(සුජිත් හේවාජුලිගේ )
ගිනි ගෙන ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමුවෙල් ලොස්කොවිට්ස් මහතා සිද්ධියෙන් පරිසරයට වූ විනාශය සම්බන්ධයෙන් මෙරට ජනතාවට සිය කණගාටුව පළ කරයි.
ඔහු මෙසේ කනගාටුව පළකර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ මාධ්‍යයකට සිය අදහස් දක්වමිනි .
සිද්ධියෙන් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන වෘත්තියට සහ පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සමාව සහ කණගාටුව කනගාටුව ප්‍රකාශ කරන බවද ඔහු සඳහන් කරයි.
"මෙම සිදුවීමෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන වෘත්තියට සහ පරිසරයට ඇති වූ හානිය සම්බන්ධයෙන් මම කැමතියි මගේ කණගාටුව ශ්‍රී ලංකා ජනතාවට පළ කිරීමට. සිදුවීම වාර්තා වුණාට පස්සේ අපි මේ සම්බන්ධ විශේෂඥයන් සමඟ සම්බන්ධ වුණා .නාවික ඉන්ධන මගින් සිදුවන පරිසර දූෂණය සඳහා වන ජාත්‍යන්තර අරමුදල සමඟත් අපි වැඩ කරනවා . නමුත් මෙතෙක් නැවෙන් ඉන්ධන කාන්දු වන බවට මෙතෙක් හඳුනාගෙන නැහැ"
"නැවට සිදු වූ හානිය තක්සේරු කිරීම තවම අමාරුයි. අපි නැව රක්ෂණය කරලා තියෙන්නේ. ඒ නිසා අපේ ආයතනයට වන මූල්‍ය පාඩුව ඉතාම අඩුයි . ශ්‍රී ලංකාවට දිය යුතු වන්දිය ගැන තක්සේරු කරගෙන යනවා . නමුත් මතක තබා ගත යුතුයි .ඒක දීර්ඝ ක්‍රියාවලියක් . මෙම සිදුවීම නිමවීමෙන් අනතුරුව එහි හානිය තක්සේරු කළ යුතුයි. අපි මේ වනවිට ශ්‍රී ලංකා බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගනිමින් සිටිනවා .සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එකතුවෙලා අවශ්‍ය කටයුතු කරනවා. මේ වන විටත් වෙරළ පිරිසුදු කිරීම අරඹලා තියෙන්නේ. අපි ඒ සඳහා අවශ්‍ය උපකරණ සපයා දුන්නා"
"මේ වන විට නෞකාවේ කොටසක් ගිලිලා තියෙන්නේ.ඒ වගේම ඒක දැන් මීටර් විසි එකක් විතර ගැඹුරු මුහුදු පත්ලේ වැදිලා තියෙන්නේ .අනෙක් කොටසුත් ගිලෙනවා අපිට පොඩ්ඩක් ඉන්න වෙනවා නෞකාව සම්පූර්ණයෙන් මුහුදු පත්ලට ගිලෙනකම්. ඉන් පසුවයි කළ හැකි දේ ගැන බලන්න වෙන්නේ. මේ වන විට ගැලවුම්කාර විශේෂඥයන් මේ ගැන සෙවිල්ලෙන් ඉන්නේ "
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකා සමාගමේ අධ්‍යක්ෂ දැඩි කණගාටුවෙන්
එරාන් Friday, 04 June 2021 02:11 PM
ලංකාවේ ඒජන්තයා හැන්ගිලාද එළියට එන්නේ නැත්තේ... ?
pakeer Friday, 04 June 2021 03:37 PM
මොනවා වුණත් ජෙන්ට්ල්මන් කෙනෙක්...
බද්රානිFriday, 04 June 2021 06:01 PM
ඒ කතාව නම් ඇත්ත මහත්තයෝ, ඔයාලගේ රටේ නරුම පාලකයින්ට වඩා, ඒ මහත්වරු නියම ජෙන්ට්ල්මන්ලා තමයි. ඒකනේ ඒ අයගේ රටේදී නැව් වලට ගිනි තියාගෙන ඒ ගොල්ලන්ගේ මුහුද විනාශ නොකරගෙන ලංකාවටම ඇවිල්ලා නැව් වලට ගිනිතියාගෙන රක්ෂණ වන්දි ගන්නේ... අපේ අයටත් හොඳට වාසි වෙයි ඒ වන්දි මුදලින් නේද? පරිසරය කන්නද? මහත්තයෝ, අපට ඕනෑ සල්ලිනේ, නේද?