IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


උසස් පෙළ සිසුන්ට ටැබ් ලබා දීම ලබන පාසල් වාරයේ සිට

(අංජුල මහීක වීරරත්න)

ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ සිසු සිසුවියන් සඳහා ටැබ් පරිගණකය ලබාදෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ත‍්‍රිකුණාමලයේදී අද (27) පැවසීය.

එම යෝධ පියවර ගන්නා ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බව කී අග‍්‍රාමාත්‍යවරයා අධ්‍යාපනය නවීකරණය නොකිරීම රටට කරන අසාධාරණයක් බව ද සඳහන් කළේය.

‘සුහුරු පන්ති කාමර’, ‘සුහුරු පාසල්’ සහ ‘ටැබ් පරිගණක යන්ත‍්‍ර පහසුකම් සපුරාලමින් අනාගත තාක්‍ෂණ ලෝකයට ගැළපෙන පරපුරක් බිහිකිරීමට රජය කැපවී සිටින බව ද අග‍්‍රාමාත්‍යවරයා කීවේය.

දැනට පරිගණක ක්ෂේත‍්‍රයේ රැකියා 90,000ක පුරප්පාඩු තිබෙන බව කී අග‍්‍රාමාත්‍යවරයා ඒ පුරප්පාඩු සියල්ල ශ්‍රී ලාංකිකයන්ගෙන් පිරවීම සඳහා අවශ්‍ය අධ්‍යාපන පසුබිම සකස් කරන බව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

උතුරු නැගෙනහිර පළාත් ස්වේච්ඡා ගුරුවරුන් සඳහා පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් මේ බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ලබාදීමට නියමිත ටැබ් පරිගණක යන්ත‍්‍රයද එහිදී ජනතාව වෙත ඉදිරිපත් කළේය.

ත‍්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.

(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (16)

උසස් පෙළ සිසුන්ට ටැබ් ලබා දීම ලබන පාසල් වාරයේ සිට

Praba Thursday, 27 June 2019 02:52 PM

ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම නායකයා ඔබයි.

:       353       15

tdThursday, 27 June 2019 09:39 PM

ටැබ් පරිගණක යන්ත‍්‍ර පහසුකම් සපුරාලමින් අනාගත තාක්‍ෂණ ලෝකයට ගැළපෙන පරපුරක් බිහිකිරීමට රජය කැපවී සිටීම අගය කරමු. පරිගණකය ලබන්නාවූ පාසල් සිසුන් පමණක් නොව, එම දරුවන්ගේ මව්පියවරුන් සහ සාමාන්‍ය දැනුමක් තිබෙන්නා වූ ඕනෑම කෙනෙකු සිදුවෙමින් තිබෙන අධ්‍යාපනයේ නවීකරණය අගය කොට සලකන අතර දියුණු ලෝකයත් සමග ඉදිරියට යාමට නම් පරිගණක දැනුම අත්‍යවශ්‍යය. පරිගණක දැනුම පමණක් නොව 10 වන ශ්‍රේණියෙන් පසු සිසුන් කැමති ඕනෑම වෘත්තිය පුහුණුවක් ලබාදීමට පුළුල් කල යුතු වේ. දැනුම සහ පුහුණුව සමග පාසලින් පිටවන තරුණ පිරිස් සදහා ලෝකයේ රැකියා විවෘතව පවතී. ජනසවිය වැනි ක්‍රම නිසා ජනතාව නිකම් ලැබෙනකම් සිටිනවා පමණක් නොව ඔවුන්ගේ මොලය වෙහෙසීමක් පවා නොකරන්නේය. ඔවුන් නිකමුන් කරන ජනසවිය වැනි ක්‍රමයන් ලංකාවේ ඇතිවී තිබෙන්නේ නිසි අධ්‍යාපනයක් හෝ කාර්මික පුහුණුවක් පාසැල තුලින් නොලැබී ඇති නිසාය. ලංකාව ඉදිරි වසර පහ තුල විශාල කාර්මික විප්ලවයක් ඇතිකළ යුතුය. එය කල හැකිය. කෙසේ වෙතත් පස්වන ශ්‍රේණියේ සිට 10 දක්වා ලිවීමේ හැකියාව අත්‍යවශ්‍යය. එතෙක් පරිගණක දැනුම විෂයක් වසයෙන් ලබාදි නොමිලයේ පරිගණකයක් ලබාදීම කලයුත්තේ 10 වන ශ්‍රේණියෙන් පසුවය.

:       39       64

amilaThursday, 27 June 2019 10:09 PM

මොනවා කියනවද? සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා කැලේ නේද?

:       0       0

gamarala Thursday, 27 June 2019 04:25 PM

පාසල් දරුවන්ට මෙතෙක් කල් ඉගෙනීමට තිබු සියලු මහා දෝෂ මෙයින් අවසන්.

:       41       51

සිරිමල්Friday, 28 June 2019 01:18 AM

පැරණි ගමරාළලා කොහොමත් ගමේ දරුවන් ඉගෙන ගන්නවාට අකමැතිවුනා.දරුවන් ඉගෙනගත්තොත් ගසක ගෙඩියක්වත් කඩාගන්න වත්තේ පිටියේ වැඩක් කරගන්න කෙනෙක් නැතිවේවි යයි ඔහුන් විශ්වාස කලා.මේ ගමරාලත් එහි ශේසයක්ද හිතෙනවා.

:       33       51

chandima Thursday, 27 June 2019 10:07 PM

දැන් ඔය ටැබ් එක හරහා පෙළපොත් දෙන්නේ කවද ඉඳලද?

:       0       0

Amila Friday, 28 June 2019 02:37 AM

මහ බැන්කුව වක්‍රව සුද්දා කරන්න පටන් ගත් වගයි !

:       15       146

Raveendra Friday, 28 June 2019 02:42 AM

නව තාක්ෂනය සමග අපද ඉදිරියට යායුතුය. එහි කිසිදු වරදක් නොමැත. අපගේ දැනට තිබෙන අධ්‍යාපන ක්‍රමය ලෝකයේ අනිකුත් රටවල් සමග සංසන්දනය කිරීමේදී අප ඉදිරියෙන් සිටීද පසුපසින් සිටීද අපටම තීරණය කරගත හැක. කෙසේ වෙතත් අප විස්වාස කරනවා සියලුම පාසල්වල තිබෙන පහසුකම් එක හා සමානවිය යුතුබවට. මුලික පහසුකම්වත් නැති පාසල් අපරටේ ඕනෑතරම් තිබෙන බව නොරහසකි. එසේ තිබියදී මෙම තීරණය හොදද නරකද යන්න නැවතත් සිතා බැලිය යුතු නොවේද ??

:       8       47

indika Friday, 28 June 2019 04:06 AM

අනාගත UNP ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට අනුවනම් අත්‍යවශ්‍ය සපත්තු සහ නිල ඇඳුම්. තවමත් අපේ පාලකයන්ට අවශ්‍ය දේ සහ අත්‍යාවශ්‍ය දේ ගැන අවබෝධයක් නැහැ.

:       23       7

Akila Friday, 28 June 2019 04:40 AM

තුන්වෙනි ලෝකේ පහසුකම් වත් නැති ඉස්කෝල වල ළමයින්ට ටැබ් දෙන්නේ කලින් හැම පන්තියකටම අඩුමගානේ ප්‍රොෙජක්ටර් එකක්වත් ලබාදුන්නොත් ගුරුවරින් ට පුළුවන් තමන් කරන දේ රුපරමු ,වීඩියෝ මගින් තවත් පැහැදිලි කරන්න , එහෙම යි අධ්‍යාපනය දියුණු කරන්නේ

:       10       100

පියල්Friday, 28 June 2019 04:56 AM

ඔයානම් මාර විශේෂක්නයෙක් නේ ... උපදේශන තනතුරක් ලැබුනේ නැද්ද

:       107       16

himalFriday, 28 June 2019 07:45 AM

ඔය ප්‍රොජෙක්ටර් එකට සංඥා එවන්නත් පරිගණකයක් ගන්න වෙනවනේ... ඒකට තොරතුරු හොයන්න අන්තර්ජාල පහසුකම් දෙන්නත් වෙනවනේ... ඉතින් කෙලින්ම ටැබ් දුන්නම ලේසියි.

:       0       0

කුමාරFriday, 28 June 2019 09:00 AM

උගත් අකිල මහතාණෙනි, හැම පන්තියටම ප්‍රොජෙක්ටර් එකක් දීලා සම්බන්ධ කරන්නේ අල ගෙඩියටද? ධනාත්මකව හිතන්න. කඩේ යන්නේ නැතිව...

:       0       0

Bandara Friday, 28 June 2019 08:47 AM

ප්‍රභා ඔයා ඉක්මනට දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ටිකක් ගන්න.

:       0       0

BamunuarachchiSaturday, 29 June 2019 08:18 AM

දොස්තර මොලේ සුද්ද කරන්න වස්තියක් දෙනවා ෂුවර්...

:       0       0

Bandula. Saturday, 29 June 2019 07:31 AM

අනේ ඇත්තටම කියන විහිළු නේද? එදා ඩෙනිම් දුන්නා, බ්‍රේස්ලට්, චුයින් ගම් දුන්නා.. අනේ අපිට මතක්වෙනවා ඔයාව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 142 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 103 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 139 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 302 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1913 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 485 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site