(විනීතා එම් ගමගේ)
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහය පළ කරමින් ඊට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව පෙරේදා (18) රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව කී මන්ත‍්‍රීවරයා ආණ්ඩුවේ කිසිදු ඇමති කමක් භාර නොගන්නට එහි දී තීරණය කළ බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් එජාප විරෝධී පෙරමුණක් හදමින් සිටින අවස්ථාවක පිදුරු ගහේ එල්ලී සිටින එජාපයට ඔක්ෂිජන් දෙන්නට තැත් කරන ශ්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ගැන විනය පරික්ෂණ පැවත්වීමට ඒකමතිකව තීරණය වී යැයි ද අලූත්ගමගේ මහතා කීය.
දෙමළ ජාතික සන්ධානයේ පිහිටෙන් ආණ්ඩු හැදීමට කටයුතු කළ එජාපයට එයින් මිදී බහුතරය පෙන්වීමට හැකිවන්නේ එහි එක්වන ශ්‍රීලනිප මන්ත‍්‍රීවරුන් නිසා බවත් එසේ ඔවුන්ට එක්වීම මහා පාවාදීමක් වන බවත් හෙතෙම කියා සිටියේය.
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
එජාපයට ගිය අයට එරෙහිව විනය පරීක්ෂණ
දිමුත් Wednesday, 19 December 2018 09:07 AM
ඇයි දැන් ඔයගොල්ලෝ පොහොට්ටුවේ නෙමෙයිද?
Maalaka Wednesday, 19 December 2018 09:17 AM
මෙයාගේ නඩුව කවද්ද.?
අසංක Wednesday, 19 December 2018 09:20 AM
එතකොට පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා ගිහින් පොහොට්ටුව එකතු වෙච්ච අයට විනය පරික්ෂණ නැතෙයි.
Don Wednesday, 19 December 2018 09:26 AM
SLFP එකෙන් පොහොට්ටුවට ගිය අයටත් විනය පරීක්ෂණ වගේම පාර්ලිමේන්තුවේ ආසනත් අහිමියි
samal Wednesday, 19 December 2018 09:29 AM
එතකොට අර පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත අයද වෙන පක්ෂෙක විනය පරීක්ෂණ තියන්නේ .. මම මේ දන්නේ නැති නිසා අහන්නේ ..
sirimal Wednesday, 19 December 2018 09:39 AM
මෙයා විනය පරීක්ෂණ තියන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් වෙලා ඉන්න එපායැ. අරයට පස්ස දොරෙන් අගමැතිකම ලැබුණු හැටියේ උඩ පැනගෙන පොහොට්ටුවට ගියේ... දැන් විනය පරීක්ෂණ නෙවේ... මන්ත්‍රීකම බේරාගන්න පරීක්ෂණ තියන්නයි වෙන්නේ...
Saththaya Wednesday, 19 December 2018 09:52 AM
විනය පරීක්ෂණ කළයුත්තේ ත්‍රස්තවාදීන්ට එරෙහිවයි. ඒ කියන්නේ රටට ද්‍රෝහීවූ අයටයි. නීතියට පිටින් යන අයටයි. ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් සමාජ සේවයක් කරන්න යන අයට නෙමේ...
වලහප්පෙරුම Wednesday, 19 December 2018 10:56 AM
විනය පරීක්ෂණ තර්ජනය නිසා ලොක්කට ගෙදර යන පාරත් හදන්න ඉඩ තියෙනවා...
Arjuna Ranawana Wednesday, 19 December 2018 12:21 PM
මගේ නඩු කල්ගියානේ ...
chanak los angeles Thursday, 20 December 2018 06:50 AM
ලොක්කට කීවද මීටපස්සේ කුස්සි දොරවල් වලින් ගෙවල් වලට ඇතුල් වෙන්න එපා කියලා ?