70 දශකයේ ගුවන් විදුලියේ ප්‍රබුද්ධ ගීත අතරේ නැසීගිය සංගිතඥයකුවූ ෂෙල්ටන් පෙරේරා ගයන ජනප්‍රිය ගීතයක් නිතර අසන්නට ලැබුණි. එම ගීතයේ පද වැල් වූයේ “එගොඩහයන්නෝ මොගොඩහ යන්නනෝ තව කවුරුද එන්නේ” යන ගීතයයි. මේ ගීතය අපේ සංසාරගමනට හොඳම පෙරවදනක්. අපේ ජීවිතය නිතර එගොඩහ මෙගොඩහ යන ස්වභාවයක් ගන්නා බව බුදු දහමේ නිර්මල සත්‍යයයි. එයට තවත් ඌනපූර්ණයක් එක් කරමින් පසුගිය 29 වැනිදා අප අතරින් අප සමග උරෙන් උර ගැටී එකටම ජීවත්වූ අපේ සහෘදයෙක් අප අතරින් වියෝවිය.
ඔහු අඹේපුස්ස ලියනගේ කුලරත්න පෙරේරා හෙවත් ඒ.එල්.කේ. පෙරේරාය. අපි ඔහු හැදින්වූයේ ඒ.එල්.කේ. යනුවෙනි. පෙරේරා මහතා මුලින්ම දැන හැඳින ගත්තේ 90 දශකයේ දිනපතා ලංකාදීපයේදීය. අපි එකල සේවය කළේ දෙමහල් පැරැණි ගොඩනැගිල්ලකය. එම ගොඩනැගිල්ල තුල ඒ.එල්.කේ. පෙරේරා මහතා මට හමුවුයේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ වරයකු ලෙසය. බොහෝ දිනවල කල් ඇතිව මා ළඟට විත් ගමගේ හෙට හොඳ කතාවක් හොයාගෙන තියා ගන්න ලීඩ් කරන්න. ඒ ඔහුගේ පුරුද්දය. මමත් ඔහුට අවනතවී කෙසේ හෝ හොද කථා දෙක තුනක් සොයාගෙන ඉන් එක් කතාවක් ඔහුට විස්තර කළ විට ඒකමරු ටක් ගාලා ලියල ගන්න යයි කියමින් ඔහු මා ළඟට විත් ලියන ලියන පිටුව ගෙන වැරැදි සකස් කර සැකැස්ම අමුතුවෙන් ලියා ප්‍රධාන පුවත ලෙස සකස්කර ගනියි. එසේ වැඩ අවසන් කර මා ළඟට විත් නියමයි කියා සිනහවක් දමා අද මඩ මොකුත් නැද්ද? යි අසන්නේ සැහැල්ලුවෙනි. බොහෝ විට අපි මඩ හදන්නේ ඇබාටය. එවැනි මඩ ඔහුට කියන විට ඔහුට ඉවසාගත නොහැකි සිනහවක් ඇතිවෙන අයුරු මට දැනුත් මැවී පෙනෙයි.
ඒ.එල්.කේ. පෙරේරා මහතා යනු අපි වචනයේ පරිසමාප්ථර්ථයෙන්ම අතිශය සරල සුන්දර මිනිසෙක් විය. මා ඉහතින් දැක්වූයේ ඔහුගේ රාජකාරි ජිවිතයේ ඔහු ප්‍රවෘත්තිවලට පෙම් බැඳි ආකාරයයි. ඔහු නිරහංකාර අනුන්ට හිංසා නොකළ තමන්ගේ දිවි පැවැත්ම හොඳින් ගෙනගිය පුද්ගලයෙක් විය. කෙනකුගේ දුකේදිත් දුකටපත් පුද්ගලයාට ඔහු කිට්ටුවී ඔහුට උත්තේජනයක් වන්නට වෙර දැරූ පුද්ගලයෙකි. ඔහු දිනපතා ලංකාදීපයේ සිට ඉරිදා ලංකාදීපයට මාරුවී ගිය පසු ඒ.එල්.කේ. පෙරේරා මහතා ඉන්පසු අප සොයා අවේ ප්‍රහස්පතින්දා දිනවලය. ඒ ඉරිදා ලංකාදීපයට අවශ්‍ය ප්‍රවෘත්ති සකස්කර ගැනීමටය. අපි පුළුවන් අයුරින් ඒ සඳහා අවශ්‍ය ප්‍රවෘත්ති සපයා දුන්නෙමු. ඔහු ඊට ස්තුතිය පළ කිරීම නොවලහා සිදු කරන්නේ ඔහුගේ රාජකාරියටත් එහා යමිනි.
ඔහු නිතරම විනෝදයට පුදුමාකාර ඇල්මක් දැක්වූ පුද්ගලයෙක් විය. විවේකයක් ලැබුණු විට අප හා සමීපවී යෙදෙන අල්ලාප සල්ලාපයන් වලින් අපමණ සතුටක් විඳින පුද්ගලයකු ඇත්නම් ඒ ඒ.එල්.කේය. ඔහු තරම් ඒවායින් ප්‍රිතිවූ තවත් පුද්ගලයෙකු නැති තරම්ය.
ඔහු පසු කාලයේදී හදිසියේ රෝගාතුරවිය. එසේ රෝගාතුර නොවන්නට ඔහු අදටත් ජීවතුන් අතර යයි මට සිතේ. එත් මිනිසුන්ට වැළඳෙන රෝගාබාධ මිනිසුන්ගේ ජීවිතය කෙටි කරවන සුළුය. ඒ.එල්.කේ. ගොදුරු වූයේත් එවැන්නකටය. ඒ අපේ ජීවිතවල ස්වභාවයයි.
මෙලොවට ආවොත් මොලොවින් නික්ම යා යුතුමය. මේක සොබාදහමයි. සොබාදහමට අපි අනිවාර්යෙන්ම අවනත විය යුතුය. ඒ.එල්.කේ. පෙරේරා පුවත්පත් කලා ජීවිතයේ බෙහෙවින්ම හොඳ බීජයක් වපුරා හොඳ අස්වැන්නක් නෙළා ගත් මාධ්‍යවේදියෙක් විය. හොඳ මාධ්‍යවේදියෙක් යනු කලාන්තරයක් මතකයේ රැඳෙන පුද්ගලයකු විය යුතු වෙයි. ඒ.එල්.කේ. එවැනි පුද්ගලයෙක් විය. ඔහු බොහෝ කාලයකට අප අතරින් අමතක නොවේ. ඒ.එල්.කේ. පෙරේරා මහතාණෙනි.
රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
“එගොඩහයන්නෝ මොගොඩහ යන්නනෝ තව කවුරුද එන්නේ”