IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


එක මන්ත්‍රීවරයෙක් තෝරන්න කෝටි පහක්

(විනීතා එම් ගමගේ)

           

මෙවර මහ මැතිවරණයේ තරග වදින අපේක්ෂකයන් අතරින් එක් ජනතා නියෝජිතයකු පත් කර ගැනීමට මහජන මුදලින් රුපියල් පන්කෝටි දසලක්ෂයකට ආසන්න මුදලක් වැය වන බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.

මේ නිසා අපේක්ෂකයින් අතරින් ඉතාමත්ම  නිවැරදි අපේක්ෂකයන් තෝරා යවන්නට ඡන්ද දායකයින් පියවර ගත යුතු යැයි එම සංවිධානය අවධාරණය කරයි.

මෙවර මැතිවරණයේ දී රුපියල් කෝටි දහසකට ආසන්න මුදලක් වැය වන බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන අතර එම මුදල වැයකර පවත්වන මැතිවරණයේ දී තෝරාගනු ලබන්නේ අපේක්ෂකයින් 196 දෙනෙකු බවත් ඒ අනුව එක් අපේක්ෂකයකුට වැය වන මුදල රුපියල් පන්කෝටි දසලක්ෂයක් වන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (12) පැවසීය.

මේ තත්ත්වය යටතේ ජනතාව අවදියෙන් සිටිය යුතු බවත් අශ්වයින් මිස පෝනින් තෝරා පත් කරන්නට ජනතාව කිසිසේත්ම කටයුතු නොකළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව රටක ප්‍රතිපත්ති සම්පාදන ස්ථානය මෙන්ම රටේ ඉදිරි ගමන තීරණය කරන ස්ථානය ද වන බැවින් ප්‍රතිපත්ති සම්පාදනයට සහභාගී නොවන, පාර්ලිමේන්තුවේ ගරුත්වය නොරකින කිසිවෙකු එහි නොයවන්නට ඡන්ද දායකයන් වග බලාගත යුතු යැයි ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එමෙන්ම මහජන මුදල් විනාශ කළ, වංචා දූෂණවලට ගෑවුණු පිරිස් ප්‍රතික්ෂේප කිරීමට ද මෙවර මැතිවරණයේ දී ඡන්ද දායකයන් වග බලාගතයුතු යැයි ඔහු සඳහන් කළේය.  



අදහස් (4)

එක මන්ත්‍රීවරයෙක් තෝරන්න කෝටි පහක්

sena Sunday, 12 July 2020 11:57 AM

ඒ විතරක්ද? තේරුණාට පස්සේ ඒ මනුස්සයා සහ සනුහරේ නඩත්තු කරන්න ඊළඟට හොරාකන සල්ලි කෝ? කොච්චර නම් මහජන මුදල් නාස්තියක්ද? 

:       0       0

Dasuni Sunday, 12 July 2020 08:26 PM

සත පහක්වත් වටින්නේ නැති අය තෝරන්න කෝටි 5ක්. දෙවියනේ, මෙහෙම රටකට හරියයිද?

:       0       0

Denin Monday, 13 July 2020 03:02 AM

ඔය එක්කෙනෙක් නඩත්තු කරන්නත් ඔය සාමාන්‍ය මුදලක් යනවා නේද.?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 July 2020 03:09 AM

ප්‍රවෘත්තියේ පෙන්වා දෙන සත්‍යය මේ රටේ බොහෝදෙනාට අවබෝධ වෙනවාදැයි සැකයක් තිබෙනවා.. ඒකට හේතුව නම්, මේ කාලයේ පක්ෂ නිසා හිස අවුල් කරගෙන සිටින බොහෝ දෙනාට නිරවුල් මනසකින් යුතුව අශ්වයින් හා පෝනියන් කවුදැයි නිවැරැදිව හඳුනා ගැනීමට පුළුවන් වේදැයි සැකයක් තිබෙනවා ... තමන් තේරුවේ වැරදි කෙනාද නිවැරදි කෙනාද යන්න ඔවුන්ට අවබෝධ වෙන විට පෙරහැර ගිහින් අවසන් .... එදාට කුමක් කරන්නද .. ? එදාට වෙන්නේ බැන බැන සිටින්නයි .. මෙය කොයි දේශපාලන පක්ෂය ටත් සාධාරණයි ...

:       0       37

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 627 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 510 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 128 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1753 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site