(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වයිරසය පැතිරයාම සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍යංශය ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වීමේ අවසන් තීරණය හෙට(බදාදා) ගැනීමට සූදානමින් සිටී.
දැනට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙනුයේ හෙට(බදාදා) බැවින් එම පරීක්ෂණ ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් පසුව ශිෂ්‍යත්ව විභාගය සහ උසස්පෙළ විභාගය කල්දමනවාද නැද්ද යන්න තීරණය කරන බව අධ්‍යාපන ඇමැති ජී. එල්. පීරිස් මහතා පැවසීය.
කෙසේවෙතත් ඇමැතිවරයා අවධාරණය කර සිටියේ, මෙම විභාග දෙකම කල් නොදමා යොදාගත් පරිදි පැවැත්වීම නැවත රජයේ අපේක්ෂාව බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් කඩිනමින් සූදානම් කෙරෙමින් පවතින බවත්ය.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
උසස්පෙළ-ශිෂ්‍යත්ව විභාග ගැන අවසන් තීරණය හෙට
ලංකාපුත්‍ර Tuesday, 06 October 2020 05:02 AM
පාසැල් දරැවන්ට දෑත් සෝදන්න ජලය ලබාගන්න ටැංකි ලබා දුන්නා ඒවාට ජලයත් ලබා දුන්නා. ටික දවසයි වැඩේ සිද්දවුනේ. දැන් ප්‍රාදේශීය සභා සභාපතිවරැ කියන්නෙ ජලය දෙන්න සල්ලි නැතිලු. ඔය කියන විභාගයේදී දරැවන්ගේ ආරක්ෂාවට යොදන වැඩපිළිවෙලත් ඒ වගේද ජී.එල් මහත්තයෝ.? වැඩේ දිිිිිගටම මාසයම කරගන්න බැරිනම් දරැවන්ගේ ජීවිත අනකුරේ නොදා විභාගය කල් දාන එක හොඳයි.
bandula Herath Tuesday, 06 October 2020 05:23 AM
ලංකාපුත්‍ර ලංකාවේද ඉන්නේ..? අපේ ළමයින්ට 5 ශිෂ්‍යත්වය ඇතිවෙලා ඉන්නේ.. පුළුවන් නම් සිකුරාදා තියන්න...
KanthiWednesday, 07 October 2020 12:58 AM
බන්ධුල හේරත් මහත්තයෝ, තමන්ගේ දරැවා අවධානමක තබන්න තාත්තා කෙනෙකුට පුළුවන්ද? ඇත්තටම රට තුළ කොරෝනා අවධානමක් ඇති වී තිබෙන මේ වගේ මොහොතක ඔබගේ ප්‍රකාශය පිළිකුල් සහගතයි. ඔබ වැනි තාත්තලා පිළිබඳව අපට හරි පුදුමයි.
Rata Perata Tuesday, 06 October 2020 06:14 AM
ඔය විභාග අපේ රටේ එච්චර වැදගත් දේවල් නෙවේ. අපේ රටේ ඉතිහාසේ කොච්චර නම් විභාග කල්දාලා තියෙනවද නැකතට ඡන්ද තියන්න..? ඒක නිසා ඉදිරි පරම්පරාව හරක් වෙන තරමට හොඳ නිසා විභාග ගැන කරදර වෙන්නේ නැතිව 20 සම්මත කරගමු සර්.. මීට සර්ගේ ඕන වැඩක් හොඳයි කියන බයියෙක්..
saman Tuesday, 06 October 2020 07:07 AM
කරුණාකර නියමිත පරිදි 5වසර ශිෂ්‍යත්වය පවත්වන්න. සුදුසුනම් එය සිකුරාදා දිනයේ පවත්වන්න.
වසන්තWednesday, 07 October 2020 01:44 AM
එතකොට ගම්පහ පුංචි එවුන් විභාගෙ නොකළට කමක් නැද්ද?
සේනක Tuesday, 06 October 2020 05:51 PM
බණ්ධුල හේරත්ලාට තියෙන්නේ වෙනත් අවශ්‍යතාවක් බව පැහැදිලියි. රට පවතින්නේ අවධානමකයි එවැනි පසුබිමක ඉඳලා ඔයාගෙ දරුවගේ අවශ්‍යතාවය ගැන පමණක්කතා කිරිම ගැන ලැජ්ජයි.
Kanthi Wednesday, 07 October 2020 12:51 AM
බන්ධුල හේරත් මහත්තයෝ ඔබ ඇත්තටම තාත්තා කෙනෙක්ද? මොකද තාත්තා කෙනෙකුටනම් තමන්ගෙ දරැවෙක් අවධානමකට පත් කරන්න බැහැ. ඇත්තටම ඔබ ගාැන පුදුමයි.?