06 July 2019 06:14 AM

ඔව් ත්‍රස්තවාදියෙක් නැවතත් මහා විනාශයක් කරන තෙක්. ඊට පස්සෙ ආයිත් දාමු. විනාශය අමතක වුණාම බැන බැන අයින් කරමු. ත්‍රස්තවාදියෙක් නැවතත් මහා විනාශයක් කරන තෙක්. ඊට පස්සෙ ආයිත් දාමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 406 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 140 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 152 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 601 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 201 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 636 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site