(අංජුල මහික වීරරත්න)
එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.
නීති සැකසීම පාර්ලිමේන්තුවට අයත් කාර්යයක් බවත් මෙය රටේ එකමුතුකමට හානියක් වන කාරණයක් වන හෙයින් එක් රටක් එක් නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය වහාම අහෝසි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දෙන බව කියන එක්සත් ජාතික පක්ෂ මෙසේද සඳහන් කරයි.
නිදහස් ලංකාවක් බිහිවීමත් සමග ආග්‍රමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මහතා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් බිහි කළ අතර සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජනතාව එක් අනන්‍යතාවයකින් ඉදිරියට ගමන් කිරීම අපගේ ජාතික ගීයේ ‘එක මවකගේ දරු කැල බැවිනා‘ යන වචන තුළින් අර්ථ ගැන්වුනා. එමෙන්ම අපගේ ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ජේදයේ ද එය සඳහන් වී තිබෙනවා.
ඒ අනුව අපට ඇත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුළ ඉදිරියට ගොස් අඩුපාඩු සකසා ගැනීමයි. එම නිසා එක් රටක් එක් නීතියක් සදහා පත්කළ ජනාධිපති කාර්යසාධන බලකාය ඊට පටහැනි වනවා යනුවෙන් ද එක්සත් ජාතික පක්ෂය පවසයි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘එක රටක් එක නීතියක්’ බළකාය ව්‍යවස්ථා විරෝධීයි
චන්දන Monday, 08 November 2021 06:08 PM
අනේද කියන්නේ?. යහ පාලනය කාලෙ තිබුණේ මොන නීතිය ද කියල කියනවද?
BamaunuarachchiTuesday, 09 November 2021 08:21 AM
ඒ කාලේ මුස්ලිම් අයට එක නීතියකුත් සිංහලයින්ට එක නීතියකුත් තිබුනා. මුස්ලිම් අයට හෙල්මට් නැතිව මෝටර්සයිකල් යන්න පුළුවන් සිංහලයෝ ගියොත් අල්ලනවා.
sujeewaTuesday, 09 November 2021 09:44 AM
ඇයි අර පාර්ලිමේන්තුවේ සියළු ස්ථාවර නියෝග අත් හිටුවලා, ජනමතය නොසලකා සූත්තර පුංචලා ඒහෙන් මෙහෙන් අස්සෙන් රිංගලා කතානායකට මොකක්ද ලේඛණයක් දීලා දෙන්නා ලස්සන නාඩගමක් නැටුවේ. ඒ්වා ව්‍යවස්ථානුකූල මගඩි. හැබැයි ජනමතය විමසන්න ගියහම ඒ්ක ව්‍යවස්ථා විරෝධියි. ඔය කවුරුත් නෙවෙයි බලවත් ජන මතයයි බලවත්. මේ බලකායෙන් කෙරෙන්නේ ඒ් ජන මතයට ඉඩක් දෙන ඒකයි. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් මේක.
අප්පුහාමි Monday, 08 November 2021 06:15 PM
1956 මැතිවරණය අවස්ථාවේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම ජනමතය වුණා.. එහි ප්‍රතිඵලයක් ලෙස අවුරුදු තිහක යුද්ධයෙන් රටම බැට කෑවා. අනාගත පරපුරට එවැන්නක් කිසිම දවසක නොවේවා.. ඇත්තටම පාර්ලිමේන්තුවේ කළයුතු කටයුත්තක් මෙලෙස සිදුවීම සුදුසු නැහැ .
BamunuarachchiWednesday, 10 November 2021 03:47 PM
අප්පුහාමි නමින් ඉන්නේ දෙමලෙක්ද හම්බයෙක්ද? මට තිබෙන ලොකුම ප්‍රශ්නය එ්කයි.
Anton Monday, 08 November 2021 06:29 PM
මේ කාර්ය සාධක බලකාය හැදුවේ සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස විමසලා යෝජනා ඉදිරිපත් කරන්නලුනේ... ඒ අදහස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තමයි සම්මත කරන්නේ. මේ අය මේ වල කපන්නම බලාගෙන ඉන්න හදන්නේ... ආණ්ඩුව හොඳ දෙයක් කියලා කරන්න හදන්නේ මෙච්චරයි. ඒකටත් වල කපනවා කාලකන්නි...
kaluwadewa Monday, 08 November 2021 06:47 PM
නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති කොට්ටාස 3 කට නීති 3ක් ලබාදී මුළු රටම අවුල් කර ඇත.
අප්පුහාමි Tuesday, 09 November 2021 06:24 AM
පලමු අගමැති කොටස් තුනකට දුන් නීති තුන මොකක්ද කලුවදේව.උතුරේ තේසවලාමේ හැදුවෙ ඉංග්‍රීසි ජාතිකයින් කියලා අසා තියෙනවා මම හිතන්න නිදහසට පෙර නීති මොහු පටලවා ගෙන කියලා .කොහොමත් පළමු අගමැති සුද්දාගේ වතු සේවකයින් ගෙන යාමට ඉඩ නොදීම රටටම ප්‍රශ්නයක් වුනා කියන්න පුළුවන්.බුරුමය නිදහස ගනිද්දී වතු සේවකයින් ආපසු යැව්වා
SIRIPALA Monday, 08 November 2021 08:12 PM
එකම ජාතික ගීය වෙනත් භාෂාවකින් ගායනා කිරීමට අවසර නොදෙන රජය මෙවැනි එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම අරමුණක් නොවේ...
ජල්තර Tuesday, 09 November 2021 07:05 AM
දුර දිග බලලා, රටට වැඩදායක දෙයක් ගැන හිතලා හොඳ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් එක මිනිහෙක් අද එ.ජා.ප. යේ ඉන්නවද ? එකෙක් නෑ... කට්ට රනිල් පස්දුන් රටෙන් පස් ගෙනල්ලා කස්ටියත් එක්ක කෝම්පිට්ටු හැදුවොයි නාකද..?
Bamunuarachchi Tuesday, 09 November 2021 08:30 AM
ජනාධිපති තුමනී 2/3 ප්‍රයෝජනය ගෙන ව්‍යවස්ථාව වෙනස් කර හෝ බලකාය ස්ථාපිත කරන්න. නැතිනම් මේ සජබේ අය බලයට ආවොත්මුලු කැබිනට් එකම ඉවරයි. එහෙම අපතයෝ ජාතියක්.