( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනයේ "ජාතිය" සදහන් කිරීමට ඇති තීරුව හිස්ව තැබීමට හෝ එම තීරුවේ "ශ්‍රී ලාංකික " ලෙස සදහන් කිරීමට ඇති හැකියාව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (09) නීතිපතිවරයාට නියෝග කළේය.
තම දරුවාගේ උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනයේ ජාතිය ලෙස" ශ්‍රී ලාංකික "යන්න සදහන් කරන ලෙස කල ඉල්ලීමක් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නීතිඥ නුවන් බෝපගේ මහතා ගොනු කල රිට් පෙත්සමක් පිළිබඳව කරුණු සලකා බැලූ අධිකරණය මෙම නියෝගය කලේය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි .
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා එහිදී සදහන් කලේ මෙරට තුළ සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතා බහට ලක් වුවද උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනයේ ජාතිය කුමක්දැයි සඳහන් කිරීම මගින් ජාතින් ලෙස බෙදීමකට ලක් කර ඇති බව ය.
ඒ වෙනුවට එම තීරුවේ ශ්‍රී ලාංකික ලෙස සඳහන් කල යුතු බවට ඒ මහතා කරුණු ඉදිරිපත් කලේය.
එම කරුණු සලකා බැලූ නීතිපති වරයා වෙත ඉහත නියෝගය කළේය.
පෙත්සම පෙබරවාරි මස 17වැනිදා කැඳවීමට නියම කෙරිණ.
රජයේ නීතීඥ රජික අලුවිහාරේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
උප්පැන්න