IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්ට ඇප

(මනෝප‍්‍රිය ගුණසේකර)
කොළඹ වරායට ආසනන්යේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක් වටිනා බැදුම්කරයක් මත මුදාහැරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අධිකරණයේ අවසරකින් තොරව විදේශගත වීම වළකාලමින් ඔහුට තහනම් නියෝගයක් නිකුත් කළේය.
නැවේ දුමාරය පිටවීමට පටන්ගත් අවස්ථාවේදී නැවට ගොඩවී පැය එකහමාරක කාලයක් එහි සිටි නාවික හමුදා සහ වරාය අධිකාරියේ නිලධාරීහූ නැවේ ගින්න නොදැමුවේ වන්දි ලබාගැනීමේ අරමුණින් දැයි ප‍්‍රශ්න කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අන්තර්ජාතික සයුරු පිළිබඳ නීතිය අනුව නැව් කපිතාන්වරු ප‍්‍රාණ ඇපකරුවන් ලෙස අත්අඩංගුවට නොගතයුතු යැයි පෙන්වා දෙමින් කළ ඉල්ලීම පිළිගනිමින් එලෙස නියමක කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් තහනම් කර විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය බාරයට ගත්තේය.
අපද්‍රව්‍ය මුහුදට එක්කළැයි රහස් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික ක්වප්ලෝ විටලී මහතා මෙලෙ මුදාහැරීමට නියම කළේය.
සමුද්‍රිය ආරක්‍ෂණ පනතේ 12 වැනි වගන්තිය අනුව වරදක් විටලිී මහතා සිදුකළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
සිද්ධියට අදාලව සිදුකරන ලද විමර්ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසිය ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් එහි ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය, නිමි භාණ්ඩ සහ තෙල් ආදිය මුහුදට එක්වීමෙන් ශ්‍රී ලංකාවට අවට මුහුදට විශාල පාරිසරික හානියක් සිදුව ඇතැයි ද මෙම කපිතාන්වරයා ඊට වගකිවයුතු යැයි ද අධිකරණයට දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිස් නිලධාරීන් සමඟ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්කොන් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිදුවීමෙන් වසර දහස්ගණනකටවත් ප‍්‍රපූර්ණය කළ නොහැකි හානියක් ශ්‍රී ලංකා මුහුදු තීරයට සිදුව ඇතැයි කීය.
මෙම නෞකාවේ ගින්න ඇතිවූ අවස්ථාවේදී එය නිවාදැමීමට සැකකරු ඇතුළු නැවේ කාර්ය මණ්ඩලය කටයුතු නොකිරීම මෙම සිද්ධියට මූලිකම හේතුව වී ඇතැයි සඳහන් කළ මාධව තෙන්නකෝන් මහතා මෙම සිද්ධිය පිළිබඳව ආරම්භ කළ විමර්ෂණ කටයුතු පුළුල් ආකාරයෙන් සිදුකරගෙන යන්නේ යැයි කීය.
සැකකාර නැව් කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මුලින්ම නැවේ දුමාරය පටන්ගත් අවස්ථාවේදී නැවට ගොඩවූ නාවික හමුදාවේ සහ වරාය ආධිකාරියේ නිලධාරීන් එම ගින්න නිවාදැමීමට කටයුතු නොකළේ මන්දැයි ප‍්‍රශ්න කළේය.
තම සේවාදායකයා පැදවූ නැව කොළඹ වරායට ඒමට නියමිතව තිබූ දිනට වඩා දින දෙකක පමණ කාලයක් ප‍්‍රමාද වූ බවත් මුහුදේ ඇතිවී තිබූ කුණාටු තත්වය ඊට හේතු වූ බවත් දැනුම් දුන් සරත් ජයමාන්න මහතා මුලින්ම නැවේ බහලූම් අතරින් දුමක් නඟින අයුරු නිරීක්‍ෂණය කළ තම සේවාදායකයා සහ ඔහු යටතේ සේවය කළ නිලධාරීන් ඒ බව වරාය ආධිකාරියට, නැව අයිති සමාගම ඇතුළු සියලූම පාර්ශවයන්ට ඒ අවස්ථාවේදීම දැනුම්දී ඇතැයි කීය.
ඒ අනුව එදින සවස 4.30 ට පමණ නාවික හමුදාවේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් නැවට පැමිණියේය යැයි කීය. එලෙස පැමිණි ඔවුන් පැය එකහමාරක පමණ කාලයක් නැවේ ගතකළ බවත් දුමාරය පිළිබඳ පරීක්‍ෂා කළ ඔවුන් ඒ බව ‘හාබමාස්ටර්වරයාට’ ඒ බව දැනුම් දෙන්නම් කියා පිටව ගිය බවත් කී ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා එදින රාත‍්‍රීයේ නැවේ දුමාරය වැඩිවීමට පටන්ගත් විට මේ පිළිබ`දව තව සේවාදායකයා හා ඔහු යටතේ සිටි නිලධාරීන් ‘හාබමාස්ටර්වරයාට’ ඇතුළු සියලූ පිරිසට පණිවුඩ ලබාදී ඇති බවත් ඒ අනුව ‘හාබමාස්ටර්වරයා’ විසින් නැවේ ගින්න නිවාදැමීම ස`දහා ටග් යාත‍්‍රි කීපයක් එවනු ලැබූවත් ඒවා නැවේ ගින්න නිවා දැමීමට තරම් ප‍්‍රමාණවත් නොවූ බව ද දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව නැවේ ගින්න දරුණු ලෙස පැතිරී ගොස් දින ගණනක් තිස්සසේ ගිනිගෙන මුහුදු බත්වූ බවත් මුල්ම අවස්ථාවේදී නිවාදැමීමට තිබූ නැවේ ගින්න නිවානොදැමුවේ වන්දි ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් දැයි සැකයක් මතුවන්නේ යැයි කී සරත් ජයමාන්න මහතා තම සේවාදායකයාට චෝදනා කරන ආකාරයෙන් ඔහු කිසි`දු අවස්ථාවක නැවෙන් කිසි`දු අපද්‍රව්‍යයක් මුහුදට නොදැමුවේ යැයි ද නැවේ හටගත් ගින්න නිවාදැමීමට උත්සහ කිරීමේදී නැවේ තිබූ යම් යම් අපද්‍රව්‍ය මුහුදට එක්වීමට හැකියා තිබුණේ යැයි ද කීය.
සමුද්‍රීය ආරක්‍ෂණ පනත කඩකළ අයෙකුට සිරදඩුවම් ලබාදීමට හැකියාවක් නැතැයි ද ඔහුට දඩයක් පමණක් නියම කිරීමට හැකියාව ඇතැයි ද පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා වන්දි ලබාගැනීම ස`දහා තම සේවාදායකයා ප‍්‍රාණඇපකරුවකු ලෙස ර`දවානොගතයුතු බවද පෙන්වා දුන්නේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (8)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්ට ඇප

Nuwan Monday, 14 June 2021 07:30 PM

ඔය මනුස්සයා රසායනික ගින්නක් වතුර දාලා නිවන්න කිව්වේ නැහැනේ..

:       0       221

සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 June 2021 08:12 PM

නැවේ ගින්න නිවා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය කාලය ඕනෑතරම් තිබුණා. ඒ සඳහා අවශ්‍ය කාලය තුළ ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට බලාපොරොත්තු කිසිවක් තිබුණේම නැහැ. ගින්න පාලනය කිරීමට බැරිව තිබූ අන්තිම මොහෙතේදී පිටරට සහාය පැතුවා. ඒත්, ඒ වනවිට ගින්නේ උච්චතම අවස්ථාවට පැමිණ තිබුණා. ඒ වනවිට නම්, බොහෝ උනන්දුවක් තිබුණා වැඩේට. ඒත් ඒ වෙනකොට ගින්න මුළු නැවම ගිනිබත් කොට තිබුණා. එය සමහර දෙනා හැඳින්වූයේ ගින්න පාලනය කරා කියලයි. ඒත්, ගින්න දන්නවා පාලනය කළ හැටි. සිදුවූ පරිසර හානිය, පාරිසරික විපත්තිය මෙතෙකැයි කියා තක්සේරු කළ නොහැකියි. දැන් පෙරහැර ගියා. දැන් මොනවා කළත්, කීවත් කිසිඳු වැඩක් ඇත්තේම නැහැ. දැන් තම තමන්ව රවටා ගැනීමට හා රට රවටන්නට මොනවා කිව්වත්, කළත් කිසිඳු වැඩක් නැහැ. සිදුවූ පරිසර හානිය නැවත ආපසු කිසිවිට හැරවීමට බැහැ. එහි අහිතකර පාරිසරික බලපෑම කිසිම විටෙක වළකන්නට බැහැ. ගිය නුවණ ඇතුන් ලවා හෝ අද්දවන්නට බැහැ. පිරිසිදු සත්‍යය එයයි.

:       2       506

බද්රානි Monday, 14 June 2021 08:22 PM

ලංකාවේ තක්කඩි හොර නඩය සැලසුම් කරලා මේ මහත්මයාවත් අමාරුවේ දැම්මා. මේ හොර තක්කඩියන්ට වුවමනා කළේ රක්ෂණ වන්දි මුදල් කොල්ලකෑම විනා ගින්න නිවා දැමීම නොවෙයි. ගැඹුරු මුහුදට නැව රැගෙන නොගියේ ඒ නිසයි. හැකිනම්, මේ හොරුන්ගේ ග්‍රහණයෙන් මිදිලා ඔබගේ රටට පලා යන්න මහත්තයෝ... නැත්නම්, මොවුන් ඔබගේ ජීවිතයටත් තර්ජනය කරමින් මුදල් ගසා කාවි. මොවුන් ඒ තරමටම ම්ලේච්ඡයි..

:       56       907

KanchanaTuesday, 15 June 2021 09:17 AM

මමත් හිතන්නේ එහෙමයි, එක වතාවක් ගින්න නිමපු වේලාවේ හේතුව හොයලා තත්වය තහවුරු කරන්න තිබුණා නේද? දැන්වත් නැවේ තෙල් ඉවත් කරන්න මොකුත් කරන් පාටක් නෑ. එ්කත් ලීක් වෙනකම් බලන් ඉන්නවා වගේ....

:       0       119

SankaTuesday, 15 June 2021 01:18 PM

අැත්තටම හොරකම් කරලා කරලා මේ තරම් සල්ලි පොදිගහගෙන යනකොට අරන්‍ යන්නද? තව අවුරුදු ගාණකට අපේ දරුවන්ටත් අපිටත් මාලු කන්න ලැබෙන්නේ නැහැ. විශාල කැස්බෑවන් සහ මෝරුන් මැරි මැරි ගොඩ ගහනවා හැමදාම. මේක මහා සාපයක් රටට...

:       0       210

Suranjith Hannadige Monday, 14 June 2021 08:25 PM

මේ කපිතාන්වරයා කියන දේ ඇත්තක් තියෙනවා. ගිනිගන්න නැවක් ආධාර ඉල්ලුවාම පැය 16ක් තිස්සේ මොකද කළේ? එතෙක් ඉඳලත් අවසානයේ කළේ වතුර ගහලා නයිට්‍රික් ඇසිඩ් ගින්නක් නිවන්න උත්සාහ කිරීම.. මොන තරම් මෝඩ ක්‍රියාවක්ද?

:       0       204

jagath Monday, 14 June 2021 08:26 PM

නිකන් පුටින් වගේනේ...!!!

:       118       51

Raveendra Tuesday, 15 June 2021 08:32 AM

අපි ඔය විදියට බොත්තමක් ඇරන් උසාවියට ගියා නම් බලන්න තිබ්බා. අවුලක් නෑ ඉතින්... මෙයාට සර්ලා හොඳට සලකයි මේ වගේ චාන්ස් එකක් හදලා දුන්නාට....

:       107       25

ඔබේ අදහස් එවන්න

 

දියත

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 383 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 281 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 456 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1375 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 1120 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1522 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 200 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 463 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site