(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය සමඟ සාකච්ඡා කිරීමට සමගි ජනබලවේගය කිසිදු සූදානමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද (28) පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක් පත්වන්නේ නම් පමණක් සාකච්ඡා සඳහා සළකා බලන බවද අබේසිංහ මහතා සඳහන් කළේය.
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
සමගි ජනබලවේගය හා එක්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සියලු පාක්ෂිකයන්ට විවෘත ආරාධනාවක් කරන බවද අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
එජාපය සමග කතා නායකත්වය වෙනස් වෙනවානම් පමණයි
vinivida Friday, 28 August 2020 10:16 AM
පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්ද ලක්ෂ 55ක් ලැබුණි. සජිත් පක්ෂයෙන් වෙන්වී සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලා සිටි විට ඡන්ද ලක්ෂ 26ක් ලැබුණි. එම නිසා කවුරු මොනවා කිව්වද තවම ලක්ෂ 28ක ප්‍රමාණයක් පාක්ෂිකයන් අලියා සමග සිටි ඔවුන් කිසිදිනෙක පක්ෂය මාරු කරන්නේ නැත. පක්ෂයෙන් මොන ජගතා වෙන්ව ගියද පාක්ෂිකයා ඔවුන්ගේ ප්‍රතිපත්ති සිට කටයුතු කරනු පෙනේ. සජිත්ට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යම පුද්ගලයකු නොවන බව මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනේ. මැතිවරණයට පෙර සජිත් සහ කණ්ඩායම කියා සිටියේ සියලු එක්සත් ජාතික පාක්ෂිකයන් සිටින්නේ සජිත් සමග බවයි. නමුත් එය සත්‍ය නොවේ. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යවන්නේ තරුණ නායකයෙකි. නමුත් සජිත් යලි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කොට ගෙන පක්ෂයට ගමන් නොමැත. යළිත් පක්ෂයට අර්බුද අවශ්‍ය නොමැත...
Hafeel Friday, 28 August 2020 10:53 AM
ඉතින් ඔය ලක්ෂ 28 ඇයි ඡන්ද පොළට නොගියේ? ඔතන ප්‍රශ්නය තියෙන්නේ පක්ෂයක් එක්ක නොවේ. රනිල් කියන ඒකාධිපති නායකයාත් එක්ක.
vinivida Friday, 28 August 2020 01:48 PM
ප්‍රශ්නය තිබෙන්නේ රනිල්ගේ නොව, පක්ෂ නායකයා පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලබා නොගැනීමට නොහැකි සහ ඔවුන්ගේ පුද්ගලික අරමුණු ඉටුකර ගැනීමට නොහැකි පිරිස පක්ෂය තුළ අර්බුද ඇතිකර තිබේ. රනිල් වෙන නායකයන් මෙන් වටේ ඉන්න පිරිස සහ මන්ත්‍රීවරුන් නලවන නායකයෙක් නොවේ. ඔහු ප්‍රතිපත්ති මත දේශපාලනය කරන්නා වූ නායකයෙකි. මේ වනවිට ඔබ දන්නා පරිදි ඔවුන් පක්ෂයෙන් පිටව ගොස් ඇත. ලක්ෂ 28 ඡන්දය සජිත්ට නොදුන් හේතුව කුමක්ද?
de silva Friday, 28 August 2020 02:41 PM
ඔය කියන ලක්ෂ 28 ඡන්ද පොළට ගොස් පුරුදු පරිදි අලියාට කතිරෙ නොගහ ගෙදරට වෙලා හිටියේ රනිල්ගේ නායකත්වය නොපිළිගන්නා නිසා බව... සාමාන්‍ය සිහිබුද්ධියක් තිබෙන සියලු දෙනාටම වැටහෙනවා.
vinividaFriday, 28 August 2020 04:55 PM
රනිල්ගේ නායකත්වය පිළිනොගන්නේ නම් ඔවුන්ට සජිත්ට ඡන්දය නොදී සිටියේ මන්ද? ඔබලා ඒ පිළිබඳව සොයාබලන්න. සජිත්ගේ හැකියාවන් ඉදිරියේදී පෙනේවි. ගෙදර ගල්ගසපු මනුස්සයා ගැන මොන කතාද? මේ වනවිට ඔහු යළි නොඑන්නටම නිවසින් පිටව ගොස් ඇත. පක්ෂය යම් පසුබෑමකට ලක්වූවද, සජිත්ලාගේ කණ්ඩායමෙන් තිබූ කරදරය අවසන්ව ඇත. සජිත් සහ කණ්ඩායම පක්ෂයට යළි ගන්නවා කියන්නේ යළි අර්බුද ගෙදරට ගෙන්වා ගැනීමකි. ඔවුන්ගේ සිහිනය සජිත් සමග යළිත් පැමිණීම සිහිනයක් වනු ඇත. අපගේ කණගාටුව පාක්ෂිකයා අසරණ වීම පමණි. නමුත් එය ඉක්මණින් අවසන් වනු ඇත.
bandara Saturday, 29 August 2020 02:10 AM
මේ ඉරයි, හඳයි එක අහසක පායන දවසක තමයි.
Bamunuarachchi Monday, 31 August 2020 02:16 AM
ඔයගොල්ලෝ මොන බම්බුවක් කරන්නද?