IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


එජාපයෙන් ගිය අයට යළි දොර ඇරේ

(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්වූ ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා ඇතුළත් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට යළිත් පක්ෂයට එක් වීම සඳහා අවස්ථාව දීමට එජාපය තීරණය කර තිබේ.
පක්ෂය මේ තීරණය ගනු ලැබූවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.
එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජන බලවේගයට එක් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 44 දෙනෙක් යළි එජාපයට පැමිණි බවත් තවත් මන්ත්‍රීවරුන් 18 දෙනෙක් පක්ෂයෙන් ඉවත් කළ බවත් කෘත්‍යාධිකාරීමණ්ඩල රැස්වීමේ දී අනාවරණය විය.
යළි පක්ෂයට එක් වීමට කැමති පළාත් පාලන මන්ත්‍රීවරුන් ගැන තීරණයක් ගැනීමට එජාප සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් වෙත පැවරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන දෙවන පියවර යටතේ ප්‍රධාන තනතුරු දරන්නන්ට වගකීම් ලබා දීමේ බලය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළේය .පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා වගකීම් බෙදා දීමත් සමඟ අංශ ගණනාවක් ඔස්සේ  ප්‍රතිසංවිධානය දෙවන පියවර ඇරඹේ.
ඊට අමතරව සංවිධායකවරුන් පත් කිරීමේ නිර්දේශ නායකත්වයට දීම සඳහා කමිටුවක් ද පත් කරනු ලැබීය.
පළාත් සභා මැතිවරණයේදී  කාන්තාවන්ට එජාප අපේක්ෂක ලැයිස්තුවෙන් 25% ක් වෙන් කිරීමේ යෝජනාවට ද කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමි විය. 



අදහස් (4)

එජාපයෙන් ගිය අයට යළි දොර ඇරේ

Hafeel Thursday, 11 March 2021 08:10 AM

ගිලපු නැවට කාට හරි නගින්න පුලුවන්ද? ඔය නැව ගිලිලා ඉවරයි. ලැබිච්ච එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරවන්න පක්ෂයක්.

:       3       6

sunil Thursday, 11 March 2021 10:56 AM

බංකොලොත් භාවයක තරම...

:       2       1

nm Thursday, 11 March 2021 12:02 PM

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්වූ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ සහ බොහෝ දෙනෙකුගේ බලවත් ඉල්ලීම මත එජාපයෙන් ගිය අයට යළි දොර විවෘත කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත...

:       0       1

NM Saturday, 13 March 2021 03:59 PM

එක්සත් ජාතික පක්ෂය 2024 රජයක් පිහිටුවීමේ අරමුණ සාර්ථක කිරීම සදහා සහ ඉදිරි රජයේ 75% නවක යන සදහා වෙන් කිරීම සුදුසු වේ. එමෙන්ම රට තුල කරගෙන යන්නාවූ සංවිධාන කටයුතුවල දී ජනතව දනුවත් කල යුතුවන්නේ ඉදිරි මැතිවරණයේදී රට වෙනුවෙන් රටේ නනගත පරපුර වෙනුවෙන් තරුණ දක්ෂ කණඩායමක් පාර්ලිමේන්තුවට පත් කිරීමට කට යුතුකරන ඉල්ලීම ජනතවට ලබාදිය යුතුවේ. දුෂිත චෝදනලද සහ පක්ෂවලින් පනින්නාවූ සහ නායකත්වයට එරෙහි සියලු දෙනාට ඉදිරියෙද අවස්ථාවන් ලබාදිය යුතු නොවේ. එක්සත් ජාතික පක්ෂය සක්තිමත් කිරීමට නම් ආරම්බයේ සිටම මෙම පණිවුඩය ජනතවට සහ පක්ෂයේ තනතුරු ලබා සිටින කණ්ඩායම දැනුවත් අවිය කරුණකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 403 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 140 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 152 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 599 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 200 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 636 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site