(බිඟුන් මේනක ගමගේ)
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර මතුව ඇති විවාදයෙන් ඔප්පුවන්නේ දේශපාලන ප්‍රචාරක වැය සම්බන්ධයෙන් කඩිනමින් නීති සම්පාදනය කළ යුතු බව යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතුවලට මුදල් කොපමණ ප්‍රමාණයක් ලැබුණේද හා ඒවා කවර පාර්ශ්ව විසින් බාරගනු ලැබුවේදැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයෙන්ම විවාදයක් මතුව ඇතැයි ද මැතිවරණ ප්‍රචාරණ නීති සම්පාදනය පමාවීම මීට ප්‍රධාන හේතුව යැයි ද ගජනායක මහතා කීය.
මැතිවරණ කොමිෂන් සභාවට හෝ වෙනත් කිසිදු අධිකාරියකට පාලනය කළ නොහැකි මැතිවරණ ක්‍රියාවලියේ ඉතාම අභිරහස් කාරණයක් බවට මැතිවරණ ප්‍රචාරක පිරිවැය පත්ව ඇතැයි කී හෙතෙම මෙය පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ද උභතෝකෝටික ගැටලුවක් යැයි අවධාරණය කර කීය.
මෙම සිදුවීම සැලකිල්ලට ගෙන දේශපාලන ප්‍රචාරණ වියදම් පාලන නීති සම්පාදනයට මැදිහත්වන්නැයි දේශපාලන පක්ෂවලට ලිඛිත ඉල්ලීමක් කරන්නේ යැයි ද ඒ මහතා පැවැසීය.
බිම් මට්ටමේ සිටින ආසන සංවිධායකයා හෝ පළාත් පාලන නියෝජිතයා පමණක් නොව අඩුම තරමින් කැබිනට් ඇමැතිවරයකු පවා මෙම ගණන් හිලව් ගැන නොදන්නේ යැයි ද දේශපාලන පක්ෂවල සමස්ත මූල්‍ය පාලනය වන්නේ දේශපාලන නායකත්වයේ අබිරහස් අභ්‍යන්තර කවයක් මගින් යැයි ද ගජනායක මහතා චෝදනා කළේය.
ඇතැම්විට මෙම මූල්‍ය පාලනයෙහි නියුතු පුද්ගලයන් අදාළ දේශපාලන පක්ෂවල කිසිදු නිලයක් දරන්නේ නැතැයි ද පවතින දේශපාලන සංස්කෘතියෙහි පක්ෂවල පහළ ස්ථරවල සාමාජිකයන්ට පක්ෂයට මුදල් ලැබෙන මූලාශ්‍ර ගැන විමසීමට කිසිදු අවස්ථාවක් නැතැයි ද ඒ මහතා සඳහන් කළේය.
දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කළ විට සමස්ත රාජ්‍ය පාලනයම මෙවැනි කණ්ඩායම් විසින් මෙහෙයවනු ලබන බවට රටවැසියාගෙන්ම චෝදනා එල්ලවන්නේ යැයි ද එනිසා දේශපාලන ප්‍රචාරක වැය සම්බන්ධයෙන් නීති සම්පාදනයට සියලු පාර්ශ්ව කඩිනමින් මැදිහත් විය යුතු යැයි ද ගජනායක මහතා කීය.
සෑම මැතිවරණයක් අවසන් වනවිටම ජයග්‍රාහකයන් වර්ග දෙකක් බිහිවන්නේ යැයි ද එක් වර්ගයක් ඡන්දදායකයන් වෙද්දී අනෙක් වර්ගය වන්නේ මැතිවරණයට මුවා වී අරමුදල් රැස්කර ඒවා මැතිවරණ යාන්ත්‍රණයට නොයොදා යටිමඩි ගසාගන්නා කණ්ඩායම් යැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මැතිවරණ ව්‍යාපාරයේ අරමුදල් රැස්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා එහි නායකත්වයට චෝදනා කළ අතර පසුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් එම චෝදනා ප්‍රතික්ෂේප කර කියාසිටියේ අරමුදල් රැස්කරනු ලැබුවේ වොක්ෂෝල් වීදිය කාර්යාලය විසින් බැවින් අනිසි භාවිතයක් වී ඇත්නම් ඒ ගැන සෙවිය යුත්තේ ද එම කාර්යාලයේ නිලධාරින්ම බවය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘එජාප අරමුදල් ප්‍රශ්නයට හේතුව මැතිවරණ ප්‍රචාරණ නීති නැතිකමයි’