(ඩයනා උදයංගනී)
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ හෙට (31) පෙරවරුවේ පැවැත්වීමට නියමිත ගිණුම්කරණය විෂය සඳහා පෙනී සිටින සිසුන්ට මේ වසරේ සිට අතිරේක පහසුකමක් ලෙස, සාමාන්‍ය ගණක යන්ත්‍ර (කැල්කියුලේටර්) භාවිතයට අවසර ලබාදී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය.
මෙහිදී භාවිතා කළ හැක්කේ වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
මෙම විෂය සදහා සිසුන්ට ගණක යන්ත්‍ර භාවිතයට අවසර දීම සම්බන්ධයෙන් විභාග ශාලාධිපතිවරුන්ට කිසියම් ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ හැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ වූ අතර එය නොවැම්බර් 6 වන දා තෙක් පැවැත්වෙන බවත්, ඉදිරි දින කිහිපයේ දී තවත් විෂයන් 13 ක් පැවැත්වීමට නියමිත බවත් සනත් පූජිත මහතා සඳහන් කළේය.
නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ද විභාග මධ්යොස්ථාන 638 ක් ක්‍රියාත්මක බව කී කොමසාරිස්වරයා එම මධ්‍යස්ථාන ඇතුළු දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථාන සඳහා සිසුන්ට ප්‍රවාහන පහසුකම් සලසාදීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද ඔහු පැවසීය.
විභාග අපේක්ෂකයන් කල් වේලා ඇතුව විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීම කෙරෙහි සැලකිලිමත් වන ලෙස දෙමව්පියන්ට ද දැනුම් දී ඇතැයි ද කොමසාරිස්වරයා සඳහන් කළේය.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
උසස් පෙළ ගිණුම්කරණය ලියන සිසුන්ට ගණක යන්ත්‍ර භාවිතයට අවසර